රික් ඇන්ඩ් මෝටි බලමුතේ? (ස්පොයිල් නැත)
හොදයි මේක මගෙ පලවෙනි ලිපිය 😅 ඒ නිසා වැරදි කිහිපයක් අනිවාර්යයෙන් තියෙන්න පුලුවන්.
මම ලොකු Animated Series ෆෑන් කෙනෙක් නෙවෙයි. යාලුවො දෙතුන් දෙනෙක්ගෙ Recommendation එකක් නිසා Rick and Morty බලන්න පටන් ගත්තා. එපිසොඩ් දෙකක් බැලුවට පස්සෙ Full Addicted 😍 ඒ නිසා බලපු නැති පිරිසටත් මේක ගැන පොඩි Idea එකක් දෙන්න බලාගෙන තමා මේක ලියන්න ගත්තෙ. ඉතින් මේ ලිපියෙ Spoilers මුකුත් නෑ.ඔයා series එක බලන්න ඉන්න කෙනෙක් නම් මේක කියවලම බලන්න පටන් ගන්න.මේක 2013, දෙසැම්බර් ඉදන් Telecast වෙන ඇනිමේටඩ් සිට්කොම් සීරීස් එකක්. මේක බෙදා හරින්නෙ Warner Bros Television Distribution එකෙන්. Sci-fi, Black Comedy, Adventure කියන Genres වලට තමා මේ සීරීස් එක අයිති වෙන්නෙ. මුලින්ම කියන්න ඕනෙ මේක ඇනිමේටඩ් සීරීස් එකක් කියලා අම්මලා තාත්තලා එක්ක බලන්න ගිහින් ගෙදර එව්න්ගෙන් ගුටි කාලා අම්නේ අම්නේ උම්බ මොනාද අම්පිට මේ පෙන්නුවෙ කියාගෙන නම් එන්න එපා ඈ 😂මේක 18+ සීරීස් එකක් 🔞 Sexual Content, Violence එහෙම තොගයක් තියේ 😁 ඒ නිසා මේක තනියම බලන එක තමා වඩාත්ම සුදුසු.මේ සීරීස් එකේ Creatersලා විදිහට වැඩ කරන්නෙ Justin Roiland සහ Dan Harmon. සීරීස් එකේ සීසන් හතරක් ඇවිත් ඉවරයි. S5 Ongoing. පලවෙනි සීසන් එකේ එපිසොඩ් 11ක් සහ අනිත් සීසන් ඔක්කොගෙම එපිසොඩ් 10 ගානෙ තමයි තියෙන්නෙ. එක එපිසොඩ් එකක තියෙන්නෙ විනාඩි 22ක වගේ Time Duration එකක්. ඒ නිසා දවස් තුන හතරකින් සීරීස් එකම බලලා දාන්න පුලුවන්. මේ සීරීස් එක Emmy Awards දෙකක් Win කරලා තියනවා. මේකෙ Voice Actorsලා සෙට් එක ගත්තොත් Rick සහ Morty වෙනුවෙන් Justin Roiland හඩ දායකත්වය ලබා දෙනවා. ඔව් ඔව් සීරීස් එකේ Creator කෙනෙක් තමයි. හම්මෝ මන් දැනට දැකපු Perfectම Voice Acting එකක් තමා Rickගෙ Voice Acting එක 😂❤️මේ සීරීස් එක මෙච්චර Famous වෙන්නත් ඒක එක හේතුවක් කියලා තමයි මට හිතෙන්නෙ. ඊලගට Mortyගෙ තාත්තා (Jerry) විදිහට Cris Pernel හඩ දායකත්වය ලබා දෙනවා. Mortyගෙ අම්මා (Beth) විදිහට Sara Chalke හා සහෝදරිය (Summer) ලෙසට Spencer Grammer දායක වෙනවා. තව ආතල් චරිත සෙට් එකක්ම ඉන්නවා සීරීස් එකේ😂Birdperson (Dan Harmon) කියලා ඩයල් එකක් ඉන්නවා. ඌ Rickගෙ හොදම යාලුවා.ටිකක් විතර Boring පොරක්. තව ඉන්නවා Morty පරම පිවිතුරු ක්රස් එක, Jessica (Kari Wahlgren)😁❤ මේන්ලි හයිලයිට් නොවුනත් එපිසොඩ් ගොඩක හම්බෙන තව Characters සෙට් එකක්ම ඉන්නවා. ඔයාලට බලන් යද්දි හම්බෙයි.😌
