What IF..? එපියෙ Plot Hole ද? | What IF..? S01E08 Breakdown


අද පොඩි Experiment එකක් කරන්න හිතුව. වෙනදා මම බ්‍රේක්ඩවුන් එක කරන්නෙ එපියෙ Flow එක යන පිලිවෙලටනෙ. අද පොඩ්ඩක් සම්ප්‍රදායෙන් පිට ගිහිල්ල වෙනස් විදියට වැඩේ කරන්න හිතුව. කට්ටිය පොඩ්ඩක් කියන්න මේ විදිය හොදයිද නැත්තම් පරණ විදියටම වැඩේ කරගෙන යමුද කියල. (කුහක වෙන්නෙ නැතුව කමෙන්ට් සෙක්ශන් එක පැත්තට වැඩලම යන්න).
 
මේ එපිය වෙන්කලේ අල්ට්‍රොන් විශන්ව හදල ප්ලෑන් කරපු එයාගෙ Ultimate Goal එක ඒ කිව්වෙ Age Of Ultron එක හැබෑ කරගත්තම මොනව වෙයිද කියල පෙන්නන්න. ඒ කිව්වෙ මිනිස් ජාතිය සමූලඝාතනය කරන්න.

කොමික් වලදි Age Of Ultron කියන්නෙ අල්ට්‍රොන් Massive Attack එකක් කරල ලෝකෙ අල්ලගත්ත ඉවෙන්ට් එකක්.


මේකෙදි අපි දන්න චරිත ගොඩක් මැරෙනව She-Hulk, Jessica Jones, Hulk, Thor etc වගේ අය. (මේකෙදි F4 එකෙන් ඉතුරුවෙලා ඉන්නෙ Invisible Women විතරයි). කතාව යන්නෙ ඉතුරුවෙලා ඉන්න කට්ටිය අල්ට්‍රොන්ව පරද්දන්න සටන් කරන එක වටේට. මේක වෙන්නෙ Earth 61112 එකේ. කොමික් කියවන්න ආසනම් මේක ට්‍රයි කරල බලන්න.

 



මේ වට් ඉෆ් යුනියෙ ඉතුරු වෙලා ඉන්නෙ ක්ලින්ට් සහ නටාශා දෙන්න විතරයි. කොමික් එකේනම් ක්ලින්ට් කියන්නෙ අල්ට්‍රොන්ගෙන් බේරුණු අයගෙන් එක්කෙනෙක්. මෙයා ස්පයිඩිව බේරගන්නව අල්ට්‍රොන්ගෙ Sentinels ලගෙන්.



 
මේ දෙන්නගෙ අරමුණ තමා AI එකක් පාවිච්චි කරල අල්ට්‍රොන්ව පරද්දන එක. මේකට මෙයාල පාවිච්චි කරන්නෙ Arnim Zola ගෙ AI එක. Captain America Winter Soldier (2014) එකේ අපි දැක්ක මේ AI එකේ කොපියක් විනාස වෙනව. හැබැයි තව කොපියක් තියෙනව සයිබීරියාවල Winter Soldier Program එක තිබ්බ තැන, Captain America Civil War (2016) එකේදි කැපා ටෝනි එක්ක ගහගන්නෙත් මෙතන. එතකොට අපි දන්න MCU එකේ මෙතනට මේ AI කොපියට මොනව උනාද කියල අපි දන්නෙ නෑ, කොමික් වලනම් සෝලා ඉන්නෙ එයාගෙ AI එක රොබෝ කෙනෙක්ට ඇතුල් කරල. ඉස්සරහට MCU එකේදි පොර එන්නත් පුළුවනි.

Arnim Zola in Comics


 
 
අල්ට්‍රොන් ගෙ පාත් එක මොන වගේද ?

මේ යුනියෙදි  අල්ට්‍රොන් එයාගෙ වැඩේ සාර්ථක කරගන්නව. ඒ වගේම මිනිහට Infinity Stones ටිකත් හම්බවෙනව. ස්ටෝන් ටික අරගත්තට පස්සෙ මිනිහා විශ්වය පුරාම තියෙන ග්‍රහලෝක ටික විනාස කරන්න ගන්නව. මූව නවත්තන්න කැප්ටන් මාවල්ටවත් පුළුවන් වෙන්නෙ නෑ. ඔය ඔක්කොම ඉවර උනාට පස්සෙ මිනිහට Watcher ගෙ Presence එක පවා දැනෙන්න ගන්නව. ඒක ඉවරවෙන්නෙ කොතනින්ද කියල අපි දැක්කනෙ. ඉස්සරහට සීර්ස් එකේ හැදෙන ටීම්අප් එක හැදෙන්නෙ මේ අල්ට්‍රොන්ව නවත්තන්න කියන එක දැන් Confirmed.
 
