අද පොඩි Experiment එකක් කරන්න හිතුව. වෙනදා මම බ්‍රේක්ඩවුන් එක කරන්නෙ එපියෙ Flow එක යන පිලිවෙලටනෙ. අද පොඩ්ඩක් සම්ප්‍රදායෙන් පිට ගිහිල්ල වෙනස් විදියට වැඩේ කරන්න හිතුව. කට්ටිය පොඩ්ඩක් කියන්න මේ විදිය හොදයිද නැත්තම් පරණ විදියටම වැඩේ කරගෙන යමුද කියල. (කුහක වෙන්නෙ නැතුව කමෙන්ට් සෙක්ශන් එක පැත්තට වැඩලම යන්න).
කොමික් වලදි Age Of Ultron කියන්නෙ අල්ට්‍රොන් Massive Attack එකක් කරල ලෝකෙ අල්ලගත්ත ඉවෙන්ට් එකක්.
මේකෙදි අපි දන්න චරිත ගොඩක් මැරෙනව She-Hulk, Jessica Jones, Hulk, Thor etc වගේ අය. (මේකෙදි F4 එකෙන් ඉතුරුවෙලා ඉන්නෙ Invisible Women විතරයි). කතාව යන්නෙ ඉතුරුවෙලා ඉන්න කට්ටිය අල්ට්‍රොන්ව පරද්දන්න සටන් කරන එක වටේට. මේක වෙන්නෙ Earth 61112 එකේ. කොමික් කියවන්න ආසනම් මේක ට්‍රයි කරල බලන්න.
මේ වට් ඉෆ් යුනියෙ ඉතුරු වෙලා ඉන්නෙ ක්ලින්ට් සහ නටාශා දෙන්න විතරයි. කොමික් එකේනම් ක්ලින්ට් කියන්නෙ අල්ට්රොන්ගෙන් බේරුණු අයගෙන් එක්කෙනෙක්. මෙයා ස්පයිඩිව බේරගන්නව අල්ට්රොන්ගෙ Sentinels ලගෙන්.
![]() |
Arnim Zola in Comics |
![]() |
The Unseen |
![]() |
සීරිස් බලන අය දන්නවනෙ Watcher ට මල්ටිවර්ස් එකේ වෙන දේවල් වලට අත ගහන්න බෑ කියල. කොමික් වල මේක වෙන්නෙ ඇයි කියල මං කලින් බ්‍රේක්ඩවුන් එක්ක කිව්ව. මේකෙදි නම් හේතුව වෙනස් වගේ. මං හිතන්නෙ මේකෙදි Watcher පැත්තකට වෙලා ඉන්නෙ එයා අතගැහුවොත් ආපහු ටයිම්ලයින් එක Split වෙලා තව අලුතින් ටයිම්ලයින් හැදෙන නිසා වෙන්න ඕනෙ. පේනවනෙ එක ටයිම්ලයින් එක්ක හිටපු එකෙක් කරපු විනාසෙ. තව උන් ආවොත් කොහොමට තියෙයිද? ඕක තමා He Who Remains කිව්වෙ ටයිම් ලයින් එක මේ විදියට තියෙන්න අරින්න කියල. TVA එක මොන කැත වැඩේ කරල හරි ටයිම්ලයින් එක ආරක්ෂා කරේ මේ නිසා. දැන් සිල්වි කරපු වැඩේ නිසා මේක පැතිරෙන්න පටන් අරන් තියෙන්න. (බලන් යද්දි මේ ඔක්කොම වින්නැහි උනේ ගෑණියෙක් නිසා නේද දෙයියනේ)
අල්ට්‍රොන් Nuclear මිසයිල Launch කරන තැන ෆාම් හවුස් එකක් පෙන්නනව. මේක ක්ලින්ට් ගෙ ගෙදර වෙන්නත් පුළුවන්.
කැප්ටන් මාවල් අල්ට්‍රොන් එක්ක ගහද්දි කියනව “Listen, Skynet I’ve seen the killer robot movie and I
gotta say, I really don’t think it needs a sequel කියල. මේකත්
ටර්මිනේටර් ෆිල්ම් සෙට් එකට දීපු Reference
එකක්. කැරොල් පෘථිවිය දාල යන්නෙ 90 දශකයේ. එතකොට
ටර්මිනේටර් සීක්වල් ටික එන්නෙ ඊට පස්සෙ. මේකෙන් අපිට කැරොල් පෘථිවියෙන් කොච්චර
කාලයක් ඈත් වෙලා හිටියද කියලත් පෙන්නල දෙනව.
මේකෙදි කැපාගෙ ශීල්ඩ් එක කැඩිල තියෙනව පෙන්නුවා. Age Of Ultron කොමික් එකේදිත් කැපාව මුලින් පෙන්නද්දි එයා ඉන්නෙ කැඩිච්ච පළිහ දිහා බලාගෙන.
අල්ට්‍රොන් වොචර්ට පාරක් මැද දාගෙන ගහන තැන. මෙතන නිව්ස් එකක් යනව ස්ටීව් රොජර්ස් ජනාධිපතිවෙලා කියල. What if Captain America had been elected president…? කියල කොමික් එකක් තියෙනව. ඒ වගේම මගෙ මතකෙ හරිනම් Ultimate Universe එකේදිත් ස්ටීව් ජනාධිපතිවෙනව.