කතාවෙ Characters පැත්තට හැරුනොත් මේ කතාවෙ MC (මේන් කැරැක්ටර්ස්) දෙක තමා Rick සහ Morty. අපි Rick ගැන බලමු මුලින්ම 😋ෆුල් නේම් එක Rick Sanchez. සරලව කිව්වොත් මේවා තමා චරිත. ලෝකෙට (යුනිවර්ස් එකට?😂) බම්බු ගහන්න කියලා ජීවිතේ විදින මනුස්සයෙක්. මූ දෙන සේරම ආතල් දෙන්නෙ Science වලින් 😂 Rick ටිකක් විතර වයසක Mastermind Scientist කෙනෙක්. වයසක උනාට ගලේ ගැහුවත් මැරෙන්නැති ජාතියෙ එකෙක් තමයි Rick කියන්නෙ 😂යුනිවර් එකේ ලොකු ලොකු තැන්වල Connection තියනවා පොරට. Rick කරන ගොඩක් වැඩ නිසා මුලු Universe එකට කෙලවෙන අවස්තා ගාන සුලුපටු නම් නෑ😂 පොර ආපහු කොහොම හරි ඒවා Fix කරනවා.පොරගෙම යුනික් ස්ටයිල් එකක් තියනවා කතා කරද්දි 😂ඒකනම් කියන්න බෑ බලන්නම ඕනෙ😂🙏 ඒ වගේම Rickගෙ කටේම තියෙන්නෙ F word එක and මිනිහා Always Drunken (හැමවෙලේම අඩියක් ගහගත්තු ගමන්) වගේ තමා 🍻 පොර තමන්ගෙ Experiments ඔක්කොම කරන්නෙ තමන්ගෙ ගෙදර ගරාජ් එකේ. එතන තනිකරම Lab එකක් වගේම තමයි 😂 නැති දෙයක් නෑ. Alien Dungeon (පිටසක්වල එවුන් දාන හිර කූඩුවක්) එකකුත් තියේ. හිතාගනින් ඉතින් තැන මොන වගේද කියලා 😅
![]() |
(රික්) |
ඊලගට Morty - Morty Smith. Rickගෙ මුනුබුරා.කොහොමද මූ ගැන කියන්නෙ. පොර මාරම කරුනාවන්තයි. පොඩ්ඩ ඇත්නම් හදවත උනු වෙනවා.ඒකම තමා ගොඩක් වෙලාවට උගෙ හෙනේට හිටින්නෙ 😂 ඒ උනාට ඉතින් මුට තරහ ගියාමත් ඒකෙ අනිත් පැත්ත. හොදටම නිවිලා ඉන්න එකෙක්ට තරහා ගියාම මොන වගේද කියලා උබලා දැකලා ඇති. මරාගෙන මැරෙන Level එකට එනවා Mortyට තරහා ගියපුහාම. එපිසොඩ් කීපයක්ම තියනවා Morty Aggressive උනාම වෙන දේවල් පෙන්නන. Morty තාම School යන වයසෙ පොඩි එකෙක්. ලම්සන ක්රස් එකකුත් ඉන්නවා Mortyට 😍😅 නම Jessica. ඒකිව Impress කරන්න හදන එක තමා මුගෙ වැඩේ. කොහොම හරි Rickගෙ Sidekick එක වෙන්නෙ Morty. මුලු සීරීස් එකේම තියෙන්නෙ මේ දෙන්නගෙ Adventures.
