සියල්ල පිටුපස සිටින්නේ ජොනතන් ක්‍රේන් ද? - Titans S03E04 Breakdown



DC ලගෙ ටයිටන්ස් සීරීස් එකේ හතරවෙනි එපිසෝඩ් එකේ බ්‍රේක්ඩවුන් එක තමයි මේ ගේන්න හදන්නෙ. කලින් එපිසෝඩ් එකේදි මතක ඇතිනේ හෑන්ක් ගෙ මරණය (කලින් එපිසෝඩ් තුනේම රිවිව් එක බලන්න මෙතන ක්ලික් කරන්න). එතනින් තමයි ඒ එපිසෝඩ් එක ඉවර උනේ. සිරාවටම හිතුවෙවත් නැති විදියට තමයි ඉවර උනේ. ඒවත් මතක් කරගෙන යමු එපිසෝඩ් 4 එකේ බ්‍රේක්ඩවුන් එකට. ඒ වගේම කියන්න ඕනෙ මේ එපිසෝඩ් එකේ ඊස්ටර් එග්ස්, කොමික් රෙෆරන්ස් වගේ දේවල් ටිකක් අඩුවෙන්, නැත්තටම නෑ වගේ තමයි තියෙන්නෙ. කමක් නෑ. යමු ඉස්සරහට. වැරදි අඩුපාඩු මොනා හරි තියෙනව නම් සමාවෙන්න ඕනෙ. ටිකක් හදිසියේ ලියන ලිපියක් මේක. 

එපිසෝඩ් එක පටන්ගන්නෙ ජොනතන් ක්‍රේන් එහෙමත් නැත්තම් ස්කෙයාක්‍රෝට ආර්කම් එක ඇතුලෙදි වෙන පහරදීමකින්. මේ පහරදීම පිටිපස්සෙ ඉන්නෙ රෙඩ්හුඩ් කියලා තමයි එවෙලෙ අපේ ඔලුවට දෙන අදහස. රෙඩ්හුඩ් තමයි ඉන්නෙ ඒත් එතන තියෙන්නෙ අපි හිතුවට වඩා වෙනම කතාවක්. කෝමහරි ආර්කම් එකේ අනිත් කට්ටිය ඇවිල්ලා ක්‍රේන්ව මේ පහරදීමෙන් බේරගන්නවා අපිට දකින්න පුලුවන් වෙනවා.



ඊළගට ටයිටන්ස් ඉන්ට්‍රො එක වැටෙනවා බලාගන්න පුලුවන්. එතනින් පස්සෙ සීන් එකේ ඉන්නෙ අපේ සුපර්බෝයි සහ බීස්ට්බෝයි. පේන විදියට සුපර්බෝයි හෑන්ක් හිටපු කාමරේ අස් කරන ගමන් ඉන්නෙ. ඒ වගෙම එයා ඉන්නෙ ගොඩක් අපහසුවකින්.



හේතුව එයා හිතනවා තමන් ෆේල් උනා කියලා. ඇත්තටම හෑන්ක්ගෙ මරණෙන් ලොකුම අසාදාරණේ උන කෙනා තමයි සුපර්බෝයි. හේතුව සුපර්බෝයි ඇගෙන් ලොකු උනාට එයාගෙ මොලේ ඒ තරමට වර්ධනය වෙලා නෑ. අපි ඒක කලින් සීසන් වලදි දැක්කා. ඒ වගේම සුපර්බෝයිට නයිට්වින්ග් එහෙමත් නැත්තන් ඩික් බාරදුන්න පලවෙනිම ටෙක්නිකල් වැඩේ වරද්දගන්නවා. හැබැයි මේක වෙන්නෙ නම් ඩෝව් ගෙ අතින්. සරලවම කියනව නම් හෑන්ක් මැරුන එකේ සම්පූර්ණ වැරැද්ද ඩෝව් ගෙ. ඉතින් මෙතන සීන් එකේදි අපිට සුපර්බෝයි කොච්චර මානසිකව වැටිලද කියන එක බීස්ට්බෝයිගෙ සහ සුපර්බෝයිගෙ ඩයලොග් වලින් පෙන්නනවා. සහ මෙතනට ඩෝව්ත් එනවා. ඩෝව් කියනවා වැරද්ද තමන්ගෙ අපිට තිබුණෙ හෑන්ක් ව බේරගන්න උත්සහ කරන එක කියලා.