Watcher ට මොකද උනේ?
 
Watcher ඉන්න තැන ගැන කතාකරොත් මේක Multiverse එක අතර තියෙන Barrier එකක් වෙන්න ඕනෙ. කොමික් වලනම් Uatu ඉන්නෙ හදේ අදුරු පැත්තට වෙන්න. හැබැයි මේකෙදි ඒක වෙනස් කරල තියෙනව. මේකෙ පෙන්නන හැටියටනම් Uatu මල්ටිවර්ස් එක දකින්නෙ මේ Barrier එක හරහා. (සීරිස් එකේ මුල ඉදන්ම මේක හින්ට් කරා.). හැබැයි කොමික් වලනම් Watcherල මල්ටිවර්ස් එක දකින්නෙ මේ විදියට නෙවේ. ඒ වගේම Watcher කෙනෙක්ව කවුරුහරි මරනවනම් ඒ කෙනා මරපු Watcher ගෙ තැන අරගන්න ඕනෙ (Original Sin එකේදි නික් ෆියුරි Uatu ව මරන නිසා අනිත් Watcherල නික්ව Uatu ගෙ තැනට දානව. මේ Watcher බලයන් තියෙන නික් ෆියුරිට කියන්නෙ Unseen කියල.)

The Unseen




සීරිස් බලන අය දන්නවනෙ Watcher ට මල්ටිවර්ස් එකේ වෙන දේවල් වලට අත ගහන්න බෑ කියල. කොමික් වල මේක වෙන්නෙ ඇයි කියල මං කලින් බ්‍රේක්ඩවුන් එක්ක කිව්ව. මේකෙදි නම් හේතුව වෙනස් වගේ. මං හිතන්නෙ මේකෙදි Watcher පැත්තකට වෙලා ඉන්නෙ එයා අතගැහුවොත් ආපහු ටයිම්ලයින් එක Split වෙලා තව අලුතින් ටයිම්ලයින් හැදෙන නිසා වෙන්න ඕනෙ. පේනවනෙ එක ටයිම්ලයින් එක්ක හිටපු එකෙක් කරපු විනාසෙ. තව උන් ආවොත් කොහොමට තියෙයිද? ඕක තමා He Who Remains කිව්වෙ ටයිම් ලයින් එක මේ විදියට තියෙන්න අරින්න කියල. TVA එක මොන කැත වැඩේ කරල හරි ටයිම්ලයින් එක ආරක්ෂා කරේ මේ නිසා. දැන් සිල්වි කරපු වැඩේ නිසා මේක පැතිරෙන්න පටන් අරන් තියෙන්න. (බලන් යද්දි මේ ඔක්කොම වින්නැහි උනේ ගෑණියෙක් නිසා නේද දෙයියනේ)

 
Easter Eggs And Comic References

මේ එපියෙදි ක්ලින්ට් ඉන්නෙ Mohawk එකක් වවාගෙන.  Snap එකෙන් පස්සෙ පවුලෙ අය නැති උනාමත් මිනිහ ඉන්නෙ Mohawk එකක් වවාගෙන. මේ Hair Style එකෙන් ක්ලින්ට් ඇතුලතින් Break වෙලා ඉන්නෙ කියල පෙන්නනව වෙන්න ඕනෙ.
 
Nuclear Attack එක වෙන කොටස Terminator: Rise Of The Machine ෆිල්ම් එකට දීපු Reference එකක් වෙන්න ඕනෙ. ඒකෙත් අන්තිමට මේ වගේ දෙයක් උනා.
 


අල්ට්‍රොන් Nuclear මිසයිල Launch කරන තැන ෆාම් හවුස් එකක් පෙන්නනව. මේක ක්ලින්ට් ගෙ ගෙදර වෙන්නත් පුළුවන්.

කැප්ටන් මාවල් අල්ට්‍රොන් එක්ක ගහද්දි කියනව “Listen, Skynet I’ve seen the killer robot movie and I gotta say, I really don’t think it needs a sequel කියල. මේකත් ටර්මිනේටර් ෆිල්ම් සෙට් එකට දීපු Reference එකක්. කැරොල් පෘථිවිය දාල යන්නෙ 90 දශකයේ. එතකොට ටර්මිනේටර් සීක්වල් ටික එන්නෙ ඊට පස්සෙ. මේකෙන් අපිට කැරොල් පෘථිවියෙන් කොච්චර කාලයක් ඈත් වෙලා හිටියද කියලත් පෙන්නල දෙනව.
 
