කොහොමද ඉතින් කට්ටියට..මේ දවස් වල කට්ටිය ගැම්මෙන් Squid games එහෙමත් බලලා අපෙ මනුජ ගෙනාපු ලිපියෙ තිබ්බා ෆිල්ම් එහෙමත් බලලා(ඒක කියවන්න මෙතන ක්ලික් කරන්න) ගැම්මෙන් නෙ ඇත්තෙ. ඔන්න ඒ අයට සුපිරිම සීරීස් දෙකක් අරගෙන ආවා. එකක් ජපන් එකක් කොරියන්. Squid Game බලපු ඔයාට ආයෙ ඉතින් ලොවෙත් සෙට් වෙනවා මේ දෙක. මේකෙ එකක් Squid Game වගෙ ගේම් ප්ලෙ කරන සීන් එකක් තියෙන්නෙත්. ආයෙ ඉතින් එක හුස්මට ම බලලා දාන්න පුලුවන් සුපිරි සීරීස් දෙකක් තමා මෙ. වැඩිය කතා ඕන්නෑ යමුකො කතාවට...
Alice in borderland
මේක හුඟක් ජනප්‍රිය මාන්ගා එකක් වෙනවා.2016 වෙද්දි මේ මාන්ගා ඒකේ කොපි 1.3 million අලෙවි වුනා කියලයි Wikipedia එකේ සඳහන් වෙන්නේ..
මේ මාන්ගා එකේ live action සීරීස් එක ඒ නමින්ම ඒ කියන්නේ Alice in borderland නමින්ම Netflix ලගෙ නිෂ්පාදනයත් Shinsuke Satō මහත්තයගෙ අධ්‍යක්ෂනයත් යටතෙ නිපදවෙනවා. Satō මහත්තයා manga කීපයක්ම live action වලට ගෙනාපු කෙනෙක්.
![]() |
Shinsuke Satō |
Arisu, chota, karube කියන්නෙ ගජ යාලුවො තුන් දෙනෙක්. තුන් දෙනාම ඉන්නේ ටෝකියෝ නගරයේ. Arisu කරන්නේ වීඩියො ගේම්ස් ගහන එක. chota ආයතනයක රැකියාවක් කරනවා,karube බාර් එකක සේවකයෙක් විදිහට වැඩ කරනවා. එක්තරා දවසක arisu කිසිම වැඩක් පලක් නොකර නිකමෙක් වගේ ඉන්න එක ගැන තාත්තා බනින්න ගද්දී arisu ගෙදරින් එලියට බැහැලා එනවා karube වැඩ කරන බාර් එකට යන්න. ඒත් ඒ දවසෙම karube ව රස්සාවෙන් දොට්ට දාලා බාර් එකේ අයිතිකාර මනුස්සයගෙ බිරිඳ එක්ක ලව් කරන්න ගිහින් අතටම මාට්ටු වෙලා. Chota ත් වැඩ කරලම මහන්සි වෙලා සේප් එකෙ පනිනවා. තුන් දෙනාම මැසේජ් කර කර ඇවිල්ලා ජනාකීර්ණ මාවතක් ඉස්සරහදි හම්බෙලා ඔහෙ කතා කර ඉන්නවා. පස්සෙ තුන් දෙනා පාරට පැනලා පිස්සු නටන්න ගන්නවා නිකන් ආතල් එකට. මේ සිද්ධිය නිසා වාහයක් හැප්පෙන්නත් යනවා. මුන්ගෙ මේ විකාර වැඩේ දකින පොලිස් නිලධාරියෝ ටිකක් එනවා දැක්ක ගමන් තුන් දෙනාම ළඟ තිබ්බ බිල්ඩිමකට රිංගනවා. තුන් දෙනාම ගිහින් නවතින්නේ restroom එකේ. පොලිසිය යනකල් මෙහෙම හැංගිලා ඉද්දි එකපාරම කරන්ට් එක යනවා. ඒ ගමන් ළඟ පාත ඇහුන හැම සද්දෙම නවතිනවා. මේ අමුත්තක් දැනුන නිසා තුන් දෙනා එලියට ඇවිත් බලද්දී මුළු පාරම හිස්!බලු බල්ලෙක් නෑ. ටිකකට කලින් සෙනග දාස් ගානක් හිටපු පාර දැන් හිස්. සෙනග එකපාරට වාෂ්ප වෙලා වගේ. මෙ වුනෙ මොකද්ද කියලා තුන් දෙනාට හිතාගන්නත් බෑ. මෙහෙම තුන් දෙනා රෑ වෙනකල් ඉන්නවා. රෑ එකපාර ළඟ තිබ්බ screen එකක් ඔන් වෙනවා ඒකෙ වැටිලා තියෙන්නෙ game arena එක තියෙන තැන. කොල්ලො තුන් දෙනාට හිතාගන්න බෑ මොකද්ද මේ වෙන්නෙ කියලා. තුන් දෙනා game arena එක තියෙන තැනට යනවා. මේ තැනට ගිහින් තුන් දෙනා පලවෙනි ගේම් එක ගහනවා..මෙතනදි මේ අය වගේම තව මිනිස්සු ගොඩක් ඉන්නවා කියලා දැනගන්නවා ලැබෙනවා. ඒ විතරක් නෙමෙ ජීවත් වෙන්න නම් වීසා උවමනා වෙනවා කියලත් වීසා දිනාගන්න නම් රෑට ගේම් ප්ලේ කරන්න ඕනෙ කියලත් දැනගන්න ලැබෙනවා.එක ගේම් එකක් දින්නම දවස් තුනකට වීසා ලබාගන්න පුලුවනි.වීසා කල් ඉකුත් වුනොත් ලේසර් එකක් ඇවිත් කෙලින්ම ඔලුව හරහා යනවා.ක්ෂණික මරණයක්..!
