ඊයෙ රිලීස් උනා What If දෙවෙනි එපිසෝඩ් එක. මං හිතනව දැන් ඇන්තොලොජි එකක් කියන්නෙ මොකද්ද කියල අදහසක් ඇති කියල. මාවල් ෆෑන් කෙනෙකුට ජීවිතේට අමතක නොවෙන එපියක් වෙන්න ඇති මේක. හේතුව දන්නවනෙ #The¬¬_king’s_return. චැඩ්වික් අන්තිමට සම්භන්ධ උන MCU ප්‍රොජෙක්ට් එක තමා මේක. මං හිතන්නෙ තව එපි කීපෙක චැඩ් ඉන්නව. ට්‍රේලර් එකෙත් පෙන්නුව මේ අලුත් ස්ටාර්ලෝඩ් අලුත් GOTG එකක් ඇසෙම්බල් කරල කියල.
(බොස්මන් ස්ටාර්-ලෝඩ් සහ බ්ලැක් පැන්තර් ලෙස) |
මුල්ම කාරණාව ස්ටාර් ලෝඩ්ගෙ ඇදුම මේක අපි කුයිල්ගෙ දැක්කට වඩා වෙනස්. දම්පාට තමා පාවිච්චි කරල තිබ්බෙ. ඒ කියන්නෙ ට’චල්ලගෙ බ්ලැක් පැන්තර්ගෙ පාට. ඒ වගේම අපිට බලාගන්න පුළුවන් ට’චල්ල වීරයෙක් හැටියට ගැලැක්සිය පුරාම ලොකු Reputation එකක් අරන් වගේම Ravager ලව වෙනම Path එක්කට දාල කියලත්. ඔය Orb එක උස්සන තැන Infinity War එකට පොඩි රෙෆරන්ස් එකක් තිබ්බ. ( The Kneel )
(ඇඳුම් දෙකේ වෙනස) |
ලෝකි පයිලට් (පයිලට් කියන්නෙ සීරීස් එකක පළවෙනි එපිය) එකෙන් පස්සෙ සිරාම ආතල් එකක් දුන්න ආයෙම Infinity Saga එකට. ගොක් කොරන තානෝස් කෙනෙක්. අන්න ප්ලොට් ට්විස්ට්😵. ඕකට Holy f**k නොකිව්වොත් තමා පුදුමෙ. ලෝකි එකෙන් Infinity Stones සෙල්ලම්බඩු කරා, මේකෙන් තානෝස්ව ගොක් කරන එකෙක් කරා, නෙබියුලාව රූප සුන්දරියක් කරල (ඒකනම් awkward හැබැයි). 😂😂 Infinity Saga එක පොඩි ස්ටෙප් එකක් විතරයි කියල දැන් තේරෙනවනෙ. ඒ වගේම මේකෙදි අපිට Drax ගෙ පවුල මැරුනෙ නැත්තම් එයාගෙ ඉරණම මොන වගේද කියලත් පෙන්නුව. 😁
(සැට් එක සහ තානෝස්) |
(නෙබුලාගේ වෙනස) |
(ඩ්‍රැක්ස් බොසා) |
අනිත් කාරණාව Collector ගෙ Collection එක. සෑහෙන දේවල් තිබ්බ එතන...