ඊලගට ක්ලින්ට් මැරෙන තැන. ක්ලින්ට් වැටෙන්න නොදී අල්ලගෙන ඉන්නෙ නටාශා. Endgame එකේදි වෙන්නෙ මේකෙ අනිත් පැත්ත. ඊලගට අර ක්ලින්ට් වැටෙන තැන Biblical reference එකක් වගේ.

මේකෙදි කැපාගෙ ශීල්ඩ් එක කැඩිල තියෙනව පෙන්නුවා. Age Of Ultron කොමික් එකේදිත් කැපාව මුලින් පෙන්නද්දි එයා ඉන්නෙ කැඩිච්ච පළිහ දිහා බලාගෙන.




 
මේකෙදි ක්ලින්ට් Deathstar එක ගැනත් කියනව.
 
අල්ට්‍රොන්, වොචර් එක්ක ගහගද්දි ලෝදිය පිරුණ ග්‍රහලෝකයක් පෙන්නනව. මේක ටිකක් Starwars ෆිල්ම් සෙට් එකේ තිබ්බ මුස්ටාෆා System එක වගේ. (තැන මතකයි නේ.)
 



අල්ට්‍රොන් වොචර්ට පාරක් මැද දාගෙන ගහන තැන. මෙතන නිව්ස් එකක් යනව ස්ටීව් රොජර්ස් ජනාධිපතිවෙලා කියල. What if Captain America had been elected president…? කියල කොමික් එකක් තියෙනව. ඒ වගේම මගෙ මතකෙ හරිනම් Ultimate Universe එකේදිත් ස්ටීව් ජනාධිපතිවෙනව.


ඇමරිකාව සිංගප්පූරුවක් කරනව කියල කියන්නෙ මේ 😂

 
United we Stand ඉවෙන්ට් එක වෙන්න ඕනෙ මේ


Grandmaster මැරෙන සීන් එක හරියට Man of Steel එකේ ලාරා මැරෙන ශොට් එක වගේ. (Wolverine and the X-men  එකේදි Magento මැරෙන එකත් මේ වගේ ටිකක්).




 
නටාශට හම්බවෙන ශීල්ඩ් එක Red Guardian ගෙ වෙන්න ඕනෙ
 
 හැබැයි අනිත් එපිසෝඩ් එක්ක ගත්තම මම වැඩියෙන්ම අඩුපාඩු දැක්ක එපිය මේක. ප්ලොට් හෝල් තිබ්බ කිව්වත් අවුලක් නෑ. හෝව් හෝව් කේන්ති ගන්න කලින් මේ ටික බලල ඉන්න.
 
පලවෙනි එක තානෝස්ව මරපු හැටි. ස්ටෝන් 5 ක්ම තියාගෙනත් අල්ට්‍රොන්ව පරද්දන්න බෑ කියන එකනම් විහිලුවක්. අනිත් එක පොර ඉදා මරපන් වගේ හිටියේ.
 
ලොකුම අවුල ස්ටෝන් ටික අරගත්ත හැටි.
 

Soul Stone

මෙතන තානෝස් ගාව Soul Stone එක තියෙනව. හැබැයි ස්ටෝන් එක නිකම් එන්නෙ නෑ. ඒකට Sacrifice එකක් ඕනෙ. මිනිහ ඒකට නැතිකරගන්නෙ ගැමෝරව. හැබැයි මේකෙ අල්ට්‍රොන් Sovereign ග්‍රහලෝකෙට පහරදෙන තැන  පෙන්නනව ගැමෝරා පණපිටින් කියල.  එතකොට සෝස තට්ටයා ස්ටෝන් එක ගත්තේ ඒක බාර් නටලද. අනිත් එක තානෝස් Soul Stone එක තියෙන තැන දැනගන්නෙ ගැමෝරගෙන්. එතකම් මිනිහා දන්නෙ නෑ ස්ටෝන් එක කොහෙද කියල. ඒක දන්නෙ ගැමෝරා විතරයි. දැන් ගැමෝරා ගාඩියන්ල එක්ක ඉන්නව කියන්නෙ තානෝස් ස්ටෝන් එක තියන තැන දැනගන්න විදියකුත් නෑ.
 

Time Stone

IW එකේදි තානෝස් Time Stone එක ඩොකාගෙන් අරගන්නෙ ටයිටන් වල වලිය යද්දි. හැබැයි මේ යුනියෙදි ඒක වෙන්න බෑ. මොකද ටෝනි එහෙම නැති නිසා. ඒ කියන්නෙ තානෝස්ට ස්ටෝන් එක ගන්න මෙහෙට එන්නම වෙනවා. හැබැයි මෙහෙට ආවා කියන්නෙ අල්ට්‍රෝන්ගෙ වැඩ ගැන තානෝස් නොදැන ඉන්න විදියක් නෑ.

