Must Watch Best 13 Indian Masterpieces
ඉන්දියානු සිනමාව, කාලයක් ලෝක සිනමාවේ හිනි පෙත්තටම පැමිනි සිනමා කර්මාන්තයක්. හින්දි, දමිල, කන්නඩ, තෙලිගු, මලයාලම් එකී නොකී භාශාවන් ගනනාවකින් ඉන්දියානු සිනමාව සමන්විතයි. මේ ලගක් වෙනකන්ම උන්මාදයක් වෙලා තිබුනු ඉන්දියානු සිනමාව මේ වන විට යම් පසුබෑමකට ලක් වෙලා තියෙන බව නම් රහසක් නෙවෙයි. හින්දි සිනමාව නම් Web Seriesවලින්ම ඇදන් යන පාටක් තමයි පේන්න තියෙන්නෙ.(ඉන්දියන් Web Series තාම ට්‍රයි කරලා නැත්නම් අනිවාරෙන්ම දෙක තුනක් බලන්න. Episode අටක දහයක Series එකෙන් මාර ඇරියස් තොගයක් කවර් කරලා තියෙන්නෙ.) දමිල සිනමාවත් ලොකු දියුනුවක් නම් පෙන්නන්නෙ නෑ. නමුත් මලයාලම් සහ තෙලිගු සිනමාවේනම් කැපී පෙනන දියුනුවක් මේ වෙද්දි ඇති වෙලා තියනවා. මන් මේ කියන්නෙ හින්දි සහ දමිල සින්මාවෙ හොද නිර්මාණ බිහි වෙන්නෑ කියලා නෙවෙයි. Next Level Content තාමත් ඉන්දියානු සිනමාවෙන් බිහි වෙනවා. උදාහරන විදිහට War, Syaa Narasimha Reddy, Saaho, Darbar බය නැතුව ඕනෙ තැනක කියන්න පුලුවන්. But Overall ගත්තහම උඩ කියලා තියන දේ තමයි ඇත්ත.
මේ වෙද්දි ඔය ෆිල්ම් ඔස්තාර්ලා කියා ගන්න අයගෙ තියරියක් තියනවනෙ ඉන්දියානු සිනමාවෙ ගුරුත්වාකර්ශනයක් නෑ, මල් ගස් වටේ නටනවා, වීරයා පහනකට විතර තනියම ගහනවා කියලා. ඉතින් දෙයියනේ ඒ ඉන්දියන් ෆිල්ම්ස්වල යුනික් ස්ටයිල් එක. ඕක වෙන රටක ෆිල්ම්ස්වලින් හොයන්න පුලුවන්ද??? බෑනෙ. අනික ඔය හෑලි ලියන ෆිල්ම් ඔස්තාර්ලා කොච්චර විජේටම බනිනවද. ඒ උනාට උන්ම තමා විජේගෙ ෆිල්ම් එකක් රිලීස් උනු ගමන් හුරේ දාගෙන බලන්න යන්නෙ. මොන විහිලුද මේවා. බලලා ඇවිල්ලත් දඩ හෑල්ලක් ලියනවා අපරාදෙ බැලුවෙ කියලා.
ඇති. Topic එකට එමු. දැන් දැන් වැඩිය ඉන්දියානු සිනමාවට ප්‍රේක්ෂකයන් ආකර්ශනය වෙනවා අඩුයිනෙ. මේකට නම් ලොකුම හේතුව විදිහට මම දකින්නෙ විවිධත්වය අඩුකම. අනිත් හේතුව තමයි දැන් දැන් ගොඩක් අය මසාලා මූවීස්වලට වැඩිය කැමැත්තක් දක්වන්නෑ. මේ වෝල් එක බිදින්න අලුත් සිනමාකරුවන් අතින් නිර්මාණ බිහිවුනත් ඒවා Audience යනවා ටිකක් විතර අඩුයි. මේකට හේතු විදිහට ඉතින් Budget එක තමයි ලොකුවට බලපාන්නෙ. මොකද කිව්වොත් ලොකු Directorsලා ඔය Risk එක ගන්නෑ. වැඩේ හරියන්න හෝ වරදින්න 50% - 50% තමයි ඉඩ තියෙන්නෙ. මේ නිසාම New Generation Directorsලා තමයි ගොඩක් වෙලාවට අලුත් අලුත් Experiments කරන්නෙ. But එයාලගෙ Project එකට Producersලව හොයා ගන්න එක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසාම කොච්චර Strong Script එකක් තිබුනත් වැඩේ Success කර ගන්න ලේසි වෙන්නෙ නෑ. However ඔය ඉන්දියන් ජරාව කියාගන්න සෙට් එකට තමයි මේ ලිපිය. වැඩිය ප්‍රසිද්ධියට පත් උනේ නැති ඒ උනාට Masterpiece (මාස්ටර්පීස්) Level එකේ Films ටිකක් ගැන තමයි කියන්න යන්නෙ. විශේෂයෙන්ම Wow Ending, Plot Twist එහෙම තියන Movies ටිකක් මන් තෝර ගත්තා. ඒ නිසා මෙතන තියන Movies ඔක්කොම වගේ Crime, Thriller, Action කියන Genresවලට තමයි අයත් වෙන්නෙ. ලිපිය ටිකක් දිග වෙයි. Free Time එකක් අල්ලන් කියවන්න ගන්න.
