කොහොමද ඉතිං? බ්‍රේක්ඩවුන් එක පටන් ගන්න කලින් පොඩි දේවල් ටිකක් තියේ කියන්න. ඉස්සෙල්ලාම ස්තූති කරන්න ඕනි කලින් එපිසෝඩ් දෙකේ බ්‍රේක්ඩවුන් එකට කමෙන්ට් දාපු හැමෝටම. ගොඩක් වටිනවා ඒ අදහස් 🙏 ඊලගට ගිය සතියෙම වගේ ගොඩ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තිබ්බා. ඒ තමයි, ඇයි මේකේ සමහර චරිතවල ජෙන්ඩර් එක මාරු කරලා තියෙන්නේ? ඒ කියන්නේ නවල් ට්රිලොජියේ හිටිය පිරිමි චරිත, සීරීස් එකට එනකොට ගෑණු චරිත වෙලා තියෙන්නේ ඇයි කියන එක. දැන් මේක කියවන කාන්තා පාර්ශවය තරහ වෙන්න එපා හොදේ. කට්ටියම මේ අහන්නේ එහෙම කරලා තියෙන හේතුව.. ගොඩක් අය ඕකට කියයි ෆෙමිනිසම් කියලා. වෙන්න පුලුවන්. හැබැයි ඒ වගේ නිගමනයකට එන්න තාම කල් වැඩී. ඒක නිසා මේ යන විදියට සීරීස් එක බලන් යන්. සීසන් 01 ඉවර උනාම ඔය සේරම ගැන අපි කතා කරමු. මොකද වැඩේ අපි හිතන විදියට සාර්ථක උනොත් ඔය ගෑණු/පිරිමි බේද අදාල වෙන්නෙම නෑ. ඊලග දේ තමා මේ සීරීස් එකේ ස්ටෝරි එක කියනවා ඉක්මන් වැඩිද?
ඒකට කෙලින්ම දෙන්න පුලුවන් උත්තරේ තමා ඔව්. ටිකක් නෙමේ.. හොදටම ඉක්මන් වැඩී. දැක්කනේ මේ එපිසෝඩ් එකේ. කාලවකවානු කීයක් අතරේ ස්ටෝරි එකෙ එහෙට මෙහට ගියාද කියලා. හැබැයි අර ජෙන්ඩර් සීන් එක වගේම තමා මේක. මතක තියාගන්න.. මේක අවුරුදු 1000ක් පුරාවට විහිදෙන කතාවක්. ඉතිං කිසිසේත්ම ඔය අවුරුදු 1000ම පෙන්නන එක ප්‍රැක්ටිකල් වැඩක් නෙමෙයි. කලින් එකම ආයේ කිව්වොත් අපි හිතන් ඉන්නවා වගේම මේ වැඩේ සීරීස් එක සාර්ථක උනොත් දැනට අපිට පේන ඔය එක අවුලක්වත් අදාල වෙන්නේ නෑ. හැබැයි පර්සනලි මං මේකේ දකින ලොකුව වීක් පොයින්ට් එක තමා ඒක. ස්පෙශලි මේ අලුත් එපියෙන් ඒක හොදටම තේරුනා. කමක් නෑ.. මුහුද හත් ගව්වක් තියන් අමුඩෙ ගහන්න ඕනි නෑ. සීසන් 01 කම්ප්ලීට් වෙනකම් ඉදලා ඕවා ගැන කතා කරමු. සීරීස් එක බලන අය දැනට ඔය කිව්ව දේවල් ලොකුවට නොහිතා බලන්න. ඒ වගේම ෆවුන්ඩේශන් සීරීස් එක ගැන මං මුලින්ම පබ්ලිශ් කරපු ආටිකල් එකයි, පළවෙනි එපිසෝඩ් දෙකේ බ්‍රේක්ඩවුන් ආටිකල් එකයි කියෝලා මේක කියවන්න. මොකද ඒවගේ කියලා තියෙන දේවල් ආයේ මේකේ කියන්නේ නෑ ආටිකල් එක දිග වැඩිවෙන නිසා. හරි.. එහෙනම් යං බ්‍රේක්ඩවුන් එකට 👇
03 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ අවුරුදු 400කට කලින් ට්රැන්ටෝර් වල කතාවකින්. දැන් එතකොට මේ අවුරුදු 400ක් ආපස්සට යන්නේ කොතන ඉදන්ද? මෙහෙමයි.. මේ අවුරුදු 400ක් ආපස්සට යන්නේ සැල්වෝ ව පෙන්නන තැන ඉදන්.
