මේ මුල් සීන් ටිකෙන් තේරෙනවා අපිට සිසීසන් 3 එකේ අන්තිම කොටසේ Continue එකක්. ඩැනියෙල් ලරුසෝ යි ජොනී ලෝරන්ස්සුයි එකතු වෙලා එයාලාගේ ශිෂ්‍යන්ට කරාතේ උගන්වන්න හදන සීන් එකක්. මොකද සීසන් 3 එකේදී තුන් දෙනාම ඒ කිව්වේ ඩැනියෙල්, ජොනී හා ක්‍රීස් එකඟතාවයකට එනවා පරණ විදියටම Tournament එකක් තියලා පරදින කෙනා කරාතේ ඩොජෝ එක අයින් කරගන්න ඕනේ කියල ඉතින් එකෙන් තේරෙනවා මෙයාල එකට පුරුදු වෙන්න හදනවා කියලා. කෝබ්‍රා කායි සුපුරුදු විදියට එයාලාගේ පුහුණුවීම් කරගෙන යනවා. එයාලගේ තියන දරුණුකම, ප්‍රචණ්ඩකම එක්ක තියන පුහුණුවීම් එක්ක Miyagi Do Karate එකේ වෙනදා වගේම අපිට දකින්න ලැබෙන්නේ ආත්මාරක්ෂාවට (Self Defense) හා භාවනාක්‍රම(Meditation) භාවිතා කරලා කරන පුහුණුවීම් ඒ වගේම තව එයාලාට අලුත් ශිෂ්‍යයොත් ඉන්නවා කියලා පේනවා. ඇත්තටම කලින් ලිපියේ කිව්වා වගේ මේ වගේ පුහුණුවීම් වලින් අපිට මිස්ටර් මියාගී ව ගොඩක් දුරට තවමත් අපි එක්කම ඉන්නවා කියලා කාවද්දනවා.
මේ ෂොට් එකේදී රොබී ව මුණගැහෙන්න ලෝරන්ස් ගියා වෙන්න පුළුවන් එත් සමහරවිට ක්‍රීස් වෙන්නත් පුළුවන් මොකද එයාලගේ කරාතේ ඇඳුම කලුපාට එකක් නිසා ඒත් මම ඒ ඉන්නේ සමහරවිට ලෝරන්ස් කියන්නේ රොබී එවෙලේ එයාගේ කරාතේ ඇඳුමෙන් නෙමේ නිසා. හැබැයි පස්සේ තියන ක්‍රීස් ගේ ෂොට් එකත් එක්ක ඒ ඉන්නේ ක්‍රීස් නම් එයාගේ මූණේ ඉරියවුවෙන් කියන්න පුළුවන් රෝබීට මොකක් හරි වැරදි ආදර්ශයක් දීලා කියලා
මේ සීන් එකේදී තේරෙනවා ජොනීගේත් අර කෝබ්‍රා කායි ගතිය ගිහින් නෑ කියලා තාම Strike First Strike Hard No Mercy ගතිය ඒ විදියටම මේකේ තාම තියනවා එකත් පට්ට Interesting සීන් එකක්, ඇත්තටම මේ සීරිස් එක Action, Comedy, Drama කියන කාණ්ඩ වලට අයිති වෙන්නේ. ඉතින් කොමඩි සීන් නම් සුපිරියට මේ කතාවේ ගලාගෙන යනවා. ඒ හින්ද මේ ඩැනියල් ගෙයි ජෝනීගෙයි තියන ඒ විවිධත්වය පට්ටන ඇකියුරේට් විදියට සීරිස් එකේ තියනවා මොකද මෙතන ජොනී කියනවා "They strike first, we'll pre-strike" එකෙන්ම පේනවා පොරගේ ඒ ගතිය එහෙම්පිටින්ම තාම තියනවා කියලා
මෙතැනදී ලොකු දෙයක් නෑ ඇමන්ඩා සුපර්මාර්කට් ගිය වෙලේ ක්‍රීස් ව හම්බවෙන සීන් එකක් තියන්නේ එතැනදී ක්‍රීස් ඇපල් ගෙඩියක් කන ගමන් ඉන්නවා ඇමන්ඩා දිහා බලාගෙන එයාත් ක්‍රීස් දිහා අකමැති ගතියකින් බලාගෙන ඉන්නවා.
මේ ෂොට් එක නම් පට්ටම ආතල් සීන් එකක් ජොනී ඩැනියෙල් එයාට Tournament එකේදී ගහපු ෂොට් එක ගහන්න යනවා එතැනදී ඩැනියෙල් Punching Pad දෙක බිම දාලා යනවා. දෙන්නගේ සුපිරි ආතල් ටිකක් නම් මේකේ බලාගන්න පුළුවන් වේවි. කොහොමත් උන් දෙන්නා අනිත් එකාගේ මතේට කැමති නැති මුරණ්ඩු සීන් තියන පොරවල් දෙකක්නේ.
මේක තමා මේ ටීසර් එකේ මම ආසම කොටස මුන් ඩබල Fit Punch එකක් දෙනවා. අම්මෝ නෙත. නයයි මුගටියයි වගේ හිටිය පොරවල් දෙකනේ. මේ සීන් එක බොහෝදුරට Tournament එකට කිට්ටුව වෙන්න පුළුවන් මේ සීරිස් එකේම මෙහෙම Punch වැදුනේ දෙයක් හරියාගෙන එද්දී හරි හරිගියාමට පස්සේ. ගොඩක්ම සම්බවිතාව තියෙන්නේ මේ මැච් එකට ආසන්න දවසක උදේ පුහුණුවීම් පටන් ගන්න කලින් මොකද දෙන්නගේ වෙහෙස ගතියක්වත් දාඩිය පාටක්වත් පෙන්න නැති නිසා පොරවල් දෙක වැඩේ නාගන්නේ නැතුව කරගෙන යන සීන් එකට තමයි මේක පෙන්නන්න ඇත්තේ. නිකන් ෂොට් එකක් උනාට ඩයිහාර්ඩ් ෆෑන් කෙනෙක්ට මේක පට්ටම ආතල් එකක්.