1) Dhuruvangal Pathinaaru (2016) Thriller/ Crime
Movie එක පැත්තට හැරෙමු. මේ Movie එකේ Writer වගේම Producer වෙන්නෙත් Karthik Narenම තමයි. Main Actor වෙන්නෙ Rahman. අහලා ඇතිනෙ. ඉන්දියානු සිනමාවෙ ඉහලින්ම වැජබෙන තරුවක්. Prakash Vijayaraghavan, Ashvin Kumar සෙසු චරිතවලින් එක් වෙනවා. Music Jakes Bejoyගෙන්. IMDb 8.2ක අගයක් ලබා ගත්ත මේ චිත්‍රපටය Best Tamil Movies List එකේ 35වෙනි තැන රැදී ඉන්නවා.
Suicide එකක් වගේ පෙනීයන මරනයක් වටේ තමයි Plot එක තියෙන්නෙ. මේ ගැන කරන Investigation එක Movie එකේදි බලාගන්න පුලුවන්. ඔයා Plot Twist Movies හොයන කෙනෙක්ද. මේක නම් මිස් කරගන්න එපා.
2) Evaru (2019) Thriller
හම්මෝ!!! මෙන්න බඩු ඈ. කතාවෙ මුල ඉදන් අගටම Plot Twist. බලලා ඉවර ඉවර උනාම කුඩු ගැහුවා වගේ තියෙයි. මේක තමයි මම Telugu Movie එකක දැකපු Perfectම Twist එක. ඒ වගේම මේක The Invisible Guest කියන Spanish movie එකේ Telugu Adaptation එක. වරදවා වටහා ගන්න එපා Remake නෙවෙයි. Film දෙකේ Plotවල ලොකු වෙනසක් තියනවා. Anyway The Invisible Guest එකත් බලන්න. ගින්දර පිලුමක්.
Evaru අධ්‍යක්ෂනය කරන්නෙ Venkat Ramji. Writer, Abburi Ravi. Movie එකේ ප්‍රධාන චරිතවලින් Adivi Sesh(Goodachari & Kshanam බලන්න. Adivi Sesh කොච්චර වැඩ්ඩෙක්ද කියලා බලාගන්න පුලුවන්. මෙහෙම කියලත් බලන්න හිතෙන්නැත්නම්, Baaghi 2 කියන්නෙ Kshanam Movie එකේ Remake එකක් කියලා කියන්නම්කො. දැන්වත් බලන්න හිතුනද???), Naveen Chandra, Regina Cassrndra, Murali Sharma එක් වෙනවා. Music කරලා තියෙන්නෙ Sricharan Pakala. Evaru, IMDb 8.0 සමගින් හොදම Telugu චිත්‍රපට අතර 16 වෙනි ස්ථානයේ පසු වෙනවා.
ස්ටෝරි එකේදි Famous Businessman කෙනෙක් වන Rahul Mahaගෙ Wife; Sameera පොලිස් නිලධාරියෙකු වෙඩි තියලා ඝාතනය කරනවා. පේන්න තියෙන්නෙ නම් Sameeraව Police Officer Rape කරලා වගේ. ඒ උනාට ටිකෙන් ටික කතාව අනිත් පැත්ත හැරෙනවා. සුදු චරිත කලු වෙනවා කලු චරිත සුදු වෙනවා. මේ ඔක්කොමත් එක්ක පොල්ලෙන් ගැගුවා වගේ Ending එකක් බලා ගන්න පුලුවන්. Plz මේක නම් නොබලා ඉන්න එපා!!!