මේ සීරීස් එක එපිසෝඩ් අටක සීරීස් එකක්. එක එපිසෝඩ් එකක් පැයක් වගේ කාලයක් පුරා යනවා. ඒ වගේම මේකෙ Season 2 ත් එනවා කියලා Netflix දැනුම් දීලා තියෙනවලූ.කොහොමත් season 2 එන්න ඕනි මොකද මේ සීසන් එක ඉවර වෙන්නෙ අවසානෙකින් නෙමේ ආරම්භයකින්🌚.
මේ සීරීස් එකෙ එපියෙන් එපියට වගේ විවිධාකාර plot twist බලාගන්න පුලුවන්.ඒ වගේම තරමක් දරුණු violence දර්ශන වගේම nudity දර්ශනත් මේකෙ අන්තර්ගත වෙනවා.
Flower of Evil
කතාවේ නම Flower of evil. මේක tvn නාලිකාව හරහා 2020 ජූලි වලදී විකාශනය වුන tv series එකක්. මේක කොරියාවේ highest viewership rating අරගෙන national record එකක් පවා තියනවා. මේ නිසාම netflix ලා මේ කතාව netflix එක හරහාත් stream කරන්න පටන් ගන්නවා. ඒ මේ අවුරුද්දේ ජනවාරි වලදි වගෙ. එ වගේම තමා my dramal list
එකේ ratings 9.1/10 ලබා ගන්නත් ගුගල් පරිශීලකයන් ගෙන් සීයට අනූපහක කැමැත්ත ලබා ගන්නත් IMDB 8.8 අගයක්( හැබැයි එ 3400 කගෙ රේටින්ග්ස් වලින්)ලබා ගන්නත් සමත් වෙනවා. ඒ වගේම තමා මේකේ ඩිරෙක්ටර් Cheol gyu kim 57 වැනි Baeksang Arts සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂනයට හිමි සම්මානය දිනා ගන්නව. ඒ වගේ මයි ඒ සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂනය,හොඳම නාට්‍ය,හොඳම නලුවා වගේ ප්‍රධාන සම්මාන පහකටම නිර්දේශ වෙන්නත් flower of evil ඩ්‍රාමා එකට හැකිවෙනවා.පේනවනෙ එසෙ මෙසේ එකක් නෙමෙ මේක😉
මේකේ කතාව ගැන කිව්වොත් Do hyun su කියන්නෙ පොඩි කාලෙදිම අම්මාගෙ සෙනෙහස නැති වුන කෙනෙක්.hyun su කියන්නේ තමන්ගෙ හැඟීම් අනිත් අයට පෙන්නන්න බැරි කෙනෙක්.එයාට දුකක් ආවත් සතුටක් ආවත් එයාගෙ මූණ ගොඩක් වෙලාවට ඇති වෙන්නෙ හිස් හැඟීමක්.ඒක එහෙම වෙන්න එයාගේ තාත්තා හේතුවක් වුනා. මොකද එයාගෙ තාත්තා මනෝ ව්‍යාධිකයෙක්. එයා ඒක පිට කලේ දාම මිනීමරුවෙක් වෙන එකෙ. Hyun su ගෙ තාත්තා do min seok මිනිස්සු හත් දෙනෙක් මරලා වලදානවා කාටවත් හොයාගන්න බැරි වෙන්න. ඒ මැරෙන අයගෙ වම් මහපට ඇඟිල්ලේ නියපොත්ත ගලවගන්නවා එයාගෙ සලකුණ විදිහට. (ගොඩක් සීරියල් කිලින් පිලුම්ස්,සීරීස් බලන කෙනෙක් නම් දන්නවා ඇති සීරියල් කිලර් කෙනෙක් ට ආවේනික මොකක් හරි ලක්ෂනයක් තියෙනවා මිනිමැරුමත් එක්ක) ඉතින් මේ Do min seok හදිස්සියෙම සූසයිඩ් කරගන්නවා. ඒක බලන්න ආපු පොලීසියට අහම්බෙන් වගේ තමා මේ ඉන්නේ සීරියල් කිලර් කෙනෙක් කියන එක දකින්නේ.