MCU වල Endgame එකට පස්සේ වැඩිම හයිප් එක හැදුණ ෆිල්ම් එක වෙන Spider-Man: No Way Home රිලීස් වෙනකන් හැමෝම බලන් ඉන්නේ සෑහෙන නොඉවසිල්ලෙන්. ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ MCU එකේ multiverse කන්සෙප්ට් එක පළමුවෙන් ම බලාගන්න පුළුවන් ෆිල්ම් එක වෙන්නේ මේක කියලා. මන් හිතන්නේ multiverse එක MCU එකට ගේන්න පුළුවන් හොඳම ප්‍රොජෙක්ට් එක තමයි Spider-Man ෆිල්ම් එකක්. කලින් ආපු Tobey ගේ Spidey සහ Andrew ගේ Spidey සහ ඒ ෆිල්ම් වල කැරැක්ටර්ස් එක්ක Tom ගේ Spidey එකතු කරොත් ලොකුම හයිප් එකක් සහ MCU වල සෑහෙන ලොකු සාර්ථක ප්‍රොජෙක්ට් එකක් විදිහට ෆිල්ම් එක හදන්න පුළුවන්.
![]() |
Spider-Man: No Way Home |
ඒ වගේම ෆිල්ම් එකේ ට්‍රේලර් එකක් හෝ ටීසර් එකක් එනකන් තමයි දැන් මාස ගාණක් ඉඳන් Marvel ෆෑන්ස් ලා බලන් ඉන්නේ. මේ ෆිල්ම් එකේ ප්‍රොඩක්ෂන් කටයුතු Disney ලා කරත් මාකටින් වැඩ කරන්නේ Sony Pictures ලා. ගොඩක් අය විවිධ කාල වල මේ ට්‍රේලර් එක නැත්නම් ටීසර් එක සෝනි ලා රිලීස් කරයි කියලා හිතුවත් ඒ කිසිම දවසක ට්‍රේලර් එක රිලීස් වුණේ නෑ. ඒ අතරමැද තමයි මේ අගෝස්තු 23 ඒ කියන්නේ අද ඉඳන් අගෝස්තු 26 බ්‍රහස්පතින්දා වෙනකන් තියෙන Cinemacon event එකේදී මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක රිලීස් වෙයි කියලා රූමර්ස් ආවේ. Cinemacon එකේ දී ම ට්‍රේලර් එක රිලීස් වෙයි කියලා කන්ෆර්ම් කරන්න කාටවත් බැරිවුණත් ට්‍රේලර් එක ගැන සෑහෙන විස්තරයක් අපිට දැනගන්න ලැබුණා. Doctor Strange සහ Tom ගේ Spidey මූලික කරගෙන ට්‍රේලර් එක තියෙනවා කියලා සහ Raimi ගේ Spider Man ට්රයිලොජියේ සමහර කැරැක්ටර්ස් ඉන්න පුළුවන් කියලා කියලා තියෙනවා. ඊට අමතරව කිසිම දෙයක් කන්ෆර්ම් වෙලා තිබ්බේ නෑ.
![]() |
Doctor Strange and Spider Man |
ඒ අස්සේ තමයි ඊයේ මේ ට්‍රේලර් එක ලීක් වුණා කියලා අපිට දැනගන්න ලැබුණේ. මේ වෙනකොට ගොඩක් අය ට්‍රේලර් එක හොය හොය බලනවා. ලෝකේ Entertainment පැත්තෙත් තනිකර ට්‍රෙන්ඩින් වෙන්නේ Spider-Man: No Way Home ෆිල්ම් එක ගැනයි. දැන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි කොහොම ද ෆිල්ම් එකේ ට්‍රේලර් එක ලීක් වුණේ කියලා. වෙලා තියෙන්නේ මේකයි. ෆිල්ම් එකේ CGI/VFX ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන කෙනෙක් (Wassilia Lmaouaci) Scooper කෙනෙක් ට, ඒ කියන්නේ ෆිල්ම් වල තොරතුරු exclusively ලැබෙන කෙනෙක් ට (බොහෝවිට ක්‍රිටික් කෙනෙක්) ට්‍රේලර් එක පෙන්නලා තියෙනවා. ඒ scooper තමා මේ ට්‍රේලර් එක හැම තැනටම ලීක් කරලා තියෙන්නේ. දැනට කන්ෆර්ම් විදිහට මේ ලීක් වෙලා තියෙන්නේ ෆිල්ම් එකේ ඔරිජිනල්ම ට්‍රේලර් එක. මේක හරිම ජරා