 

Space Stone

මේ ටයිම්ලයින් එක යන්නෙ Ragnarok එකට කලින් 2015 දි විතර. ඒ කියන්නෙ මේ කාලෙදි ටෙසරැක්ට් එක තියෙන්නෙ ඇස්ගාඩ් වල. ඉතින් තානෝස්ට Space Stone එක ගන්න ඇස්ගාඩ් එක්ක වලියට යන්නම වෙනවා. හැබැයි අල්ට්‍රොන් පහරදෙද්දි තිබ්බෙ හීරීමක්වත් නොවුන ඇස්ගාඩ් එකක්.
 

Power Stone

IW එකේදි කියනව තානෝස් Power Stone එක ගත්තෙ Xandar වල භාගයම විනාස කරා කියල. හැබැයි අල්ට්‍රෝන් එද්දි Xandar කිසි අවුලක් නැතුව සාමකාමීව තියෙනව.
 
 
Infinity Stones මල්ටිවර්ස් එක ඇතුලෙ වැඩ කරන්නෙ කොහොමද?
 
මේකනම් සීරිස් එකේ තිබ්බ ලොකුම වැරැද්දක්. හැබැයි මෙහෙම වෙන්න පුළුවනි. MCU එක කියන්නෙ මාවල් මල්ටිවර්ස් එකේ තියෙන 19999 වෙනි Earth එක. ඒ වගේම අපි මල්ටිවර්ස් කිව්වට මේ තියෙන්නෙ එකම Earth එක්ක ටයිම්ලයින් එක බෙදිල ගිහිල්ල හැදුන Multi Timeline ටිකක්. So, MCU එක කියන්නෙ Marvel Multiverse එක ඇතුලෙම තියෙන තවත් මල්ටිවර්ස් එකක්. සමහරවිට කොමික් වල පිසික්ස් මේකට අදාල නැතිවෙන්න පුළුවන්.
 
 
ඕව තමා මං දැක්ක අඩුපාඩු.
 
උඩ ටික නෝට් උන ඕනෙ පොඩි එකෙක්ට තේරෙනව මේ එපියෙ ප්ලොට් හෝල් තිබ්බ කියල. So ඒක පිලිගන්න අකමැතිවෙලා කෙස් පැළෙන තර්ක ඇදල අරන් ලොකු ටෝක් දෙන එකෙන් වෙන්නෙ ඔයාගෙ කාලෙ අපතේ යන එකයි ටොක්සික්, පෑන්ටි කියල ලේබල් වෙන එකයි විතරයි. ඒ නිසා කටපරිස්සම් කරගන්න.


එහෙනම් හෙට කොමික් පැරඩයිස් එක පැත්තෙ එන්න Marvel: Infinity ලිපි සෙට් එකේ වැඩ කටයුතු හෙට පටන්ගන්නව.

8 Comments

  1. නිකම්ම එපියේ වෙච්ච ටික කියනවට වඩා මේ ක්‍රමේ සුපිරි. දිගටම මෙහෙම කරමු 😍❤️🔥

    ReplyDelete
  2. Multiverse කියන්නේ universe ගොඩක එකතුවක්. Dc multiverse එකේනම් universe ගාන infinite.marvel multiverse එකේනම් එහෙම නෑ.එක multiverse එකක් ඇතුළෙ තව multiverse තියෙන්න බෑනෙ.
    Stone ටික ගත්ත එකනම් අවුල් වගේ තමයි ඒ උනාට multiverse ,එකක infinite possibilities තියෙන්න පුළුවන්.

    Thanos ලේසියෙන් මැරැවෙ stone ටික එක තැනකට එකතු උනාම power එක වැඩි වෙන නිසා.අනිත් එක Ultron කියන්නේ කාබනික ජීවීන් ගැන තැකීමක් කරන කෙනෙක් නෙවේනෙ.

    ReplyDelete
    Replies
    1. කොහොමත් Multiverse Of Madness එක එනකම් ඉන්න වෙනවා හරියටම තේරුම් ගන්න. 😁

      Delete
    2. Marvel වල Universe ගාන Infinite තමා.

      Btw DC වල Universe ගාන විතරක් නෙවෙයි Multiverse ගානත් Infinite

      Delete
  3. "බලන් යද්දි මේ ඔක්කොම වින්නැහි උනේ ගෑණියෙක් නිසා නේද දෙයියනේ" aththatama lokita gender ekak na neda ?

    ReplyDelete
Post a Comment
Previous Post Next Post