මේකෙන් ලොකුම පහර වදින්නේ hyun su ටයි එයාගෙ අක්කා hea su ට. මේ දෙන්නව බලාගන්න කවුරුත් නැති අතරේ ගමේ ප්‍රධානියා මේ දෙන්නගේ භාරකාරයා වෙනවා. මෙතනදි මේ ගම්මුලාදෑනියා hyun su ට ත් තාත්තට වගේ පිස්සු කියලා ගමේ මිනිස්සු ඔක්කොමත් එක්කම එකතු වෙලා rituals කරනවා hyun su ට. මේකෙන් hyun su තවත් දුර්වල වෙනවා. මේක ඉවර වෙන්නේ ගම්මුලාදෑනියා hyun su අතින් මැරුම් කාලා. එතනින් පස්සෙ hyun su ව ගමේ කාටවත් දකින්න ලැබෙන්නෙත් නෑ. ඊට පස්සේ මේ hyun su මතු වෙන්නෙ seuol නගරෙන්. ඒ hyun su කියලා නෙමේ beak hee sung නමින්.එතකොට අවුරුදු දාහතරක් ගෙවිලා. Hyun su කියන්නෙ දැන් තාත්තා කෙනෙක්. එයාගෙ බිරිඳත් නිකන් කෙනෙක් නෙමෙ එයා රජයේ රහස් පරීක්ෂිකාවක්!ඔව් අපරාධකාරයෙකුයි පොලිස් කාරියකුයි එකම වහලයක් යට!dyun su එයාගේ ඛේදජනක අතීතය හරි ලස්සනට වහලා අවුරුදු දාහතරක් ජීවත් වුනා කිසි ප්‍රස්නයක් නැතුව. ඒත් එකපාරට ඔක්කොම වෙනස් වෙන්නෙ එයාගෙ බිරිඳ අවුරුදු දහඅටක කලින් වුනු මිනිමැරුම් ගැනයි ඒ ගමේ ගම්මුලාදෑනියා මරලා පැනලා ගිය dyun su ගැනයි හොයන්න ගත්තම!එතනදි dyun su ට තවත් ප්‍රස්න ගනනාවකට මුහුණ දෙන්න වෙනවා වගේම තමන්ගේ තාත්තගෙ උදව්කාරයව තමන්ව මරන්න එන එකෙන් බෙරෙන්නත් සිද්ධ වෙනවා......
මේ ඩ්‍රාමා එක Thriller/Suspense/Drama කැටගරි වලට තමා අයත් වෙන්නෙ.ඒ වගෙම තමා එපියෙන් එපියට Plot twist මේකෙ බලාගන්න පුලුවන්.කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුලුවන් සීරීස් එකක් මේක.සමහර තැන් වලදී කුතුහලේ උපරිමේට දෙන්නත් සංවේදී කරන තැන් වල ඒ විදියටම සංවේදී කරන්නත් Flower of Evil නාට්‍යයට හැකි වෙලා තියෙනවා.රහස් පරික්ෂක කතා වලට ආස කෙනෙක් නම් අනිවාර්යයෙන් බලන්න ඕනෙ කතාවක් විදිහට කියන්න පුලුවන් මේක.
ඔන්න ඉතින් සුපිරිම සීරීස් දෙකක් ගෙනාව. නොබලන ඔයාලා නම් ඇත්තටම පව්. එහෙනම් ආයෙ තව ලිපියකින් හම්බෙමු.
ReplyDelete💖
🤗😍😚
ReplyDelete🔥🔥💪🏼
ReplyDelete