![]() |
(මෝටි) |
ඊලගට ඉන්නවා Jerry. පොර Mortyගෙ තාත්තා. මුගෙ ප්‍රධාන Enemy එක තමා Rick. පේන්න බෑ 😂 නයාට අඳු කොල වගේ තමා. එපිසොඩ් කීපයක්ම බේස් වෙලා තියෙන්නෙ දෙන්නගෙ වලිවලට. පලවෙනි එපිසොඩ් එකේ තියෙන්නෙත් මේ දෙන්නගෙ වලියක් 😂 පොරගෙ Personality එකත් ටිකක් අමුතුයි. තමන් ගැන අඩුතක්සේරුවකින් ඉන්නෙ. තමන්ගෙ Wife තමන් නිකමෙක් කියලා හිතන් ඉන්නවා කියලා තමා Jerry හිතන් ඉන්නෙ 😅 මුගෙත් ආතල්වල කෙලවරක් නෑ. ඒවා දැනගන්න නම් ඉතින් සීරිස් එක බලන්නම වෙනවා 😌
![]() |
(ජෙරී) |
Beth කියන්නෙ Mortyගෙ අම්මා. මෙයා පශු වෛද්‍යවරියක්. But මෙයා හිතන් ඉදලා තියෙන්නෙ Doctor කෙනෙක් වෙන්න. Unfortunately වැඩේ හරිගිහින් නෑ. මේකට Jerry මුලු සීරීස් එක පුරාම ඇනුම් පද කියනවා එයාට 😂🙏 මේකට නම් Bethට හොදටම තරහා යනවා 😂 අනිත් දේ තමයි මෙයා Jerryට ගොඩක් ආදරෙයි. ඒ උනාට ඒක වැඩිය එලියට පෙන්නන්නෑ. ගොඩක් වෙලාවට කරන්නෙ Jerryට බනින එක. ඒවට සාධාරන හේතු තියේ හැබැයි 😂
![]() |
(බෙත්) |
අන්තිමට ඉන්නවා Summer. මෙයා ඇවිල්ලා Mortyගෙ සහෝදරිය. මෙයා නම් සාමාන්‍ය කෙල්ලෙක් අපි හැමදාම දකින අය වගේ. මෙයා Society එකේ Popular වෙන්න කැමතියි. ගොඩක් වෙලාවට ෆෝන් එකේම තමා ඉන්නෙ. ඒ වගේම ඔයාලට මීටර් වෙයි සීරීස් එක බලන් යද්දි මෙයා කැමතියි සීයා (Rick)ගෙ Attention එක Mortyට වඩා තමන්ට ලැබෙනවට. කෙල්ලොනෙ 😂💔 ඉතිම් මේ චරිත ටික තමා මුලු Rick And Morty සීරීස් එක පුරාම ඔයාලට දැකගන්න ලැබෙන්නෙ.
![]() |
(සමර්) |
තව විශේෂ කරුනු ටිකක් තියේ මේ සීරීස් එක ගැන කියන්න.මේ ඇනිමේටඩ් සීරීස් එකට 9.2ක් වගේ ඉහල IMDB අගයක් තියනවා. ඒ වගේම Rotten Tomatoesවල 95%ක ඉහල අගයක් තියනවා. 96%ක ගූගල් පරිශීලකයන්ගෙ මනාපයකුත් ලැබිලා තියනවා. කොහොමද රේටින්ග්ස් ටික ❤️🔥 මේ ටිකම ඇති බලන එකෙක්ට මේ සීරීස් එක බලන්න ගන්න😂වැඩිම IMDB අගයක් ලැබිලා තියන Animated Show අතර උඩින්ම තියන එකක් තමයි Rick And Morty. ඉතින් වෙන මොන කතාද?😎
මේ සීරීස් එකේ Political පැත්තටත් ලොකු අවදානයක් දීලා තියනවා. එපිසොඩ් කීපයකම ඒකාධිපති පාලනය වගේ Topics කීපයක්ම කතා වෙලා තියනවා. වර්ණවාදය ගැන ලොකුවටම කතා වෙනවා සීරීස් එක ඇතුලෙ. ඒ වගේම Relationships, Emotions ගැන ලස්සනට පෙන්නන කතාවක් තමයි Rick And Morty කියන්නෙ. Rickගෙ සහ Mortyගෙ Relationship එක වෙනම ආතල් එකක්. වෙලාවකට මාර Funny තවත් වෙලාවකට Audience එකම අඬවන පට්ටම Relationship එකක්. දෙන්නා සීයයි මුනුබුරයි වගේ නම් නෙවේ ඉන්නෙ 😂කරන්න දේවලුත් ඒ වගේම තමයි. BTW මේ සීරීස් එකෙන් Husband - Wife Relationship එක හොදටම පෙන්නවා Jerry හා Beth මගින්. මේ දෙන්නගෙ හැලහැප්පීම්, ඒ දේවල් මග හැරගෙන පවුල ඉස්සරහට ගෙනියන විදිහ මාරම ලස්සනට බලාගන්න පුලුවන් අපිට. මේ සීරීස් එකෙන් ගන්න පුලුවන් Life Lessons නම් ගොඩයි ඈ.