ඊළග සීන් එකේදි අපිට දැකගන්න පුලුවන් ඩෝව් පැරිස් වලට යන්න හදනවා.



ඩික් එක්ක කන්වර්සේශන් එකක් මෙතනදි යනවා. ඩෝව් නැති ලෝකයක් ගැන සදහන් වෙනවා කියලා දකින්න ඇති.



ඉතින් මෙතනදි ඩෝව් යන්න ඉස්සෙල්ලා ඩික් ඩෝව්ට කියනවා "Love you" කියලා. ඩෝව් අනිත් පැත්තට කියන්නෙ "I Love You Too" කියලා.



Love you සහ I Love you කියන්නෙ දෙකක්. Love you තියෙන්නෙ යාලුවන්ට I Love You තියෙන්නෙ ලව් කරන අයට වගේ දෙයක් ගැන මන් කියන්නෙ. සාමාන්‍යෙන් අවුරුදු 17ක් 18ක් වගේ නම් මන් මේ කියන එක තේරෙනවා. ඉතින් මන් මේ කිව්ව එක වගේ දෙයක් ඉස්සරහට වෙනව නම් බලාගන්න පුලුවන් වේවි. එහෙමත් නැත්තන් මේකත් සාමාන්‍ය ඩයලොග් එකක් වෙන්න පුලුවන්.

ඊළග සීන් එකේදි කෝරි නිකන් අවසිහියෙන් වගේ ඇවිල්ලා ගාර් ට ඇටෑක් කරනවා අපිට බලාගන්න පුලුවන්.



පස්සෙ කෝරි කියනවා ඒක නින්දෙන් ඇවිදිනවා වගේ දෙයක් කියලා. (මන් මෙතන ඉදන් දිගට මේ එපිසෝඩ් කෝරිගෙ කතාව විස්තර කරගෙන යන්නම්. ඒ කියන්නෙ සීන් පිලිවෙලට නෙවෙයි.) කෝරි තමන්ගෙ කවුන්සිලර්ට කෝල් එකක් ගන්න සීන් එකේදි කෝරි කියනවා තමන්ගෙ වටේ ඉන්න අයට කරදර වෙනවා. දැන් තමනුත් ඒ අයට කරදර කරනවා. කෝරිට තමන්වම ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. කවුන්සිලර්ගෙන් තමන්ගෙ මේ ප්‍රශ්න වලට වැඩි උදව්වක් නෑ (ඒ කියන්නෙ උදව් කරන්නෑ කියන එක නෙවෙයි තමන්ගෙ ප්‍රශ්න වලට උදව් කරන්න තරම් කවුන්සිලර්ට බෑ කියන එක නැත්තන් කවුන්සිලර්ගෙ උදව් වලට ඔබ්බෙන් දෙයක් ඕනෙ කියන එක) වගේ තේරුනාම කෝරි ෆෝන් එක කට් කරනවා. 



ඊට පස්සෙ අපිට බලාගන්න පුලුවන් බෲස් තමන්ගෙ මෙඩිටේශන් වලට යූස් කරපු උපකරණය.