![]() |
Episode 02 |
අන්න ඒ සිද්දිය වෙන්නෙත් ආසන්න වශයෙන් අවුරුදු 35කට කලින්. එතකොට ඔයාලා මේ සීරීස් එකේ වර්තමානය විදියට ගන්න ඕනි ටර්මිනස් වල මිනිස්සු පදිංචි වෙලා ඉන්න කාලය. තව සරලව කිව්වොත් සැල්වෝ හාර්ඩින් වටා ගෙතන කතාව තමා වර්තමාන ටයිම් ලයින් එක. අන්න එතන ඉදන් අවුරුදු 400කට පස්සේ තැනකින් තමා 03 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ. සීරීස් එකේ පළවෙනි වතාවට අපිට පළමුවැනි ක්ලියෝන් අධිරාජ්‍යයාව බලාගන්න පුලුවන් වෙනවා.
![]() |
පළමුවැනි ක්ලියෝන් අධිරාජ්‍යයා |
මෙයා තමා අධිරාජ්‍යයාව ක්ලෝන් කරන වැඩේ පටන් ගන්න කෙනා. තව සරලව කිව්වොත් මෙයා ස්භාවිකව ඉපදුන කෙනෙන්. ඒ වගේම මෙතනත් ඩෙමෙර්සෙල් ඉන්නව.
![]() |
ඩෙමෙර්සෙල් |
කලින් ආටිකල් එකේ කිව්වා ඩෙමෙර්සෙල් ගැන. ඒ වගේම අපිට බලාගන්න පුලුවන් ස්ටාර් බ්‍රිජ් එක හදන්න වැඩ පටන් අරන් තියෙනවා.
ඒ වගේම තමා මේ බ්‍රිජ් එකේ වැඩ ඉවර වෙනකම් පළවෙනි ක්ලියෝන් අධිරාජ්‍යයාට පුලුවන් වෙන්නේ නෑ. ඔයලා දැක්කනේ මිනිහා සෑහෙන්න වයසට ගිහින් ඉන්නේ කියලා. ඔය සීන් එක දැක්කාම ඔයාලට අපේ ඉතිහාසයේ ඔය වගේම සිද්ධියක් මතක් උනේ නැද්ද? රුවන්වැලි මහා සෑය ගොඩනගන්න වැඩ පටන් ගත්තේ දුටුගැමුණු රජතුමානේ. හැබැයි ඒකේ වැඩ ඉවර වෙනවා දකින්න දුටුගැමුණු රජතුමා ජීවත් වෙලා හිටියේ නෑ. දුටුගැමුණු රජතුමා මරණයට ආසන්න වෙලා ඉන්නකොට තිස්ස කුමාරයා රුවන්වැලිසෑයේ වැඩ ඉවර නැති තැන් සුදු රෙදිවලින් වහලා දුටු ගැමුණු රජතුමාට පෙන්නනවා. ඔය සිද්ධිය ඔයාලා අනිවාර්යයෙන් අහලා ඇතිනේ. මට මේ ක්ලියෝන්ගේ සිද්ධිය දකිද්දී මතක් උනේම ඒක. අපි මේ ජීවත් වෙලා ඉන්න කාලෙනම් ඔහොම දේවල් දකින්න ලැබෙන්නෙම නෑ. හැමෝම බලන්නේ තමන් බලයෙ ඉන්න කාලේ කොහොමහරි එහෙන් මෙහෙන් ගහලා තමගෙ නමත් ගහගෙන තමන්ම ඕපන් කරගන්නනේ 😂 ඔය නිසාම තමා අපි ඉස්සර වගේ සියවස් ගානක් පවතින විශිෂ්ඨ නිර්මාණ දැන් නිර්මාණය වෙනවා බලාගන්න බැරි.
ඊලග ආයේ අවුරුදු 400කට පස්සේ කතාව පෙන්නනවා. ආයෙත් මතක් කරනවා ඔන්න. දැන් අවුරුදු 400කට පස්සේ කියන්නේ සීරීස් එකේ වර්තමානය නෙමෙයි. මතකනේ ස්ටාර් බ්‍රිජ් එකේ බොම්බ පිපිරීම. අන්න ඒ සිද්දියෙනුත් අවුරුදු 19කට පස්සේ කතාව තමා මේ. කොලොප්පන් වෙනවා නේද? ඒක තමා මං උඩදිම කිව්වේ ස්ටෝරි ලයින් එක රශ් වැඩී කියලා. මෙහෙම සරල කරන්නම්. පළවෙනි එපිසෝඩ් එකේ ස්ටාර් බ්‍රිජ් එකේ බ්ලාස්ට් එක දැක්කනේ. අන්න එතන ඉදන් අවුරුදු 19කට පස්සේ කතාව තමා දැන් පෙන්නන්නේ. අර අවුරුදු 400 සීන් එක අමතක කරමුකෝ ටිකකට. මෙතනදි අපිට බලාගන්න පුලුවන් බ්‍රදර් ඩෝව්න් (පොඩි ළමයා) මැදි වියට පත්වෙලා තියෙනවා.
