කැප්ටන් ජැක් ස්පැරෝ ආයේ එයිද ?

ඔයා ෆැන්ටසි ෆිල්ම් වලට ආස කෙනෙක් නම් Pirates of the Caribbean චිත්‍රපට 5 අනිවාර්‍යෙන් බලලා ඇති. 2003 දි Pirates of The Caribbean : The Curse of the Black Pearl චිත්‍රපටය නිකුත් වීමත් එක්කම මේ ෆ්‍රැන්චයිස් එක වටේට ඉතාමත් විශාල ප්‍රේක්ෂකයෝ පිරිසක් එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ අනුව ගිහිල්ලා ලෝකේ වැඩිම බජට් එකක් දාලා හදපු ෆිල්ම් එකත් මේ ෆ්‍රැන්චයිස් එක යටතේ මෙයාලා නිපදවනවා. අවසානයට නිකුත් වෙච්ච Pirates of The Caribbean : Dead Men Tell No Tales චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් වගේ මුදලක් උපයාගන්නත් සමත් වෙනවා.


ඉතින් මේ විදියට මේ ෆ්‍රැන්චයිස් එකේ සාර්ථකත්වයත් එක්ක Disney ආයතනය 2018 දී Announcement එකක් කරනවා ආයෙමත් Pirate Adventure එකකට යන්න ලෑස්ති වෙන්න කියලා. මේ ෆ්‍රැන්චයිස් එක තවත් පුලුල් කරන්න (Expand කරන්න) එයාලා බලාපොරොත්තු වෙනවා කියලා. මේ යටතේ තමයි දැනට රූමර්ස් ඇවිල්ලා තියෙන Margot Robbie ගේ POTC Reboot චිත්‍රපටයටත් පාර කැපෙන්නේ. ඒක අපි දන්න POTC ෆ්‍රැන්චයිස් එකට සම්බන්ධ නොකර Soft Reboot එකක් විදියට වෙනම යනවා කියලා තමා සඳහන් වෙන්නේ.

කොහොම නමුත් POTC 6 එහෙමත් නැත්තං Pirates of The Caribbean : Dead Men Tell No Tales චිත්‍රපටයේ Sequel එකක් දැනට Disney Studios යටතේ Develop වෙමින් තියෙනවා. මේකේ Producer Jerry Bruckheimer ඒක තහවුරු කලා. මේ 6 වෙනි චිත්‍රපටයට තාම Official නමක් නෑ කියලත් ඔහු සඳහන් කලා. ඒ නිසා මේ ළඟපාතකදී නම් මේවා බලාගන්න පුලුවන් වෙයි කියලා හිතන්න බෑ.

Jerry Bruckheimer


2019 දී ඩිස්නි ආයතනයෙන් Craig Mazin සහ Ted Elliot දෙන්නව සම්බන්ධ කරගෙන තියෙනවා අලුත් POTC ෆිල්ම් එකක Script එකක් ලියන්න. Ted Elliot කියන්නේ මුල ඉඳලම මේ ෆ්‍රැන්චයිස් එකේ වැඩ එක්ක රැඳිලා හිටපු කෙනෙක්. ඒ වගේමයි Craig Mazin තමයි අපි හැමෝම දන්න Chernobyl සිරීස් එකේ ක්‍රියේටර් වෙන්නෙත්. ඒ වගේමයි සුපුරුදු පරිදි Joachim Ronning අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා මේ ෆිල්ම් එකට.

සාමාන්‍යයෙන් නම් POTC ෆිල්ම් දෙකක රිලීස් අතර අවුරුදු 4 ක විතර පරතරයක් තිබ්බත් මේ කොරෝනා තත්වය එක්ක මේ වැඩ තවත් පස්සට යයි. බොහෝ විට ස්ක්‍රිප්ට් එකේ වැඩ ඉවර ඇති මේ වෙනකොට. කොහොම උනත් Jerry Bruckheimer (Producer of POTC) කියලා තියෙනවා කොවිඩ් තත්වය එක්ක මේ වැඩ සෑහෙන්න පස්සට ගියා කියලත්. 2023 වෙද්දි ෆිල්ම් එකේ වැඩ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලත් ඔහු සඳහන් කරලා තියෙනවා.

Captain Jack Sparrow ආයේ එයිද ?

