The Witcher සීසන් 02 එකේ සම්පූර්ණ විස්තර


ඔන්න ගොඩ කාලයක් විචර් ෆෑන්ස්ලා බලාගෙන හිටිය The Witcher සීසන් 02 එකේ ඔෆීශියල් ටීසර් ට්‍රේලර් එක ඊයේ ආවා.

නෙට්ෆ්ලික්ස් එකෙන් ආව ජනප්‍රියම සීරීස් වලින් එකක් තමයි The Witcher කියන්නේ. පැන්ඩමික් එක නිසා සීසන් 02 එකේ ප්‍රඩක්ශන් සෑහෙන්න කල් ගියා. ඒ නිසා තමා සීසන් 02 එන්න මෙච්චර පරක්කු වෙන්නේ. කොහොමහරි ඔන්න අලුත් ට්‍රේලර් එකත් එක්ක සීසන් 02 එක මේ අවුරුද්දේ දෙසැම්බර් 17 එනවා කියලා නෙට්ෆ්ලික්ස් එකෙන් නිවේදනය කලා.

ඊයේ (09) තිබුන Witcher Con එකේදී තමා මේ එනවුසමන්ට් එක දුන්නේ සහ ටීසර් ට්‍රේලර් එක රිලීස් කලේ

The Witcher: Season 2 Teaser Trailer



සීසන් 02 එකේ කතාව ගැන පොඩි විස්තරයක් මෙහෙමයි.. මේකෙදී ගැරලට් හිතන් ඉන්නේ Sodden වල වෙච්ච යුද්ධෙන් පස්සේ යෙනිෆර්ගේ ජීවිතය නැති උනා කියලා. ඒ වගේම Ciri කුමාරියවත් අරගෙන ගැරලට් එයා පොඩි කාලේ ජීවත් වුන Kaer Morhen වලට යනවා. ඔන්න ඔහොම තමා සීසන් 02 එක ගැන පොඩි විස්තරයක් ඊයේ එලියට ආවේ. මේ තියෙන්නේ ඊයේ ටීසර් එකත් එක්ක රිලීස් කරපු අලුත්ම First Looks 👇

Ciri & Lambert training in Kaer Morhen



Jaskier’s new look

දැනටම අපි දන්නවානේ විචර් එකේ ස්පින්-ඕෆ් සීරීස් එකක් වෙන The Witcher: Blood Origin සීරීස් එකක් එනවා කියලා. මේක ගැන විස්තරයක් අපි වෙනම ගෙනාවා. මේ ලින්ක් එකෙන් ගිහින් ඒක බලන්න 👇

The Witcher: Blood Origin සීරීස් එකේ අලුත් විස්තර

ඊට අමතර විචර් එකේ ස්පින්-ඕෆ් ඇනිමෙ සීරීස් එකක් එනවා. ඒකෙත් රිලීස් වෙන දවසත් එක්ක පොඩි ටීසර් එකක් සහ පෝස්ටර් එක ඊයේ රිලීස් කලා

The Witcher: Nightmare of the Wolf Date Announcement



The Witcher: Nightmare of the Wolf Official Poster

මේක තියෙන්නේ ගැරලට්ගේ උපදේශකයා වෙන වෙස්මියර්ගේ කතාව. අගෝස්තු 23 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා මේකත් රිලීස් වෙනවා

ඔන්න ඔහොම විචර් යුනිවර්ස් එකක් නෙට්ෆ්ලික්ස් එකෙන් හැදෙනවා. තවත් ප්‍රොජෙක්ට්ස් ඉස්සරහට එනවුස් කරයි. HBO එකෙන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් හැදුවා සහ ඒ වටේ ලොකු යුනිවර්ස් එකක් මේ වෙනකොට හදනවා වගේ නෙට්ෆ්ලික්ස්ලා විචර් එකෙන් යුනිවර්ස් එකක් හදනවා.. ලස්සන කාලයක් ඉස්සරහට එන්නේ ෆෑන්ස්ලා වෙන අපිට.

(Source - Deadline)

Post a Comment (0)
Previous Post Next Post