![]() |
බ්‍රදර් ඩෝව්න් |
හරිනම් මෙයාට දැන් කතා කරන්න ඕනි බ්‍රදර් ඩේ කියලා. හැබැයි තාමත් බ්‍රදර් ඩස්ක් (වයසක හාදයා) ජීවත් වෙලා ඉන්න නිසා තමා මෙයාට බ්‍රදර් ඩෝව්න් කියලම කියන්නේ. ඒ වගේම කලින් එපිසෝඩ් දෙකේ අපි දැක්ක බ්‍රදර් ඩේ දැන් වයසට ගිහින්.
![]() |
බ්‍රදර් ඩස්ක් |
ඔතන ටැපලුනානම් මෙහෙම සරල කරන්නම්. මතකද දෙවෙනි එපිසෝඩ් එකේ අර ග්‍රහලෝක දෙකට (තෙස්පියන්, ඇනක්රීන්) ගහලා, ඒ ග්‍රහලෝක දෙක නියෝජනය කරමින් ට්රැන්ටෝර් වලට ආව කට්ටියව එල්ලලා මැරුව කෙනා.
![]() |
බ්‍රදර් ඩේ |
හෑන්ඩ් සිග්නල් එක දෙන්නේ. ආන් ඒ පොර තමා මේ වයසට ගිහින් ඉන්නේ. ඒ වගේම කලින් එපිසෝඩ් දෙකේම ඩෙමෙර්සෙල් එක්ක හිටිය පොඩි ළමයා මතකද? අන්න එයා තමා මේ තරුණ වෙලා ඉන්නේ. හරිනේ.. දැන් තේරෙනවානේ. මේක හරියට තේරුම් නොගත්තොත් දිගටම කන්ෆියුස් උන්ගා බුන්ගා වෙනවා හොදේ. මොකද මේ නලුවො තුන් දෙනාම තමා කැරකි කැරකි දිගටම ඉන්නේ. අධිරාජ්‍යයා එයාවම ක්ලෝන් කර කරනේ යන්නේ. එතකොට මෙහෙන ක්ලෝන් කර කර යනකොට මේ හැමෝම එකම විදියේ අයද??? හරියට ෆොටෝ කොපි එකක් වගේ????
ඒකට උත්තරේ ඔව් සහ නෑ. හැසිරීමෙන් ඇරෙන්න අනිත් හැමදේකින්ම මෙයාලා එක සමානයි. ඕකට ඔයාලා දන්න කතාවකින් උදාහරණයක් දෙන්නම්. තාපස ආරාමයට වැන්න ගිරවගෙයි, හොරු කල්ලියට වැටුන ගිරවගෙයි කතාව අහලා තියේ නේද. අන්න ඒ වගේම තමා මේකත්. එකම කෙනා. හැබැයි එයාලා ජීවත් වෙන්නේ වෙනස් කාල වල. මුහුණ දෙන්නේ වෙනස් අත්දැකීම් වලට. අපි මොනතරම් එක වගේ උනත් අපි හැදෙන වටපිටාව අනුව අපේ ගති පැවතුම් වෙනස් වෙනවා. ඔය හේතුව නිසා තමා අවුරුදු 12ක් 13ක් තිස්සේ ස්කෝලේ එක පන්තියේ හිටිය යාලුවන්ට වඩා ඊට වඩා අඩු කාලයක් ආස්‍රය කරපු යාලුවන්ව අපිට මාර විදියට සෙට් වෙන්නේ. කාලය නෙමෙයි වැදගත්. ඇත්දැකීම් සහ වටපිටාව. අධිරාජ්‍යයයා එයාවම ක්ලෝන් කර කර ආවත් වෙන්නේ මේකමයි. ගොඩක් පැතිවලින් එකම කෙනා. විශේෂයෙන් බයෝලොජිකලි එකම කෙනා. ඒත් හැසිරීම්, ගති පැවතුම් වෙනස්. ඕකත් ඔලුවේ තියන් ඉන්න ඉස්සරහට යනකොට ඕක ඕනි වෙනවා.