ඒ වගේම මේ සීරීස් එකෙන් පට්ට Scientific Concept තොගයක් පෙන්නවා. Time Travel, Multiverse Theory, Portal Gun, Aliens ඒවගෙන් කීපයක් විතරයි.
ඉතින් පේනවනෙ මේක පිටින් පේනවට වඩා ගොඩක් ගැබුරු Concepts කතා කරන සීරීස් එකක් කියලා. හැම එපිසොඩ් එකක්ම වගේ ඉවර වෙන්නෙ Audience හිතන්න දෙයක් ඉතුරු කරලා 😇 ඒක Science වේවා Social Problem එකක් වේවා හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරනවා එපිසොඩ් එක අවසානයේ. මේක ඇතුලෙ කතා වෙන සමහර Concepts අවුරුදු ගනන් Study කරත් සෑහීමකට පත් වෙන්න බෑ. මාත් නොදන්න දේවල් ගොඩක් ඉගන ගත්තා මේකෙන්. සීරීස් එක බැලුවට පස්සෙ ඔයාලටම හිතෙයි මේ දේවල් ගැන තව ටිකක් හොයලා බලන්න. ඔයාලා මේ සීරීස් Fun එකට බලනවා නම් එහෙමයි ඒ ඒ Concepts හරහා තව ගැඹුරට යනවනම් එහෙමයි. කොහොම හරි මේක ඔයාලට බලන්න කියලා Highly Recommend කරනවා මම. මේක ඔයාලගෙ වටිනා කාලය වෙන් කරගෙන බැලුවා කියලා කිසිම පාඩුවක් වෙන්නෑ 😌✋ඇනිමේටඩ් පොඩි එව්න්ට කියලා ගොන් ආතල් දෙන්න එපා. Live action වලින් දෙන්න බැරි ගොඩක් දේවල් ඇනිමේටඩ් හරහා එලියට ඇවිත් තියනවා. සමහර(ක්) ඉන්නවා Anime/Animated දිහා ජරාවක් විදිහට බලන. උන් ලොරි ටෝක් දෙන්නෙ අඩුම එකක්වත් ට්‍රයි කරලවත් නෙවේ 😂🙏 උන් තමා සිරාම සාප 💔 මෙච්චර කියලත් ඔයාලා මේ සීරීස් බැලුවෙ නැත්නම් ඉතින් ඔයා කරපු පව් තමයි. ඒ වගේම Rick And Morty එකෙන් Spin Off එකකුත් එන්න තියනවා ඉස්සරහට සීරීස් එකේ ඉන්න Vindicatorsලව බේස් කරගෙන. ඒකත් අනිවා පිස්සුවක් වෙයි😌❤️
![]() |
(Vindicatorsලා) |
එහෙනම් ඉතින් තවත් ලිපියකින් හමුවෙනකන් මම ආයුබොවන් කියනවා.ජය!!! 🙏❤️
ලිපිය කියෙව්වෙ නැතත් කමන්නෑ, සීරීස් එක බැලුවෙ නැතත් කමන්නෑ. පහළ රික්ගෙ ඩයලොග් එක කියවන්න....
"Listen Morty, I hate to break it you but what people call love is just a chemical reaction. That comples animal to breed. It hits hard Morty, then it slowly fades. Leaving you stranded in a failing marriage. I did it your parents are gonna do it. Break the cycle Morty. Rise above focus on science" ❤️🔥

Nice one Joe�� මේකෙ religions වගේම philosophies වගේ දේවල් ගැනත් අවදානය දීල තියනවා. I think u missed it mchn�� awlk ne ptta��
ReplyDeleteගැම්මක් තමා❤✌
ReplyDeleteපට්ට යකෝ ❤
ReplyDeletepatta bruda 😍👌
ReplyDeleteඋබේ ලිපිය කොච්චර හොදද කිව්වොත් හෙට ඉදන් මං සීරීස් එක බලන්න පටන් ගන්නවා 🤩🤩🤩 ලිවිල්ල ගින්දර කොල්ලො.. 🔥
ReplyDeleteA/L ඉවර වෙනකං ඉවසන් ඉන්න වෙනවා 😖🥺
ReplyDeleteGammac Thama ❤🔥
ReplyDeleteCupiri
ReplyDeletePerfect
ReplyDelete