අපි දැක්ක Collector ගාව Dark Elves ල, Kronan ල ( Korg ව මරල පාහරයා 😤) ඒ වගේම Howard the Duck කියන විදිහට Frost Giant King Laufey ත් අල්ලගෙන තියෙනව මූ. ඒ වගේම මිනිහගෙ Spaceship Collection එකේ තියෙනව විශේෂ යානා කීපයක්. ක්‍රීලගෙ ඒව එහෙම. තව ඔතන තිබ්බ Grandmaster ගෙ Ship එක. ඒ කියන්නෙ මූ Skaar වලටත් ගේම දීල. Korg එහෙම මරන්න ඇත්තෙ ඔතනදි. ඔතනදිනෙ Wakandian Ship එක හම්බවෙන්නෙ. ඒ මියුසික් එක්ක එහෙම සිරාම ෆීලින් එකක් එන්නෙ. (මේ කලෙක්ශන් එක ගැන සචින් ගේන වට් ඉෆ් එපිසෝඩ් බ්‍රේක්ඩවුන් වීඩියෝ එකෙන් විස්තර කරයි)
(ලයිව් ඇක්ශන් සහ ඇනිමේටඩ් කලෙක්ටර්ස්ලා) |
(හොවර්ඩ් ද ඩක්) |
මේකෙ මං කැමතිම දේ තමයි ට’චලා Plan A Plan B දෙකක් අරන් යන එක. ටීම් එකට කියන්නෙත් එකක් විතරනෙ. අනිත් එක දන්නෙ නෙබියුලා විතරයි. කොහොමත් කොමික් වල පැන්තර් කියන්නෙ හොද ගේම් කාරයෙක්. ෆැන්ටාස්ටික් 4 එකට එහෙම ගුලි අඹරල තියෙනව 😂😂
ඊලග කියන්න ඕනෙ අර Collector ගාව තිබ්බ ආයුධ ටික ගැන. ඔතන තිබ්බ කැපාගෙ ශීල්ඩ් එක (Next Avengers මතක් උනේ කාටද), තෝර්ගෙ මිටිය, ලෝකිගෙ පිහිදෙක සහ මීක්ගෙ ආයුධය. ( මීක්ව මතකනෙ ). එතකොට Collector ඇස්ගාඩ් වගේම පෘථුවියටත් වැඩේ දීල. ඔතන ප්‍රශ්නෙ කියන්නෙ මූ කොහොමද Mjolnir එක ගෙනාවෙ කියන එක. එතකොට මූ Worthy ද ? මරු හැබැයි හෙලාවත් මරල.
(පිටිපස්සෙ ආයුධ සෙට් එක) |
(කෝර්ග් සහ මීක්) |
අන්තිමට ඉතින් කට්ටිය ආපු වැඩේ කොරගන්නව. Collector ටත් වැඩේ දෙනව.
එපිය ඉවර කරපු හැටි තමා මරු #ලැපපොලේගහන්නහිතුනමූමන්ට් (පොලේ ගහන්න නෙවේ හප කරල ගිලින්න හිතුන). ඒකනම් Emotional as f**k. අන්තිමට වකන්ඩා වලට ඇවිල්ල ඒ Reunion එක එහෙම සිරාම ෆිල් වෙනව ඈ. අන්තිමට ක්‍රෙඩිට් එක පවා ගියේ කදුලු පනින මියුසික් එකක් එක්ක. අහෝ චැඩ්වික්!😪 Black American නලුවෙක් මැරුනම ඔහොම Tribute එකක් තියෙයි කියල කවුද හිතුවෙ. ඒ තමා Black Panther ඒ තමා Black Panther වෙන්නම ඉපදුනු නලුවෙක්ගෙ Performance එක. 🔥🔥🔥
(චැඩ්වික් වෙනුවෙන් එපිසෝඩ් එක නම් කරලා තිබුන ආකාරය) |
ඊලග එපියෙ බ්‍රේක්ඩවුන් එකෙනුත් හම්බවෙමු ඒනම්...
Let the Panther Goddess Guide His Spirit
#BosemanForever
ලිපි නිර්මාණය සහ අදහස - මලින්ද බණ්ඩාර
What IF..? S01E01 බ්‍රේක්ඩවුන් එක 👇
https://www.reviewwhocares.com/2021/08/what-if-episode-01-breakdown.html
What IF..? S01E03 බ්‍රේක්ඩවුන් එක 👇
https://www.reviewwhocares.com/2021/08/what-if-episode-3-breakdown.html