ඔන්න ඊලගට අපිට බලාගන්න පුලුවන් මීට කලින් හිටිය අධිරාජ්‍යවරු හදුන්වන විදිය. මේක නිකන් අධිරාජ්‍යයවරු ගැන තියෙන මියුසියම් එකක් වගේ. මෙතනදී අපිට හතර දෙනෙක් ගැන විස්තර බලාගන්න පුලුවන්.
පළමුවැනි ක්ලියෝන් (Cleon the 1st) - ඩ්‍රීමර් (The Dreamer)
මෙයාට කියන්නේ ඩ්‍රීමර් කියලා. සිහින දකින්නා කියන එකට වඩා ලොකු විශන් එකක් තිබ්බ කෙනෙක් වගේ අදහසක් තමා මෙතන තියෙන්නේ.. හරිනෙ ඉතිං. ස්ටාර් බ්‍රිජ් එක පවා මෙයාගේ සැලසුමක්. ක්ලෝනිකරණය එහෙමත් පටන් ගත්තේ මෙයානේ.
දෙවෙනි ක්ලියෝන් (Cleon the 2nd) - ස්කොලර් (The Scholar)
Scholar කියන්නේ පඩිවරයෙක් වගේ කෙනෙක්. සරල භාෂාවෙන් නම් හොද උගතෙක්/ජීනියස් කෙනෙක්. සමහරවිට ගැලැක්ටික් එම්පයර් එකේ තියෙන ඇඩ්වාන්ස් ටෙක්නොලජි වලට එහෙම මෙයා ලොකු දායකත්වයක් දෙන්න ඇති.
තෙවැනි ක්ලියෝන් (Cleon the 3rd) - ඇල්කෙමිස්ට් (The Alchemist)
මේක ටිකක් සංකීරණයි. Alchemy කියන්නේ අතීතයේ තිබුන සබ්ජෙක්ට් එකක්. මේ සබ්ජෙක්ට් එකේ හිටිය අයගේ මූලික පරමාර්ථය වුනේ යම් යම් දේවල් එකතු කරලා රංත්තරන් නිශ්පාදනය කරන එක. මේක මටත් ලොකුවට තේරෙන්නේ නෑ. උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ජර්මානු ඇල්කෙමිස්ට් කෙනෙක් වුන හෙනිග් බ්‍රෑන්ඩ් (Hennig Brand) මිනිස්සුන්ගේ ශරීරයෙන් රත්තරං නිශ්පාදනය කරන විදිය ගැන පරීක්ෂණ කරලා තියෙනවා.
![]() |
හෙනිග් බ්‍රෑන්ඩ් |
මේයා මේකට යොදාගෙන තියෙන්නේ මුත්‍රා (යූරීන්). මුත්‍රා වල රත්තරං පාටක් තියෙනවානේ. මේ නිසා මෙයා හිතලා තියෙනවා මූත්‍රා භාවිතා කරලා රත්තරං නිශ්පාදනය කරන්න පුලුවන් කියලා. මේ පරීක්ෂණ අවසානයේ එයාට රත්තරං හොයාගන්න බැරි වුනා. හැබැයි මේකේ ප්‍රතිපලයක් විදියට තමා එයාට පොස්පරස් (P) හොයාගන්න පුලුවන් උනේ. ඔය වගේම ඒ කාලේ හිටිය ඇල්කෙමිස්ට්ලගෙ පරීක්ෂණ වල ප්‍රතිපලයක් විදියට තමා වීදුරු නිශ්පාදනය කරන්නත් පුලුවන් වෙලා තියෙන්නේ. ඇල්කෙමිස්ට් කියන්නේ කොයි වගේ කෙනෙක්ට ද කියලා අදහසක් ඔයාලට ලැබෙන්න ඇතිනේ. මීටා වඩා හොදට මේ දේ පැහැදිලි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන් යන්න.
හතරවෙනි ක්ලියෝන් (Cleon the 4th) - පේන්ටර් (The Painter)
බ්‍රදර් ඩස්ක් විදියට සීරීස් එකේ මුල ඉදන් අපි දැක්කේ මෙයාව තමා. මතකනේ පළවෙනි එපිසෝඩ් එකේ මෙයා බිත්තියේ චිත්‍රයක් එහෙම අදිනවා.
