කට්ටිය බැලුවද අලුත් එපිය. මටනම් හිතෙන්නෙ සීරිස් එකේ දැනට ආව හොදම එපිය මේක කියල. මේ එපිය වෙන් කරල තිබ්බෙ ඩොකාට තමන්ගෙ අත නැතුව ක්‍රිස්ටීන් නැති උනොත් මොනා වෙයිද කියල. ඇඩෙන්නම ගියපු එපියක්. දැනට මම සීරිස් එකේ දැක්ක ලස්සනම සොට් තිබ්බෙත් මේකෙ.
ඉතින් ෆිල්ම් එකේ උනා වගේම ස්ට්‍රේන්ජ් යනව කමර් ටාජ් වලට. හැබැයි මේකෙනම් යන්නෙ ක්‍රිස්ටීන්ව බේරගන්න විදියක් හොයන්න. ෆිල්ම් එකේනම් මිනිහ හෙන ගේමක් දුන්නනෙ මායාවන් ඉගෙනගන්න. මේකෙනම් පොර පට්ට මොරාල් එකක් තියාගෙන ඉක්මනට ඉගෙගන්නව.
ඒ වගේම ෆිල්ම් එකේදි ඩොකා Eye Of Agamotto (ඇගමොටෝ) එක පාවිච්චි කරනව දැකල මිනිහට Warning එක දෙන්නෙ මොර්ඩො නෙ. මේකෙනම් Ancient One, Wong දෙන්න තමා ඒ වැඩේ කරන්නෙ. සමහරවොට මොර්ඩො මේ රියැලිටි එකේ නැතුව ඇති. ඒ වගේම තව දෙයක් මතක තියාගන්න ඕනෙ. ෆිල්ම් එකේ ඉන්නෙ අනිත් අයට ඇහුම්කන් දෙන්නෙ නැති හෙන අලි ඔලුවකින් ඉන්න එකෙක්නෙ. මේකෙ ඉන්නෙ ඇතුලතින්ම කෑලි වලිට කැඩිල තනි අරමුණකට වැඩ කරන පට්ට මොරාල් එක්කින් ඉන්න චරිතයක්. MCU එකේ ඩොකා තාම හරියට Build Up වෙලා නෑ මං නම් කියන්නෙ. මේ යකාට හරිහමන් බිල්ඩ් අප් එකක් එන්නෙ No Way Home එකේදි. (බලහල්ලකො නැද්ද කියල ඈ. මාන්නෙ ඊගෝ ලෙප්ට් වෙලා යයි :3 )
![]() |
(ඔය බෙල්ලෙ එල්ලන් ඉන්න එක මාලෙ වගේ එක තමයි අයි ඔෆ් ඇගමොටෝ එක ) |
දැනට මම බලපු මාවල් ප්‍රොජෙක්ට් වලින් Emotional ම සීන් තිබ්බ තැන තමා
මේකෙ ඩොකා ක්‍රිස්ටින්ව බේරගන්න යන එක. හිතාගන්නකො ලෝකෙම බේරගන්න, ඕනෙ යකෙක් මෙල්ල
කරගන්න තරම් බලයක් තියෙන මිනිහෙක්ට තමන් ආදරේ කර කෙනා බේරගන්න බැරුව එයා ආයෙ ආයෙ
මැරෙනකොට කෝම ෆීලින් එකක් එයිද කියල? (ෆිල්ම්
එකක් තිබ්බ මේ වගේම සීන් එකක් තියන නම මතක නෑ. දන්නවනම් කියන්න). පොරගෙ Mental Condition එක කෝමද කියල
පේනව අන්තිමට (Aren’t we allowed to
be happy). මතකනෙ ලොකිය උගෙ අනාගතේ දැක්ක තැන ඒම. (ඔය ෆීලින් එක
හරියටම බලාගන්න Injustice ෆිලුම එනකම්
ඉදපල්ල. මස්තබාල්දුයි සුපිය ඒම.). කාටද Titans එකේ Hank
මැරෙන තැන හිටපු කෝනර්ව මතක් උනේ. ම්ම්ම්...
![]() |
(ඒන්ශන් වන්) |
මෙතනින් ආයෙ පැනල මිනිහ යනව කැග්ලියොස්ට්‍රොගෙ පුස්තකාලෙට. (ඩොකා මුල් වතාවට ඇපල් ගෙඩියක් අරන් Eye එක පාවිච්චි කරන්නෙ, ආං ඒ මෙයාගෙ පොතක් බලාගෙන.)
![]() |
What IF..? S01E04 vs Doctor Strange (2016) |
මෙතන පුස්තකාලෙට ඇතුලුවෙන තැන Spells වගයක් දාල තියෙන්නෙ.
මේ ගොඩේ තියෙනව වන්ඩාවිශන් එකේ ඇගතව අල්ලගන්න වොන්ඩා දාපු මැජික් එකේ Symbol එකකුත්. ඒ වගේම මේ
ශාලාව මැද්දෙ තියෙන්නෙ Tree
of Life එක වෙන්න ඕනෙ (නම හරිද මන්ද). Captain America: First Avenger එකේද කොහෙද
මේකෙ පින්තූරයක් තිබ්බ.