3) Ratsasan (2018) Psychological Crime Thriller
ඔයා Serial Killer Movies බලන කෙනෙක් නම් මේක මිස් කරගෙන තියෙන්න විදිහක් නෑ. Ram Kumar තමයි Director & Writer. Music කරලා තියෙන්නෙ Ghibran. හිරිගඩු පිපෙන Level එකෙන් Music තියනවා. Vishnu Vishal හා Amala Paul ප්‍රධාන චරිතවලින් බලා ගන්න පුලුවන්. IMDb 8.3ක් සමගින් Best Tamil Movies අතර 13වෙනි Place එකේ රැදී ඉන්නවා වගේම IMDb ටොප් 250 ඇතුලෙ තියෙන ෆිල්ම් එකක් මේ..
මේකෙ තියෙන්නෙ Teenage Girlsලව Kidnap කරලා මරන Serial Killer කෙනෙක්ගෙ කතාවක්. මේකෙත් අපිව යම්තාක් දුරකට පුදුම කරන්න පුලුවන් Twist එකක් තියනවා. අපි හිතන කෙනා නෙවෙයි අන්තිමට Killer වෙන්නෙ.
4) K-13 (2019) Mystery/ Thriller
ටිකක් අමුතු Pkot එකක් තියන Movie එකක්. අපි හිතපු දේවල් ඔක්කොම වැරදි වෙනවා Movie එක අන්තිමට.
Barath Neelakanthan තමයි Movie එකේ Director සහ Writer. Music කරලා තියෙන්නෙ Sam C. S. Arulaithi සහ Shraddha Srinth තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ. ඇත්තම කිව්වොත් අපිට මේ මූවි එකෙන් 80%ක් විතරම බලාගම්න පුලුවන් වෙන්නෙ Arulaithiගෙ Acting. ටිකක් විතර Weird නෙහ්.
කතාවෙදි වෙන්නෙ Mathiyazhagan කියන Script Writerට ක්ලබ් එකකදි ගර්ල් කෙනෙක්(Malarvili) හම්බෙනවා. මේ දෙන්නා Malarviliගෙ Apartment එකට යනවා.(තේරෙනවා ඇතිනෙ ඇයි කියලා) Mathiyazhagan ගොඩක් Drunken මේ වෙලාවෙදි. කොල්ලට නින්ද යනවා. උදේට ඇහැරෙද්දි Malarvili මැරිලා. WTF නෙහ්??? ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා බලලම දැන ගන්න.
5) Thadam (2019) Action/ Thriller
මෑතක ආපු වෙනස් විදිහකට කරපු මූවි එකක්. Personally මන් කැමතිම ඇක්ටර් කෙනෙක් වෙන Arun Vijay තමයි ප්‍රධාන චරිතයෙන් එක් වෙන්නෙ. මතක ඇතිනෙ Saaho, Marfia මූවීස්වල හිටියෙ. Arunගෙ Dual Acting බලා ගන්න Thadam බැලුවොත්. Vidhya, Tanya Hope සෙසු චරිතවලින් බලා ගන්න පුලුවන්. අධ්‍යක්ෂනය Magizh Thirumeniගෙන්. Arun Raj තමයි Music Composer. IMDb 8.1ක් සමගින් Best Tamil Movies List එකේ 46වන ස්ථානයේ පසු වෙනවා.
Ezhil සහ Kavin කියන්නෙ නිව්න් සහෝදරයින්. දවසක් Akash කියන පුද්ගලයව ඝාතනය වෙනවා. කවුරු අතින්ද??? ඒක තමයි ප්‍රශ්නෙ. CCTV Footagesවලට අනුව ඒ Murder එක කරලා තියෙන්නෙ Ezhil හෝ Akash. දෙන්නම එක වගේනෙ. පොලිසියට ලොකු ප්‍රශ්නයක් වෙනවා Murderer කව්ද කියලා හොයා ගන්න එක. වෙලාවකට අපිට හිතෙන්නෙ Ezhil මේ වැඩේ කරා කියලා. තවත් වෙලාවකට මේක Kavin කරා කියලත් හිතෙනවා. පට්ටම Thriller මූවි එකක්. ඒවගේම 2021දි Red නමින් Telugu Remake එකකුත් නිර්මාණය වෙනවා. මේකෙ ප්‍රධාන චරිතය සිදු කරන්නෙ Ram Pothineni.