මේකට කියන්නෙ Sensory Deprivation Tank කියලා. ඉතින් ගාර් කෝරිට කියනවා මේකෙන් ඔයාට උදව්වක් වෙයි කියලා. ඉතින් කෝරි ටෑන්ක් එක ඇතුලට යනවා. ටෑන්ක් එක ඇතුලෙදි ආයෙත් කෝරි අර නින්දෙන් ඇවිදිනවා වගේ සීන් එකට එනවා. ඒ ඇවිල්ලා මෙයා ගාර් ටත් ගහලා ඌවත් ඩිකියෙ දාගෙන කාර් එක පැදගෙන තැනකට යනවා. ආයෙ එතනදි තමයි කෝරිට හොද සිහිය එන්නෙ. කෝරිට ඒ ආපු දේවල් ගාර් ට ගහපු දේවල් මුකුත් මතක නෑ. ඊට පස්සෙ කෝමෙන් හරි ගාර් හොයාගන්නවා උමගක් වගේ තැනක්. මේ තැනට තමයි කෝරි නින්දෙන් වගේ යන්න් හදලා තියෙන්නෙ.



මේ තැනේ ඉන්නෙ වෙන කවුරුත් නෙවෙයි කෝරිගෙ සහෝදරිය වෙන බ්ලැක් ෆයර්.



බ්ලැක් ෆයර් ව රජයෙන් තමයි එතන හිර කරගෙන ඉන්නෙ. ඒ කාටවත් කරදරයක් වෙන එක නවත්තන්න. එතන ඉන්නෙ සයන්ටිස්ට් වගේ ඩයල් එක ටයිටන්ස්ලගෙ එහෙම හොද ෆෑන් කෙනෙක් කියලා අපිට දැකගන්න පුලුවන්. මේ තැනේදි බ්ලැක්ෆයර් ගෙ පවර්ස් අයින් කරා කියලා තමයි කියන්නෙ. ඒත් මෙතනින් එලියට ගෙනිච්චොත් ආයෙ පවර්ස් එන්න පුලුවන් කියලත් කියනවා. ඒ වගේම කෝරිට අර නින්දෙන් ඇවිදින සීන් එක වගේ එක ඇති කලේ බ්ලැක් ෆයර් කියලත් දැනගන්න ලැබෙනවා මෙතනදි. බ්ලැක් ෆයර් ගෙ පවර්ස් නැති උනාට එයාට මොකක් හරි ක්‍රමයකින් තමන්ගෙ සහෝදරියත් එක්ක කමියුනිකේට් කරන්න පුලුවන් වෙලා තියෙනවා.



මෙතනදි කෝරි සහ බ්ලැක්ෆයර් අතරෙ ලොකු සංවාදයක් යනවා. බ්ලැක්ෆයර්ට අනුව එයා ඒ තත්ත්වෙට එන්න හේතුව කෝරි. කෝරිට සලකපු විදිය එයාට සලකපු විදිය මේ දේවල් ඔක්කොම බ්ලැක්ෆයර්ට බලපාලා තියෙනවා මේ දැන් ඉන්න තත්ත්වෙට එන්න. කෝමහරි කෝරි බ්ලැක්ෆයර් ව එතනින් අරගෙන යනවා. මොනවා උනත් සහෝදරියනේ සහ බ්ලැක්ෆයර් කියපු දේවල් කෝරිට ගොඩක් දැනුන එක තමයි මේකට හේතුව. මේ කරපු වැඩෙන් ඉල්ලන් කයිද නැත්තන් හොදක් වෙයිද කියලා ඉස්සරහට තමයි බලාගන්න වෙන්නෙ. දැන් එමු ඩික් ගෙ කතාවට.



ඩික් බාබරාගෙන් දැනගන්නවා ක්‍රේන්ට උන පහරදීම නිසා ක්‍රේන්ව ආර්කම් ඉදලා බ්ලැක්ගේට් වලට ගෙනයනවා කියලා. මේ නිසා ඩික්ට සැකයක් හිතෙන්න ඇති රෙඩ්හුඩ් සහ ක්‍රේන් ගැන මොකක් හරි කනෙක්ශන් එකක් ඇති කියලා. ඒ වගේම අපිට පස්සෙ දැනගන්න ලැබෙනවා ක්‍රේන් කියන්නෙ රෙඩ්හුඩ් ගෙ මෙන්ටර් වගේ කෙනා කියලත්. ඉතින් ඩික් ගිහින් ක්‍රේන්ව බ්ලැක්ගේට් වලට අරන් යන්න හදන එකෙන් එතන ඉන්න ගාඩ්ස්කට ගහලා ක්‍රේන්ව තමන්ගෙ කාර් එකට දාගෙන යනවා. මේ යන්නෙ ඩික්, ජේසන් වගේ අයව බෲස් පුරුදු කරපු තැනට. ඒ වගේම ක්‍රේන් අහු උනා වගේ රැන්ඩම් ට්‍රැප්ස් එහෙමත් එතැන හැමතැනම වගේ බෲස් දාලා තියෙන්න ඇති රොබින්ලව ප්‍රැක්ටිස් කරන්න.