මෙයා පේන්ටර් කෙනෙක්. පේන්ටර් කියන එකේ තේරුම චිත්‍ර ශිල්පියෙක් කියන එකනේ. හැබැයි ඒක ඒ විදියට නොගෙන කලාකරුවෙක් කියන තේරුම ගන්න එක හොදයි කියන එකයි මට හිතුනේ. ඒ වගේම කලාකරුවො කියන්නේ සංවේදී පිරිසක් (ගොඩක් වෙලාවට). මතකනේ ස්ටාර් බ්‍රිජ් එකේ පිපුරුමෙන් පස්සේ මෙයා ඒකෙන් හානි වුන මිනිස්සුන්ව බලන්න එහෙම යනවා.
ඒ වගේම බ්‍රදර් ඩේ ට වඩා මෙයා ටිකක් සෙන්සිටිව් කෙනෙක් කියලා එහෙම ඔයාලට තේරෙන්න ඇති.
ඔන්න ඔය හතර දෙනාම ඇති මං අර කලින් කියපු කාරණාව ඔප්පු කරන්න. මේ හැමෝම එකම කෙනගේ ක්ලෝන් එකක් උනාට මේ හැමෝටම විවිධ වූ හැකියාවන් තියේ. ඊටත් වඩා මෙයාලා හැගීම් දැනීම් සහ ගති පැවතුම් අතින් වෙනස් කියලා තේරෙනවානේ. ආයෙත් අපිට අර කලින් එපිසෝඩ් වල වගේම කෑම මේසේ සීන් එකක් පෙන්නනවා. ඒකෙදි මේ දෙන්නගෙ රිඇක්ශන් එක කලින් වගේම එකම ටයිම් එකේදී වෙනවා දැක්කද.
දැන් ඕකයි අර කලින් කිව්ව එකයි පටල ගන්න එපා. මෙහෙමයි. අපි හැමෝටම තියෙනවා රිඇක්ශන් ටයිම් එකක්. මෙහෙම කියන්නම්.. අපි හැමෝටම ඉන්නවානේ ටියුබ් ලයිට් යාලුවෙක්. විහිලුවක් ඒම කලාම ඇගිල්ලෙන් ඇනලා හිනාවෙන්න ඕනි තැන කියන්න ඕනි ඩයල් එකට. ඒ වගේම තමා ඕනි දෙයක් සනික තේරෙන සෙට් එකකුත් ඉන්නවා. සරලව කිව්වොත් ප්‍රතිචාර දක්වන විදිය එකිනෙකාට වෙනස්. මේ දේ ගැන මීට වඩා වෙනස් මතයක් තියේනම් අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද මේකේ මගේ පර්සනල් වීව්පොයින්ට් එක. ගූගල් කරලා හොයපු දෙයක් නෙමෙයි. බ්‍රදර් ඩස්ක් හොදටම වයසට ගිහින් කියන එක දකින්න ඇතිනේ. හැබැයි අවසන් දවසට කලින් මෙයා ආයෙත් චිත්‍රයක් අදින්න යනවා.
ඒකෙන් පස්සේ මෙයාට එතන නින්ද යනවා. ඊට පස්සේ ඩෙමෙර්සෙල් ඇවිත් මෙයාව වඩාගෙන එක්කන් යනවා.
ඕකෙන් පෙන්නන්නේ ඩෙමෙර්සෙල් සහ එම්පයර් අතර තියෙන බැදීම. ඩෙමෙර්සෙල් කියන්නේ රොබෝ කෙනෙක් උනාට පළවෙනි ක්ලියෝන්ගේ ඉදන්ම මෙයා එම්පයර් ලගින් ඉදලා තියෙනවා. විශේෂයෙන්ම අධිරාජ්‍යයාගේ පුංචි කාලයේ (බ්‍රදර් ඩෝව්න්) අම්මා වගේ ලගින් ඉන්නේ ඩෙමෙර්සෙල්. ඒ බැදීම එම්පයර්ගේ අවසානය වෙනකම් තියෙනවා. ඒ වගේම මෙතනදී ඩෙමෙර්සෙල් හරි සෙන්සිටිව් දෙබසක් කියනවා.
It's just that you always leave me
හරිනේ.. ඩෙමෙර්සෙල් මැරෙන්නේ නෑ. එම්පයර් එයාවම ක්ලෝන් කරගත්තත් කාලෙකට සැරයක් එයාගේ එක්කෙනෙක් මැරෙනවා. ඉතිං ඩෙමෙර්සෙල්ට සිද්ධවෙනවා මැරෙන කෙනාට සමු දෙන්න. ඒක ලොකු වේදනාවක්. ඒ වගේම මේකේ අපිට බලාගන්න පුලුවන් මැරෙන්න යන කෙනාට කියන්නේ බ්‍රදර් ඩාක්නස් කියලා. එයා අන්දකාරයට යනවා වගේ අදහසක්. ඒ වගේම මෙයා මැරෙන්නේ ස්භාවිකව නෙමෙයි. මරණවා වගේ එකක් තමා වෙන්නේ.