6) Kutram 23 (2017) Action/ Thriller
මුලින්ම කියන්නෙ ඕනෙ මේ මූවි එක Based On A True Story. නළ දරු උපත් ගැන අහලා තියනවද??? නැති වෙන්න විදිහක් නෑ. ඒ සම්බන්ද Marfia එකක් ගැන තමයි මේ මූවි එකේ තියෙන්නෙ. මේක Action Category එකට වැටුනට උඩ කිව්වා වගේ Tamil moviesවලට ආවේනික Action Scenes නම් බලා ගන්න වෙන්නෑ. ගොඩක් Realistic විදිහට තමයි ඒ දේවල් අඩංගු වෙලා තියෙන්නෙ. සරලව කිව්වොත් වීරයත් ගුටි කනවා. Thrilling ගතිය උපරිමයි.
Kutram 23 අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Arivazhagan Venkatachalam විසින්. Music කරලා තියෙන්නෙ Vishal Chandrasekhar විසින්. මේ මූවි එකට බේස් වෙලා තියෙන්නෙ Enni Ettavathu Naal කියන ටැමිල් Book එක. IMDb අගය නම් 7.4යි. But It Deserves More.
7) Kaithi (2019) Action/ Thriller
Lokesh Kanagarajව දන්නවනෙ??? අවුරුදු තිස් පහයි පොරට. Vijayගෙ Master මූවි එකේ Director තමයි Lokesh. මේ වෙද්දි ඉන්න තැන හිතාගන්න. Kaithi මූවි එක Direct කරන්නෙත් මේ අවුරුදු තිස් පහේ කොල්ලා. Box Office Hit එකක්. Master ගැන කතා කරලා වැඩක් නෑනෙ. ආදායම් වාර්තා කඩාගෙන බිදගෙන ගියපු මූවි එකක් ඒකත්. ඒ වගේම Lokeshගෙ අලුත්ම Movie එකේ Main Actorsලා විදිහට Cast කරලා තියෙන්නෙ Vijay Sethupathi, Kamal Hasan සහ Fahadh. මේ තුන් දෙනාව නොදන්න ෆිල්ම් බලන එකෙක් ඉන්න බෑනෙ. Lokesh ගැන මීට වඩා කියන්න ඕන්නෑ. මේ ටිකම ඇති කොච්චර Success Director කෙනෙක්ද කියන්න. Music Sam S. C. ගෙන්. ප්‍රධාන චරිතය කරන්නෙ Karthi. දමිල සිනමාවෙ මම කැමතිම චරිතාංග නලුවෙක්. ඒ වගේම Arjun Das(මතක ඇතිනෙ Master එකෙත් හිටියා), Narain සෙසු චරිත රග දක්වනවා. IMDb 8.3ක් සමගින් Best Tamil Movies අතරින් 11 වෙනි ස්ථානය හොබවනවා.
Specially කියන්න ඕනෙ මේ Movie එකේ Songs නෑ, ලව් ස්ටෝරියක් නෑ අඩුම ගානෙ ප්‍රධාන නිලියක්වත් නෑ. ඉතින් Lokesh ඔප්පු කරලා තියනවා මේ දේවල් මුකුත් නැතුව Box Office Hit කරන්න පුලුවන් කියලා.
මත්ද්‍රව්‍ය වැටලීමක් වටේ තමයි කතාව ගෙතෙන්නෙ. මේක නම් Highly Recommended.
8) Adanga Maru (2018) Action/ Thriller
මේක Jayam Raviගෙ ගින්දරම Film එකක්. Revenge එකක් තමයි කතාව පුරාම යන්නෙ. Violence පැත්තට නම් ටිකක් බර වැඩියි. බලන්න කලින් ඒ ගැනත් ටිකක් හිතන්න. අධ්‍යක්ෂනය සහ තිර පිටපත Karthik Thangavelගෙන්. Music කරලා තියෙන්නෙ Sam S. C. ප්‍රධාන චරිතවලින් Jayam Ravi, Raashi Khanna එක් වෙනවා. IMDB අගය නම් 7.2යි. ලොකු අඩුවක් නෑනෙ.
ස්ත්‍රී දූශන පාදක කරගෙන හැදුනු මූවි එකක් තමයි Adanga Maru. මේ ගැන කරන Investigation එකක් නිසා තමන්ගෙ පව්ලම මරලා දාපු පොලිස් පරීක්ෂකවරයෙක් වැරදිකරුවන්ගෙන් පලි ගන්න විදිහ තමයි මේ කතාවෙ Plot එක වෙන්නෙ. වෙනස්ම වැඩක්. බැලුවට කිසිම පාඩුවක් නෑ.