වැඩක් කියලා තමයි මේක ගැන දන්න අය හිතන්නේ. Sony ලා ඩොලර් මිලියන් සිය ගාණක් වියදම් කරලා තමයි මේ ෆිල්ම් එකේ මාකටින් වැඩ කරන්නේ. ඒ වෙන මහන්සියට කිසිම ගෞරවයක් කරන්නේ නැතුව හැමෝම ලීක් වෙච්ච එක බලන එක ඇත්තට ම හරි නින්දා සහගත දෙයක්. ඊට අමතරව මේක ලීක් කරපු Scooper කරලා තියෙන්නෙත් හරිම නින්දා සහගත වැඩක්. ට්‍රේලර් එක scooper ට දුන්න කෙනා අනිවාර්යෙන් දෙන්න ඇත්තේ එයාව ට්‍රස්ට් කරලා. දැන් එයාගේ කැරියර් එකට ත් ත්‍රෙට් එකක් වෙන විදිහට scooper විසින් ට්‍රේලර් එක ලීක් කරලා. සෝර්ස් එක විදිහට තමන්ගේ නම තියෙන ෆූටේජ් එකක් ලීක් කරන්නේ නෑ මොළේ තියෙන කිසිම කෙනෙක්. මේකේ වැරැද්ද තියෙන්නේ scooper ගේ අතේ. හැබැයි බොහෝවෙලාවට මේ scooper ට ලොකුවට ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නෑ. ප්‍රශ්නේ වෙන්නේ අර CGI/VFX ඩිපාර්ට්මන්ට් එකේ කෙනාට. බොහෝවෙලාවට එයාට කැරියර් එක නැතිවෙයි. මේක ඇත්තටම හොලිවුඩ් වල වාර්තා වුණ නින්දා සහගතම ක්‍රියාවක් කියලා කියන්න පුළුවන්. අර මනුස්සයාට කැරියර් එක නැතිවුණොත් ඒකේ වගකීම ට්‍රේලර් එක ලීක් කරපු සහ ශෙයාර් කරපු හැම කෙනාටම යනවා. ඒ නිසා තාමත් ට්‍රේලර් එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒක හොය හොය බලන්න යන්න එපා. බලපු අය සද්ද වහලා ඉන්න. හැම තැනම ස්පොයිල් කර කර යන්න එපා. ලීක් වෙච්ච ට්‍රේලර් එක බලන්නැතුව ඒක ඔෆීෂියලි රිලීස් වෙනකන් ඉවසීමෙන් සහ ටොක්සික් නොවන හයිප් එකකින් ඉන්න අපි වගේ අය ඉන්නවා. එහෙම එකේ ඒක කරන්න අනිත් අයටත් පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම අනිත් ප්‍රශ්නේ තමයි දැන් ලීක් වුණ එකේ ට්‍රේලර් එක ඉක්මනින් රිලීස් කරයි ද කියන එක. ඒක ඇත්තට කියන්න බෑ. කලින් එහෙම ලීක් වුණාම Disney ලා ඒ දවස ඇතුළත වගේ ම ඔෆීෂියලි ට්‍රේලර් එක රිලීස් කරා. හැබැයි කලින් කිව්වා වගේ මේ ෆිල්ම් එකේ මාකටින් වැඩ කරන්නේ සෝනි ලා. ඒක වෙනස් කම්පැනි එකක්. ඒ නිසා කියන්න බෑ මොකක් කරයි ද කියලා. ඒත් බොහෝවිට අද හවස හෝ හෙට මේ ට්‍රේලර් එක රිලීස් වෙන්න පුළුවන්. එහෙම නොකරන්න හේතුවක් නම් නෑ. ඒ නිසා හැමෝගෙන් ම ට්‍රේලර් එක ඔෆීෂියලි රිලීස් වෙනකන් ඉවසීමෙන් ඉන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
( Source - Grace Randolph )
ඔෆීශියල් Spiderman No Way Home ට්‍රේලර් එකේ බ්‍රේක්ඩවුන් එක 👇
https://www.reviewwhocares.com/2021/08/spider-man-no-way-home-teaser-trailer.html
ඇත්ත කතාව , ලීක් උන පලියට ඒක පස්සෙ දුවන්න ඕන නැ කොහොමත් ඔෆීෂියල් ට්‍රෙලර් එකක් දානවනෙ,නොදා ඉන්න ඕනෙ නැනෙ , මෙච්චර වටින, හැමෝම ආසාවෙං බලං හිටපු පට්ටම ෆිල්ම් එකක මේ වගෙ දෙයක් වෙච්ච එක අපරාදයක් 😒😒
ReplyDelete