මේක හොදටම තේරුම් ගන්න පුලුවන් නොලන් මහත්තයගෙ The Prestige ෆිල්ම් එක බැලුවානම්. තමන්ගෙ අනාගතය වෙනුවෙන් තමන්වම කැප කරනවා. ඒක තමා මෙතන වෙන්නේ. ඒ වගෙම මෙයාගේ ඉතුරු වෙන අලු ටිකෙන් අතදරුවගෙ නළලේ සලකුණක් අදිනවා.
අන්න ඒ අත දරුවා තමා ඊලග බ්‍රදර් ඩෝව්න් වෙන්නේ. මේක සීනිබෝල දෙයක් වගේ පෙනුනනට හෙන සංකීරණ කන්සෙපෙට් එකක්. ඇත්තටම අපේ ඉමැජිනේශන් එකෙන් එහා තියෙන දෙයක්. ඔන්න මේ සිදුවීම් වලින් අවුරුදු 17කට පස්සේ සිදුවීම් පෙන්නනවා. සීරීස් එකේ පළවෙනි වතාවට එම්පයර්ව නියෝජනය කරන්න අලුත් නලුවෙක් මෙතන ඉන්නවා. මෙයා ටීනේජ් කෙනෙක්. ඒ වගේම මේ ඉන්නේ අර බ්‍රදර් ඩාක්නස්ගේ අලු වලින් සලකුණු කරපු කෙනා.
මතකද බ්‍රදර් ඩාක්නස් මැරෙන්න කලින් ඒ අත දරුවා හොදටම අඩනවා. ඒ වගේම ඒ වෙලාවේ ඩෙමෙර්සෙල් කියනවා "Everything is all right" කියලා. එතකොට බ්‍රදර් ඩාක්නස් කියනවා "No, Something is wrong" කියලා. මේක තමා එයාගේ අවසාන දෙබස. මට හිතෙන විදියට බ්‍රදර් ඩාක්නස්ට තේරෙනවා මේ අලුත් ළමයා ලොකු වෙනසක් කරයි කියලා. මෙහේ සිංගප්පූරුවක් කරනවා කියලා ආව ඈයො කරපු හරිය පේනවානේ. මේකත් ඒ වගේ. තියෙන ටිකත් නැති කරලා දානවා වගේ එකක්. ඕක හොදට තේරෙනවා බ්‍රදර් ඩාක්නස් අවසානෙට ඇදපු චිත්‍ර මේ ටීනේජ් එම්පයර් මකලා දාන සීන් එකෙන්. සමහරවිට හැරී සෙල්ඩන් ප්‍රෙඩික්ට් කරපු එම්පයර්ගේ විනාශයට මූලික හේතුව මෙයා වෙන්න පුලුවන්. 14 වෙනි ක්ලියෝ තමා මේ ඉන්නේ.
ඔන්න ඊලගට පෙන්නවා සෙල්ඩන්ගේ ෆවුන්ඩේශන් එකේ කට්ටිය ටර්මිනස් වලට ගොඩබහින එක.
මෙතන ගේල් නෑ. ඇයි කියලා දන්නවානේ. හැබැයි ලවුරි මෙතන ඉන්නවා.
![]() |
ලවුරි |
එයාට හම්බවෙන්න හිටිය ළමයට මොකක් උනාද දන්නේ නෑ. මතකනේ දෙවෙනි එපිසෝඩ් එකේ මෙයාට ළමයෙක් හම්බවෙන්න ඉන්නවා කියලා ගේල්ට කියනවා. කොහොමහරි මෙතන ඉන්නවානේ බ්ලැක් ඇමෙරිකාන් ජෝඩුවක්. අන්න ඒ දෙන්නගෙ ළමයා තමා සෙල්වෝ හාර්ඩින් කියන්නේ. මෙයා ටර්මිනස් වලම ඉපදුන කෙනෙක්.
![]() |
තරුණ සැල්වෝ හාර්ඩින් |
මෙයාලා ටර්මිනස් වලට ගොඩබහිනකොටත් Vault එක තියෙනවා.