කෝමහරි ක්‍රේන්, රෙඩ්හුඩ් ගෙ මාර්ගයෙන් දන්නවා ඩික් කියන්නෙ නයිට් වින්ග් කියලත් බැට්මෑන් කියන්නෙ බෲස් කියලත්. මේක නම් ජේසන් කරපු ලොකුම වැරැද්දක්. පේන විදියට ආපස්සට ගන්න බැරි වැරදි ගොඩක් ජේසන් කරගෙන යනවා වගේ. ඩික් ක්‍රේන්ව පුහුනුකරපු තැනේ හිර කරගෙන තීයාගන්නවා. මොකද ඩික් දන්නවා රෙඩ් හුඩ් ක්‍රේන්ව ගන්න එනවා කියලා ඇරත් අපි දන්නවා ඩික් ක්‍රේන්ව අරගෙන ගියපු එක රෙඩ් හුඩ් බලන් හිටියා කියන එක. 



කෝමහරි අන්තිමේදි රෙඩ් හුඩ් ගෙ සහ නයුට්වින්ග් ගෙ හොද වලියක් නම් බලාගන්න පුලුවන් උනා. කියන්නම ඕන දෙයක් තමයි මේ කොටසෙ ඇක්ශන් ගොඩක් අඩුවෙන් තිබුනේ අනික්වට සාපේක්ශව. ඉතින් නයිට්වින්ග් ගෙ සහ රෙඩ් හුඩ් සටන්ට පොලීසිය මැදිහත් වෙනවා. රෙඩ් හුඩ් ට වෙඩි තියන්න බාබරා ස්නයිපර් කෙනෙක්ට අවසර දෙනවා. ස්නයිපර් කාරයා වෙඩිල්ල තිබ්බත් ඒක වදින්නෙ ගිහිල්ලා නයිට්වින්ග්ට (මැටි මෝල්ලුන්ට වෙඩියල්ලක් හරියට තියාගන්න බැරි හැටි අම්මප). නයිට්වින්ග් නැගිටලා බලද්දි රෙඩ්හුඩ් එතනින් ගිහිල්ල සහ ක්‍රේනුත් ඉන්න පාටක් පෙනුනෙ නෑ. 



ඩික් ක්‍රේන්ව පැහැරගත්ත එකට ඩික්ට මොනවා වෙයිද? බ්ලැක්ෆයර් මොන විදියට ඉස්සරහට වැඩ කරයිද? සුපර්බෝයිගෙ මානසික තත්ත්වෙට මොනවා වෙයිද? රෙඩ් හුඩ්ගෙ තවත් අමානුශික සැලැසුම් මොනවද? ඔය වගේ ප්‍රශ්න වලට අපිට ඉස්සරහට එන එපිසෝඩ් වලින් තමයි උත්තර දැනගන්න ලැබෙන්නෙ. ඉතින් ඒ එපිසෝඩ් වලත් බ්‍රේක්ඩවුන් මේ සයිට් එකෙන්ම ලබා දෙන්න අපි කටයුතු කරනවා. තවත් ලිපියකින්ම හම්බෙමු!!!


ජයවේවා!!!


Titans S03E05 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/08/titans-s03e05-breakdown.html


Titans S03E01,E02,E03 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/08/titans-season-3-e1-e3-breakdown-q.html

Post a Comment (0)
Previous Post Next Post