9) Game Over (2019) Drama/ Psychological Thriller
කැට තියලා කියන්නෙ මේ වගේ Film එකක් නම් ඔයාලා බලලා නැතුව ඇති. Taapsee Pannuව ප්‍රධාන චරිතයෙන් අපිට බලාගන්න පුලුවන්. තව ප්‍රධාන චරිතයකට කියලා ඉන්නෙ Vinodhini Vaidhyanantham විතරයි. චිත්‍රපට අධ්‍යක්ෂනය සහ තිර රංහනය Ashwin Saravanan. Music කරලා තියෙන්නෙ Ron Ethan Yohann. 7.1ක ImDB අගයකුත් ලැබිලා තියනවා. මේ කතාව ගැන නම් වැඩි දෙයක් කියන්න බෑ. Tattoo එකක් නිසා තමයි මුලු Incident එකම සිද්ද වෙන්නෙ.
10) Kala (2021) Thriller/ Action
කොල්ලො මේක නම් 18+ එකක්. ගෙදර අය එක්ක බලන අදහස අත් ඇර ගන්න. මලයාලම් සිනමාවෙ කැපී පේන Tovino Thomas තමයි ප්‍රධාන චරිතයෙන් එක් වෙන්නෙ. Acting නම් 100%ක් සුපිරියි. Storyline එකත් මාරම Realistic. Movie එක Direct කරලා තියෙන්නෙ Rohith VS. Divya Pilli, Sumesh moor, Lal සෙසු චරිතවලින් එක් වෙනවා. IMDB අගය නම් 6.9යි. අඩුයි වගේ නෙහ්. එහෙම කියලා ඔයා මේක මිස් කරගත්තොත් නම් Masterpiece Level මූවි එකක් මිස් කර ගත්තා කියලා හිතා ගන්න.
කතාවෙ මැද භාගය වෙනකන්ම ස්ලෝ එකේ ස්ටෝරිය ගලන් යනවා. Damn!!! ඊට පස්සෙ තමයි. Full Action Packed Movie එකක්. දෙන්නෙක් අතර තමයි මේ War එක සිද්ද වෙන්නෙ. හේතුව මොකක්ද කියලා බලලම දැන ගන්න.
11) 96 (2018) Romance/ Drama
ලිස්ට් එකේ Romance මූවි එකක් නැති එක අඩුවක්නෙ. ටිපිකල් රොමෑන්ස් මූවි එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා හැබැයි. Ram සහ Jaanu කියන්නෙ පාසල් ප්‍රේමවන්තයන්. ඒ උනාට Ramට යම්කිසි හේතුවක් නිසා ප්‍රදේශය අතෑරලා යන්න වෙනවා. ආපහු මේ දෙන්නා හම්බවෙන්නෙ අවුරුදු ගානකට පස්සෙ Party එකකදි. මේ වෙද්දි ජානු Married. ඉතින් මේ දෙන්නා මුන ගැහුනාම මොන මොනවා වෙයිද කියලා තමයි චිත්‍රපටයෙන් පෙන්වන්නෙ. ෆිල්ම් එකේ අන්තිමට හිතන්න යමක් ඉතුරු කරයි. ඒ තරමට ෆීල් වෙනවා මේ මූවි එක. පරම පවිත්‍ර ආදරය කොහෙද තියෙන්නෙ ඇහුවොත් රාම් ගාව තියෙනවා කියලා මට කියන්න පුලුවන්... සමහර ෆිල්ම් තියෙනවා වචන වලින් විස්තර කරන්න බැරි මතක් වෙනකොට තාමත් පපුව රිදෙන ෆිල්ම්... මේ එහෙම ආදර කතාවක්... දකුනු ආසියානු ආදරය ඇවිල්ලා 99%ක්ම සෙක්ස් වලින් තොර හරි පුදුම එකක් (ඔයාලගෙ අත්දැකීම් අඩු වැඩි භාවය එක්ක මේ කතාවට එකඟ වෙන්න/නොවෙන්න පුලුවන්) ස්පෙශලි ඉස්කෝලෙ කාලෙ ලව්... ආන් එහෙම ඒවා තිබ්බ අයව වෙනම මනෝ ලෝකෙකට අරන් යන ෆිල් එකක් තමයි 96 කියන්නේ...