මෙතන මේ පොත් එක්ක මේ වීව් එක ලයිව් ඇක්ශන් ආවොත් නම් මාරම ලස්සන දෙයක් වෙයි අනිවාර්‍යෙන්...
මෙතන තියෙන පොත් පාවිච්චි කරල ඩොකා හොයාගන්නව තමන්ගෙ
වැඩේ කරගන්න ඕනෙ විදිය. ඒ Dark
Dimension එකේ ඉන්න අයගෙන් බලය උරාගන්න එක. (අගතා වොන්ඩගෙ බලේ
අරගත්තෙත් මේ වගේ වැඩකින්). මෙතනත් අපිට බූවල්ලෙක් වගේ එකෙක්ව බලාගන්න පුළුවන්. Gorath කියලනම් මං හිතන්නෙ
නෑ. හැබැයි මේ Captain Carter එක්ක ගහගත්ත
එකා වෙන්නත් පුළුවන්. මොකද Captain
Carter ගෙ කතාව මේකට සම්බන්ධයි.
![]() |
(මතකනෙ අපි බලපු එපිසෝඩ් 01 එක) |
Fun Fact - ඩොකා මකරෙක්ගෙන්
බලේ ඇදල ගන්න තැන ඩොකා මකරව ඇග ඇතුලට යවාගන්න
තැන Pause කරන්නකො #Mephisto
![]() |
(මේ මෙපිස්ටෝ නෙවෙයි ඈ, ගෝක් එකක් කරේ...) |
ඩොකාගෙ Spells වල වෙනසක් මීටර් උනේ කාටද? පොරගෙ මැජික් වල දැන් තියෙන්නෙ තද රතු පාටක්. මෙහෙමයි Marvel Universe එක ගත්තම මේකෙ Dark Magic, Chaos Magic වගේ එක එක විදියෙ මායාවන් තියෙනව. එතකොට අපි දන්න ඩොකා ගොඩක් වෙලාවට යූස් කරන්නෙ Eldrich Magic. මේක ගොඩක් වෙලාවල තැඹිලි පාටයි. තව කිව්වොත් Chaos Magic රතුපාටින්, Dark Magic දම්පාටින්, Cosmic Energy එක කහ පාටින් වගේ නිරූපණය කරනව අපිට බලාගන්න පුළුවන්. දැක්කනෙ අගතා ගෙ මැජික් ඒම දම්පාටයි. මේ එපියෙ ඕක හොදටම බලාගන්න පුළුවන් ඩොකාල දෙන්න ගහගන්න තැනදි. මේ Strange Supreme ගෙ මැජික් වල රතුපාටට අමතරව කළු පාටත් තියෙනව. ඒ කියන්නෙ මූ බලේ ඇදලගන්නෙ Dark Dimension එකෙන්. (මාවල් වල මැජික් ගැන තරිදු අයියා වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක බලන්න මෙතන ක්ලික් කරන්න).
ඊට පස්සෙ අපිට මේ යුනිවර්ස් එකේ ඉන්න අනිත් ඩොකා ගැන පෙන්නනව.
මෙයා ටයිම්ට්‍රැවල් නොකරපු ඩොකෙක්. Ancient One මෙයාව හම්බවෙලා වෙන්න යන අනතුර ගැන කියනව.
පස්සෙ අපේ ඩොකාගෙ අතිජාත මිත්‍රයා වොන්ග් මිනිහට පොඩි Spell එකක් දානව තමන්
මැරෙන්න යන්න ඔන්න මෙන්න තියල. (Time’s
running Out එක Refer
කරාද මන්ද. ඒකෙත් තිබ්බ මතකයි මේ වගේ සීනෙකක්.)
Strange Supreme ඩොකාගෙ
කොස්ටියුම් එක Accurate as Shit හැබැයි.
ඊට පස්සෙ ඩොකාල දෙන්න අතරෙ වලිය යනව. ජාත්‍යන්තර වලියක් ඈ ඒක නම්... ඒකෙ ඇනිමෙ ස්ටයිල් එකක් වගේ ටිකක් ෆීල් වෙනවත් එක්ක. මෙතනදි Supreme
ඩොකාට ක්‍රිස්ටීන්ගෙ Illusion එකක් පෙන්නනව. මේක Mirror Dimension එකේ වෙන දෙයක්
වෙන්න ඕනෙ. මොකද ක්‍රිස්ටින් ගෙ මූණෙ කණ්ණාඩි වගේ Glitch එකක් යනව බලාගන්න
පුළුවන්.
Strange Supreme ගෙ මූණ
වැරැහැලි වෙලා තියෙන්නෙ Dark
Dimension එකට සම්බන්ධ නිසා වෙනෝනෙ.
කෝමහරි ඩොකා Supreme ඩොකාට පරදිනව. ඩොකාගෙන් අරගත්තු බලයත් එක්ක Supreme ක්‍රිස්ටීන්ට ආපහු පණදෙනව. ඕං මිනිහ දැනගන්නව ඩොකා, Ancient One කියපු දේ හරි කියල. ක්‍රිස්ටින්න් එක්කම යුනිවර්ස් එකම විනාස වෙන්න ගන්නවා.
