කෝච්චිය ලෙප්ට්! (Mission Impossible 7 රූගතකිරීම්)


ටොම් කෲස් කියන්නේ තමන්ගේ ස්ටන්ට් තමන් කරන කෙනෙක් වගේම තමන්ගෙ ෆිල්ම් වල පුලුවන් තරම් ප්‍රැක්ටිකලි දේවල් කරන්න කැමති කෙනෙක්. විශේෂයෙන්ම ටොම්ගේ Mission Impossible ෆ්‍රැන්චයිස් එකේ මේ වගේ ප්‍රැක්ටිකල් කරපු පට්ටම සීන් ගොඩක් තියෙනවා. කොහොමහරි ඔන්න මේ දවස්වල රූගතකිරීම් කරන Mission impossible 7 වෙනි ෆිල්ම් එකේ කෝච්චියක සීන් එකක් රූගතකරන එකක් තමා. අපි පේජ් එකේ වීඩියෝ දාන එක නවත්තලා තියෙන්නේ කොපිරයිට් ප්‍රශ්න නිසා. ඒකයි මේකත් සයිට් එකේ දාන්නේ. අනික මේක බලන්න වටින එකක්.. බලලා ඉන්නකෝ ඔකොටම කලින් 👇



දැක්කනේ.. මීට කලින් Mission Impossible 7 එකේ First Look එකක් ආවා. ඒකේ තිබ්බේ ඔය වගේම කෝච්චියක ඉස්සරහ ටොම් (ඊතන් හන්ට්) ඉන්න එකක්.

Mission Impossible 7 First Look


මේ සේරම එක්ක බලද්දී එක්කනම් පැහැදිලී. ෆිල්ම් එකේ ප්ලොට් එකේ ලොකු කොටසක් මේ කෝච්චියට සම්බන්ධයි. ඔය ශොට් එක දිහා බලන් ඉන්න එක පට්ට ලේසි. හැබැයි ඔය වගේ එකක් ප්ලෑන් කරනවා කියන්නේ පට්ට අමාරු වැඩක්. මොකද ඕක ආයෙ අයේ කරන්න බෑ. පළවෙනි පාරම හරියට අරගන්න ඕනි. පේනවානේ ඇතිනේ චොපර් එකකත් කැමරාවක් තියෙනවා.



ඒක තමා අපිට පේන කැමරාව. හැබැයි ඊට අමතර ඔතම තව කැමරා ගොඩක් තියෙනවා. සරලව කිව්වොත් ඔය ශොට් එක ගන්න පුලුවන් හැම කෝණෙකම කැමරාවක් තියෙනවා. අන්න ඒ විදියට තමා ෆිල්ම් එකක ඔය වගේ ශොට් එකක් කැමරා ඈන්ගල් ගොඩකින් පෙන්නන්නේ. එහෙම නැතුව ඕවා සැනින් සැරේ ශූට් කරන්න බෑ. 

අපි හැමදාම කියනවා වගේ මේවගෙ ප්‍රිසික්ස් හොයලා හෑලි ලියන්න මාර ලේසි. හැබැයි මේ වගේ දේවල් කරන්න අමාරුයි. විවේචනය කරන්න.. හැබැයි අපහාස කරන්න යන්න එපා. අපහාසය කියන්නේ මෙලෝ දෙයක් කරගන්න බැරි මෝඩයන්ගේ එදා වේල ආතල් එකක්.

Post a Comment (0)
Previous Post Next Post