ඒ වගේම හැරීගේ ප්‍රෙඩික්ශන් වල කොහේවත් මේ වොලට් එක ගැන සදහනක් නෑ. ඒ නිසා තමා මෙයාලා මේක දැකලා පුදුම වෙන්නේ. ඒ නිසාම කාලයත් එක්ක මේකට එක එක මිත්‍යා මත එහෙම හැදෙනවා. අපෙත් තියෙන්නේ ඔහොම ඒවා. රිටිගල කන්ද කියන්නේ හණුමාන් හිමාල කන්දෙන් කොටසක් අරන් යනකොට ලංකාවට වැටුන කොටසක් කියලා කියන්නේ. ආන් ඒ වගේ ලෙජන්ඩරි මිත්‍යා කතා හැදෙනවා. මිනිස්සු නොදන්න දේවල් වලට කියන්න දෙයක් නැති උනාම තමා ඔහොම කතා ගොඩනගන්නේ.
මේ ටර්මිනස් වල වටපිටාව දකිනකොට ඔයාලට හොදට හුරු පුරුදු ෆිල්ම් එකක් මතක් උනේ නැද්ද? මතකද නොලන් මහත්තයගෙ Interstellar ෆිල්ම් එකේ ඩොක්ටර් මෑන්ගේ ප්ලැන්ට් එක. ටර්මිනස් වලට සෑහෙන්න සමාන වටපිටාවක් තියෙන්නේ. හෙන එපික් එහෙම දේවල් මතක් වෙලා එනකොට.
![]() |
Interstellar ෆිල්ම් එකේ ඩොක්ටර් මෑන්ගේ ප්ලැන්ට් එක |
මෙයාලා ටර්මිනස් වල ජනාවාස හදාගන්නවා එහෙම දැක්කනේ.
ඒ වගේම මෙයාලා මේ ජනාවාසය වටේට ශීල්ඩ් එකක් දානවා. ඇයි ඒ? මතකද දෙවෙනි එපිසෝඩ් එකේ ශිප් එක ඇතුලේ මෙයාලා වර්චුවල් විදියට ට්‍රේනින් එකකට සම්බන්ධ වෙනවා.
![]() |
දෙවෙනි එපිසෝඩ් එකේ ශිප් එක ඇතුලේ තිබ්බ වර්චුවල් ට්‍රේනින් එක |
අන්න ඒ ට්‍රේනින් එකේ Bishop කියලා සතෙක් ගැන කියන්නේ. ආන් ඒ සතාගෙන් ආරක්ශා වෙන්න තමා මේ ශීල්ඩ් එක දාලා තියෙන්නේ. සමහරවිට එකම හේතුව ඒක නොවෙන්න පුලුවන්. සැල්වෝගේ තාත්තා මේ ශීල්ඩ් එකට ගලක් ගහනවා. ඒ ගල ශීල්ඩ් එකෙන් එහා පැත්තට යන්නේ නෑ. හැබැයි ඒත් එක්කම සැල්වෝ ශීල්ඩ් එකෙ මෙහා පැත්තට එනවා.
ඒ කියන්නේ මේ ශීල්ඩ් එකෙන් මිනිස්සුන්ට එහා මෙහා යන්න පුලුවන් වෙන්න හදලා ඇත්තේ. වකන්ඩා වල තිබ්බ ශීල්ඩ් එක මතකයිනේ. අන්න ඒ වගේම එකක් තමා මේ.
![]() |
වකන්ඩා වල තිබ්බ ශීල්ඩ් එක |
ඒ වගේම ඔය ශීල්ඩ් එකෙන් මෙහා පැත්තේ බිශොප් කෙනෙක්ගේ අඩි සලකුණු තියෙනවා.
සැල්වෝ කියන්නේ ඒ අඩි සලකුණු බිශොප් ගෑණු සතයෙක්ගේ කියලා. ඒ වගේම සැල්වෝ මෙයාට මේබල් කියලා නමකුත් දාලා තියෙනවා. අන්න ඒ සතා තමා අන්තිමේට අර ශිප් එක ඇතුලෙදි සැල්වෝට හම්බවෙන්නේ.