ඔතනදි අපිට සීරිස් එකේ පලවෙනි වතාවට Watcher සීරිස් එකේ චරිතයක්
එක්ක කතා කරනව බලාගන්න පුළුවන්. එපියෙ මැදදිම ඩොකාට මිනිහගෙ Presence එක දැනුනනෙ.
![]() |
(වොචර්) |
හැබැයි ඒ මොන දේ උනත් හරියන්නෙ නෑ ඒ යුනිවර්ස් එක විනාස වෙනව.
මෙතනින් මේ ඩොකාගෙ කතාව ඉවරවෙන්නෙ නෑ. ට්‍රේලර් එකෙන්ම මෙයා Captain Carter එක්ක කතාකරනව බලාගන්න පුළුවන් උනානෙ. (මුන් දෙන්න Lost Love එක ගැන කතාකරන දෙබසක් ගැන නිකමට හිතල බලන්නකො. Emotional වෙයි මරුවට).
මේ එපිය සීරිස් එකට ලොකු Impact එකක් කරනව කියලයි මේ වෙනකොට ආරංචි වෙන්නෙ. කෝමත් අපි ට්‍රේලර් වලින් දැක්කනෙ අන්තිමට දාර ටීම් අප් එකක් වෙනව කියල. අන්තිමට ලොකු දෙයක් වේවි කියල හිතමු.
සීරිස් එක විශේෂයෙන් මේ එපිය බලපු අයට ලොකු ප්‍රශ්ණයක් ඇති ඇයි මේ Watcher මෙච්චර කෙලවෙලා යද්දිත් මේකට Interfere නොවෙන්නෙ කියල. කොමික් පැත්තෙන් ගත්තොත් කාලෙකට කලින් Watcher ල එක්තරා ග්‍රහලෝකෙක ඉන්න ජීවීන්ට තාක්ෂණය වගේ දේවල් දීල දියුණු කරනව. හැබැයි පස්සෙ කාලෙක මේ ජීවීන් සෙට් එක මේ දේවල් පාවිච්චි කරල යුද්ධයක් පටන් අරන් මේ Race එකම Extinct වෙනව. මේකට හේතුව තමන් නිසා Watchers ල තීරණය කරනව තවදුරටත් අනිත් ජීවීන්ගෙ වැඩ වලට අත නොගහ ඉන්න. ඔයාලට ලිපි ගේන පැතුම් සර් ලස්සන කෑල්ලක් බ්‍රේක්ඩවුන් එකට එකතු කරා, මේ පහලින් තියෙන්නෙ ඒක...
ඔන්න බ්‍රේක්ඩවුන් එකනම් ඉවරයි. හෙට Titans අලුත් එපිය එනව. ඒකෙත්
ගෝතම් වල උන් හෙන පිස්සුවක් කෙලගෙන කෙලගෙන යනව. මේ දවස්වල මම ලිපි දෙකක් ලියාගෙන
යනගමන් එකක් Hawkeye සීරිස් එක
ගැන. අනික TV series ගැන එකක්. ඒ
දෙකම ඉක්මනටම සයිට් එකේ වැටෙයි. බොහෝවිට මේ සතිය ඉවරවෙන්න කලින් Eternals ගැන සුපිරිම ලිපියක් වැටෙයි. (ඒක සචින්ටයි සනිඳුටයි දීල තියෙන්නෙ තාම වැටුනෙ නෑ. නිදහස් දවසක් බලලා දායි හෙමිහිට)
ඒනම් ලබන සතියෙ සිල්වි මැඩම් කෙලපු MCU එකේ උන් ඊලගට නටන පිස්සුව ගැන කයියක් දාමු.
Au revoir!!!
What IF..? S01E03 බ්‍රේක්ඩවුන් එක 👇
https://www.reviewwhocares.com/2021/08/what-if-episode-3-breakdown.html
What IF..? S01E05 බ්‍රේක්ඩවුන් එක 👇
https://www.reviewwhocares.com/2021/09/what-if-s01-episode-6-breakdown.html
දැනට ආපු සුපිරිම MCU සීරීස් එපිසෝඩ් එක මට නම් 🔥🔥🔥
ReplyDeleteඇනිමෙ බලන්න තියෙන ආසාව ඩබල් උනා මේකට. මේක මෙහෙමනම් ඇනිමෙ කෝම ඇතිද කියලා ඇනිමෙ බලන්නේ නැති මං වගේ උන්ට තේරෙන්න ඕනි 😏😏😏
ReplyDeleteරිවිව් එක නයිස් කොල්ලෝ ❤️
මට නම් මතක් වුණේම Steins Gate ඇනිමෙ එකේ ඔකරින් මයුරිව මැරෙන එකයි මකිසෙ මැරෙන එකයි නවත්තන්න හදන එකමයි මේක බලද්දි. හැබැයි කතාව අතින් බැලුවොත් නම් Steins Gate ගව් ගානක් ඉස්සරහින් ඉන්නෙ ඈ��. ආව එපි 4න් හොඳම එක මේක.
ReplyDelete