96 Director සහ Writer C. Premakumar. ප්‍රධාන චරිතයෙන් සුපිරි ඉන්දීය නලු Vijay Sethupathi සහ Trisha එක් වෙනවා. Govind Vasantha තමයි Music කරලා තියෙන්නෙ. මේ මූවි එක Beat Tamil Movies අතර පස් වෙනි තැන අයිති කරන් තියනවා. ඒ IMDb 8.4ක අගයක් අත් කරගෙන.
12) Nerkonda Paarvai (2019) Legal Drama/ Thriller
Ajithව දන්නවනෙ??? Vishwasam, Vivegam, Aarambam චිත්‍රපට බැලුවනම් නොදැන ඉන්න විදිහක් නෑ. Ajithගෙ වෙනස්ම විදිහක මූවි එකක් තමයි Nerkonda Paarvai කියන්නෙ. Ajith Lowyer කෙනෙක් ලෙසින් රංගනයේ යෙදෙන විදිහ අපිට බලා ගන්න පුලුවන්. අධ්‍යක්ෂනය සහ තිර රචනය කරලා තියෙන්නෙ H. Vinoth. Music Yuvan Shankar Rajaගෙන්. 2019 වසරේදී තිරගත වුනු හොදම දමිල චිත්‍රපටයක් ලෙස තමයි මේක සැලකෙන්නෙ. IMDb 7.8ක අගයකුත් ලැබිලා තියනවා.
යම්කිසි අපරාධයකට පැටලුනු ගැහැනු ලමුන් තිදෙනෙක් සහ ඔව්න්ව බේරා ගැනීමට වෙහෙසෙන Lawyer කෙනෙකු වටා තමයි Plot එක දිව යන්නෙ. සමාජයට ලොකු උපදෙසක් දෙන්න Try කරපු Movie එකක්. ඒ උත්සහය Success වෙලා තියනවා. ඒ වගේම මේ Movie එකේ Thrilling ගතිය නම් උපරිමයි. තවත් දෙයක් කියන්න ඕනෙ මේක Pink හින්දි Movie එකේ Remake එකක්. දෙකම බලන්න. කිසිම පාඩුවක් නෑ.
13) Vikram Vedha (2017) Action/ Crime
මගෙ Favoriteම Tamil Movie එක අන්තිමටම දාන්න හිතුවා. මේක කියවන අයගෙනුත් 80%ක් විතරම මේක බලලා ඇති. මේකත් දමිල සිනමාවෙ Masterpiece එකක් විදිහට තමයි සලකන්නෙ. එතකොට Main Actorsලා??? Vijay Sethupathi සහ R. Madhavan. දැනට දැකලා තියන ගින්දරම Combination එකක්. දෙන්නගෙම Acting Next Level. Sethupathi කියන්නෙ දමිල සිනමාවෙ ඉන්න Experiments කරන්න මාරම කැමති Actor කෙනෙක්. හින්දි සිනමාවෙ Akshe Kumar වගේ තමයි.
Vedha කියන Gangster අල්ලගන්න Vikram කියන Police Officer උත්සහ කරන විදිහ කතාවෙන් බලාගන්න පුලුවන්. පට්ටම Realistic Movie එකක්.
Movie එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Gayathri සහ Pushkar. Music, Sam C. S. Box Office හොයලා තියනවා 600 Million INR. Blockbuster Hit එකක්. ඒ වගේම IMDb 8.2ක් සමගින් Best Tamil Movie අතර 27වන ස්ථානයේ රැදී ඉන්නවා
හම්මෝ ලිපිය දිග වැඩි වුනා වගේ. මේකට තව Add කරන්න නම් Films ගොඩක් තියනවා. Theeran Adhigaram Onru, Chekka Chivantha Vanam, Anjaam Pathira, Forensic, Soorarai Pottru, Asuran, Peranbu, Iravukku Aayiran Kabgal, Kolaigaran, Kahaani, Ittefaq, Andhadhun and Many More...
ඉතින් මේ වගේ තවත් ලිපියකින් හමුවෙනකන්, ජය !!!
බලපු නැති ඒවාත් තිබ්බා.ලිපිය මරු.දිගටම කරන්න.
ReplyDeleteඅය්යේ මේකෙ ඊලග ලිපියත් දාන්නකො❤️
ReplyDeleteමේකේ part 2 එකක් කරනවානම් wajah tum ho movie එක ගැනත් අනිවාර්යෙන්ම ලියන්න 🙏🏻🙏🏻
ReplyDelete