![]() |
![]() |
ඇමරිකාව සිංගප්පූරුවක් කරනව කියල කියන්නෙ මේ 😂 |
![]() |
United we Stand ඉවෙන්ට් එක වෙන්න ඕනෙ මේ |
Grandmaster මැරෙන සීන් එක හරියට Man of Steel එකේ ලාරා මැරෙන ශොට් එක වගේ. (Wolverine and the X-men එකේදි Magento මැරෙන එකත් මේ වගේ ටිකක්).
මෙතන තානෝස් ගාව Soul Stone එක තියෙනව. හැබැයි
ස්ටෝන් එක නිකම් එන්නෙ නෑ. ඒකට Sacrifice
එකක් ඕනෙ. මිනිහ ඒකට නැතිකරගන්නෙ ගැමෝරව. හැබැයි මේකෙ
අල්ට්‍රොන් Sovereign ග්‍රහලෝකෙට
පහරදෙන තැන පෙන්නනව ගැමෝරා පණපිටින්
කියල. එතකොට සෝස තට්ටයා ස්ටෝන් එක ගත්තේ
ඒක බාර් නටලද. අනිත් එක තානෝස් Soul
Stone එක තියෙන තැන දැනගන්නෙ ගැමෝරගෙන්. එතකම් මිනිහා දන්නෙ නෑ
ස්ටෝන් එක කොහෙද කියල. ඒක දන්නෙ ගැමෝරා විතරයි. දැන් ගැමෝරා ගාඩියන්ල එක්ක ඉන්නව
කියන්නෙ තානෝස් ස්ටෝන් එක තියන තැන දැනගන්න විදියකුත් නෑ.
Time Stone
IW එකේදි තානෝස් Time Stone එක ඩොකාගෙන් අරගන්නෙ ටයිටන් වල වලිය යද්දි. හැබැයි මේ යුනියෙදි ඒක වෙන්න බෑ. මොකද ටෝනි එහෙම නැති නිසා. ඒ කියන්නෙ තානෝස්ට ස්ටෝන් එක ගන්න මෙහෙට එන්නම වෙනවා. හැබැයි මෙහෙට ආවා කියන්නෙ අල්ට්‍රෝන්ගෙ වැඩ ගැන තානෝස් නොදැන ඉන්න විදියක් නෑ.
Space Stone
මේ ටයිම්ලයින් එක යන්නෙ Ragnarok එකට කලින් 2015 දි
විතර. ඒ කියන්නෙ මේ කාලෙදි ටෙසරැක්ට් එක තියෙන්නෙ ඇස්ගාඩ් වල. ඉතින් තානෝස්ට Space Stone එක ගන්න ඇස්ගාඩ් එක්ක
වලියට යන්නම වෙනවා. හැබැයි අල්ට්‍රොන් පහරදෙද්දි තිබ්බෙ හීරීමක්වත් නොවුන ඇස්ගාඩ්
එකක්.
Power Stone
IW එකේදි කියනව
තානෝස් Power Stone එක ගත්තෙ Xandar වල භාගයම විනාස කරා
කියල. හැබැයි අල්ට්‍රෝන් එද්දි Xandar
කිසි අවුලක් නැතුව සාමකාමීව තියෙනව.
එහෙනම් හෙට කොමික් පැරඩයිස් එක පැත්තෙ එන්න Marvel: Infinity ලිපි සෙට් එකේ
වැඩ කටයුතු හෙට පටන්ගන්නව.
නිකම්ම එපියේ වෙච්ච ටික කියනවට වඩා මේ ක්‍රමේ සුපිරි. දිගටම මෙහෙම කරමු 😍❤️🔥
ReplyDeleteතෑන්ක්ස් 😁❤️
DeleteMultiverse කියන්නේ universe ගොඩක එකතුවක්. Dc multiverse එකේනම් universe ගාන infinite.marvel multiverse එකේනම් එහෙම නෑ.එක multiverse එකක් ඇතුළෙ තව multiverse තියෙන්න බෑනෙ.
ReplyDeleteStone ටික ගත්ත එකනම් අවුල් වගේ තමයි ඒ උනාට multiverse ,එකක infinite possibilities තියෙන්න පුළුවන්.
Thanos ලේසියෙන් මැරැවෙ stone ටික එක තැනකට එකතු උනාම power එක වැඩි වෙන නිසා.අනිත් එක Ultron කියන්නේ කාබනික ජීවීන් ගැන තැකීමක් කරන කෙනෙක් නෙවේනෙ.
කොහොමත් Multiverse Of Madness එක එනකම් ඉන්න වෙනවා හරියටම තේරුම් ගන්න. 😁
DeleteMarvel වල Universe ගාන Infinite තමා.
DeleteBtw DC වල Universe ගාන විතරක් නෙවෙයි Multiverse ගානත් Infinite
supiriyi
ReplyDeleteසුපිරි ♥️🔥
ReplyDelete"බලන් යද්දි මේ ඔක්කොම වින්නැහි උනේ ගෑණියෙක් නිසා නේද දෙයියනේ" aththatama lokita gender ekak na neda ?
ReplyDelete