POTC : Dead Men Tell No Tales බලපු අය දැක්කනේ ආයෙමත් Black Pearl නැවේ කපිතාන්කම ගන්න Captain Jack Sparrow, තමන්ගේ නැවේ දියඹට යාත්‍රා කරන දර්ශනේකින් තමා චිත්‍රපටය ඉවර වෙන්නේ. ඉතින් එහෙම උනොත් අලුත් ෆිල්ම් එකේ Writers ලාට සෑහෙන්න ලොකු රිස්ක් එකක් ගන්න වෙනවා කැප්ටන් ජැක් ස්පැරෝ චරිතය ආයේ කරලියට ගේන්න. අන්න ඒ නිසයි බොහෝ විට ඊළඟ ෆිල්ම් එකත් එක්ක මේ ෆ්‍රැන්චයිස් එක සම්පූර්ණයෙන්ම Reboot වෙයි කියලත් ගොඩක් අය මත පල කරන්නේ. නමුත් පහුගිය කාලේ Bring Back Johnny Depp, Justice For Johnny Depp, Bring Back Captain Jack Sparrow වගේ Trends අපිට Twitter එකේ බලාගන්න ලැබුණ නිසා ෆෑන්ස්ලා තාමත් Johnny Depp ව Captain Jack Sparrow විදියට බලාගන්න කැමැත්තෙන් ඉන්නවා කියන එකත් තහවුරු වෙනවා. ඉතින් මගේ මතය නම් ඒ එන්න තියෙන ෆිල්ම් එක සාර්ථක වෙන්න නම් Johnny Depp, Captain Jack Sparrow විදියට එන එකමත් ඇති.

⏵Johnny Depp සම්බන්ධ වෙයිද ?

Depp කියන්නේ පහුගිය කාලේ නීතිමය පැත්තෙන් සෑහෙන අපහසුතා වලට ලක්වෙච්ච කෙනෙක්. ගෘහස්ථ හිංසනය සම්බන්ධ නඩුවක් නිසාම Fantastic Beasts 3 වන චිත්‍රපටයේ තමන්ගේ චරිතයෙන් ඉල්ලා අස්වෙන්නත් Depp ට සිද්ධ උනා. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රශ්නය මුලින් ඇති වෙන්නේ 2017 POTC : Dead Men Tell No Tales චිත්‍රපටය රීලිස් වෙන කාලේ. මේ ෆිල්ම් එකේ ශූටින් වෙන කාලේත් ඩෙප් ගේ හැසිරීම හොඳ නෑ කියලා Producer ලාට Complain එහෙම ඇවිත් තියෙනවා. ඉතින් මේ නඩු කතන්දර නිසාම ඒ චිත්‍රපටයටත් සෑහෙන්න Critic Reviews ලැබුනා විතරක් නෙමෙයි බලාපොරොත්තු වෙච්ච Box Office ආදායමට යන්නත් බැරි උනා. ඉතින් ඩිස්නි කියන්නේ මේ වගේ දෙවල් ගැන සෑහෙන්න Worry වෙන ස්ටුඩියෝ එකක් නිසා ඉදිරියේදි මොනවා වෙයිද කියන්න අපිට බෑ.

Johnny Depp as Captain Jack Sparrow

Producer Jerry Bruckheimer, Collider වෙබ් අඩවිය එක්ක කරපු ඉන්ටර්විව් එකකදි ප්‍රකාශයක් කරලා තියෙනවා මේ විදියට.

"The one (Pirates sequel) we’re developing right now, we’re not sure quite what Johnny’s role is going to be. So, we’re going to have to see."

එයා වරෙන් ඔරෝ කියලා තියෙන්නෙ ජොනී ඉන්නත් බැරි නෑ කියන එක. කොහොම උනත් Johnny Depp තමන්ගෙ Ex-Wife උන Amber Heard එක්ක තිබ්බ නඩුව ජයග්‍රහණය කරපු නිසා සමහර විට Depp ගේ නැවත ආගමනය (Big Screen Comeback එක) මේ ෆිල්ම් එකත් එක්ක බලාගන්න බැරි වෙන එකකුත් නෑ. බලන් ඉමු.

Margot Robbie ඉන්න ෆිල්ම් එක

කලිනුත් කිව්වා වගේ මේක පරණ ෆ්‍රැන්චයිස් එකේ Soft Reboot එකක් විදියට එයි. ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ අපි හැමෝම ආදරේ කරන Margot Robbie (Harley Quinn). මේ ෆිල්ම් එකේ පිටපත ලියන්නේ Birds of Prey (2020) ෆිල්ම් එකේ පිටපත ලියපු Christina Hodson කියලයි සඳහන් වෙන්නෙ. මේකේ අධ්‍යක්ෂණයට Joachim Ronning සම්බන්ධ වෙලා තියෙනවා.

Concept art of Margot Robbie in POTC

ඉතින් ඔය විස්තර ටික තමයි මේ ෆ්‍රැන්චයිස් එකේ අනාගතය ගැන දැනට කියන්න තියෙන්නේ. රැඳිලා ඉන්න Review Who Cares එක්ක. හැමෝමට ජය ❤️

(Source - Screen Rant)

2 Comments

Post a Comment
Previous Post Next Post