ඉතින් තවත් සීන් එකක් තමයි මේ සීරිස් එකේ කපල් සෙට් එක. රෝබීගෙයි ටෝරීගෙයිත් ලව් එකක් යනවා බලාගන්න පුළුවන්. මුන් දෙන්න සීසන් 2 එකේදී රණ්ඩු වුනාට මේකෙදි මුන් දෙන්නාගේ ලව් එකක් බලාගන්න පුළුවන් ටෝරී කොහොමත් කැමති කැපීපෙන, ද්‍රෝහී වෙන්නේ නැති කෙනෙක්ට නිසා මේ දෙන්නා අතර සම්බන්ධයක් පටන් ගත්තා වෙන්න පුළුවන්. ඒ වගේම Carmen Diaz ගෙයි Johnny Lawrence ගෙයි ලව් එකත් ඒ විදියටම සීරිස් එකේදී දැකගන්න පුළුවන්
සිරාම ෂොට් දෙකක්, ටීසර් එකේ මුල ඉදන් දැක්ක දෙන්නගේ වෙනස් මත වලට සමුදීලා අනිත් කෙනාගේ මෙතඩ් එකත් කරලා බලනවා වගේ සීන් එකක්. මේ සීරිස් එකේම ඉගෙනගන්න සුපිරිම පාඩම් ටිකක් තියනවා මේකෙන් එකක් මේ සීන් එකෙන් හොදටම පෙන්නනවා ඒ අනිත් කෙනාටත් ඇහුම්කම් දෙන එක. ඩැනියෙල් පට්ට අමාරුවෙන් දම්වැලක් දිගේ උඩට නැගලා යනවා සීන් එකකුයි ජොනී බැලන්ස් එක ගැන ඉගෙනගන්න එකයි. කොච්චර Defense කරන්න ඉගෙනගත්තත් කාය ශක්තිය අනිවා තියෙන්න ඕනේ. කාය ශක්තිය තිබ්බත් බැලන්ස් එක තියෙන්නත් ඕනේ. මේ කියන්නේ කෙලින් ඉන්න එක නෙමේ මේ සීරිස් එකේ තියන බැලන්ස් එක අපේ මිස්ටර් මියාගී කිව්ව. ඉතින් අපේ පොරවල් දෙක ඒ ඒ දෙන්නා දන්නා දේවල් එහෙමත් කරලා බලන සීන් එකක් මේකේ තියනවා. ඩබල Balance, Hard Training, Physical Training වගේ හැමදේම හොදට Improve කරන සීන් එකක් තියනවා මොකද කොහොම හරි Tournament එක දිනලා කෝබ්‍රාලාව අයින් කරලා දන්නා. සීරිස් එක බලද්දී හොද ආතල් ටිකක් අනිවා තියෙයි.
තවත් සුපිරියක්. මේ සීරිස් එකේ ගොඩක්ම දකින්න පුළුවන් උන දේ තමයි මේ පරණ සෙට් එකව ආයේ ගේන එක. එහෙම තව කෙනෙක් තමයි මේ Terry Silver කියන්නේ. මෙය ගැන Karate Kid බලපු අය නම් හොඳට දන්නවා. ඉතින් ඔන්න එයාගේ හොඳම යාළුවා ක්‍රීස් ට උදව් කරන්න පොරත් එනවා ඇත්තටම හිතාගන්න අමාරු ඒ වගේම අපි මේ සීරිස් එකෙන් බලාපොරොත්තු වෙන ගොඩාක් දේවල් බලාගන්න පුළුවන් වෙයි.
අන්තිමට ඇමන්ඩා ඩැනියල් ට කියනවා "If you told me a year ago that our family's safety depended on winning a karate tournament, I would've thought you are joking. here we are, living in the twilight zone" මේ සීන් එක ගොඩක් දුරට සීරිස් එක පටන් ගද්දි තියන කරාතේ පුහුනුවීමෙන් පස්සේ වෙන සීන් එකක් වෙන්න පුළුවන් මොකද ඇමැන්ඩා කැමති උනේ නෑ ළමයි කරාතේ කරනවට එත් දැන් තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ මොකද Karate මැච් එකෙන් දින්නොත් කෝබ්‍රා කායි කට්ටිය අයින් වෙලා යනවා එහෙම උනාම කට්ටියම ආරක්‍ෂිත නිසා
මේ අවුරුද්දේ දෙසැම්බර් 31 තමයි මේක Netflix හරහා Streaming වෙන්නේ. පහුගිය සීරිස් තුනේම තිබ්බේ එපි 10යි මේකෙත් එහෙමම වෙයි. මෙව්වත් පට්ට හයිප් එකක් තියන සීරිස් සුපිරි එක්පීරියන්ස් එකක් ගන්න පුළුවන් හිතනවට වඩා ආතල් ටිකක් අනිවා දෙයි මොකද මාවල් වගේ ම Netflix ලත් අපිව Disappointment කරන්නේ නැ.