![]() |
බිශොප් (මෙයාට තමා මේබල් කියලා සැල්වෝ නමක් දාලා තියෙන්නේ) |
අර ඊතලයක් වැදිලා තුවාල වෙලා ඉන්නේ. ඊට කලින් වතාවෙත් සැල්වෝට මේබල්ව හම්බවෙනවා. හැබැයි සැල්වෝ මෙයාම මරන්නේ නෑ. නිකන් පැත්තකට වෙඩි තියලා බය කරලා එලෝනවා. ගොඩක් දරුණු සතෙක්වනම් එහෙම හුරතල් කර කර ඉන්නේ නෑනේ දැක්ක තැන කෙලලා අරිනවා මිසක්. දෙවෙනි වතාවෙත් ඇනිලා තියෙන ඊතලේ ගලෝලා දාලා සැල්වෝ මේ සතාව බේරගන්නවා. එක්කො දෙන්නා අතරේ කනෙක්ශන් එකක් තියෙනවා අපිට තාම පෙන්නුවේ නැති. බලමු ඉස්සරහට.
![]() |
ඊතලයක් වැදිලා තුවාල වෙලා ඉන්න මේබල් |
ඔන්න ඊලගට අර දෙවෙනි එපිසෝඩ් එකේ වගේ හරි ලස්සන ෆැක්ට් එකක් ගැන මෙයාලා තර්ක කරනවා. මතකනේ කලින් එපියේ නම්බර්ස් ගැන මෙයාලා තර්ක කලා. මේකේ මෙයාලා කතා කරන්නේ ඔරලෝසුව ගැන.
ඔයාලා දන්නවද අපි මේ ජීවත් වෙන ලෝකේ මිනිස්සු ඉන්නවා ජීවිතේට ඔරලෝසුවක් දැකලා නැති. වෙලාව කියවන්න දන්නේ නැති. මනුෂ්‍ය සංහතියේ ප්‍රාතමික අවධියේ ඉදන් අපේ හැමදේටම මූලික උනේ සූර්යා. වෙලාව සම්බන්ධ කාරණාවෙදිත් එහෙමයි. අදට උනත් අපි දවල් වෙලා, හවස් වෙලා, රෑ වෙලා කියන්නේ ඔරලෝසු බලල නෙමෙයිනේ. මතක තියාගන්න මේ ෆවුන්ඩේශන් එකේ මූලික අරමුණ තමා හැරී ප්‍රෙඩික්ට් කරපු විනාශයෙන් පස්සේ ඉතුරු වෙන මිනිස්සුන්ට ආයෙත් මුල ඉදන් නැගිටින්න උදව් වෙන එක. මෙහෙම හිතන්නකෝ.. මේ ඉතුරු වෙන මිනිස්සු ටික සාමන්‍ය ඔරලෝසුවකින් වෙලාව බලන්න දන්නේ නැති අය උනොත් මොකද කරන්නේ??? අපි එහෙම මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කලානම් අපි වෙලාව බලන වැඩේට හදුන්වලා දෙන්නේ දැනට ලෝකේ තියෙන ඇකියුරසි එක වැඩිම ඔරලෝසුව. හැබැයි මෙයාලා මෙතනදී තෝරගන්නේ ලෝකේ භාවිතා කරපු ප්‍රාථමික වගේම වැඩිම දෙනෙක් යූස් කරන්න දන්න Sundial ඔරලෝසුව. මේක තමා ලෝකේ පළවෙනිම ඔරලෝසුව විදියටත් සලකන්නේ. ඕක වැඩ කරන්නේ සූර්යා මූලික කරගෙන. මේ පහල තියෙන ෆොටෝ එක දැකලා තියෙනවානේ. අන්න ඒ වගෙ එකක් තමා මෙයාලා ෆවුන්ඩේශන් එකට තෝරගන්නේ.
![]() |
Sundial ඔරලෝසුව |
එතකොට ඒකත් එක්කම තියෙන අනිත් ඔරලෝසුව තමා Water Clock කියන්නේ.
![]() |
රතු පාට ඊතලෙන් පෙන්නලා තියෙන්නේ වෝටර් ක්ලොක් එක. නිල් පාට ඊතලෙන් පෙන්නලා තියෙන්නේ සන්ඩයල් ඔරලෝසුව |
ක්‍රි.පූ 16 වෙනි සියවසේ බැබිලෝනියාව, ඊජිප්තුව වගේම පර්සියාව ආශ්‍රිතව පාවිච්චි කරපු කාලය මනින ක්‍රමයක් තමා මේ වෝටර් ක්ලොක් කියන්නේ. මේකට Clepsydra කියලත් කියනවා.
![]() |
ඊජිප්තුවේ පාවිච්චි කරපු වෝටර් ක්ලොක් එකක් |
සන්ඩයල් ඔරලෝසුවට වඩා මේකේ ඇකියුරසි එක (නිරවද්‍යතාව) වැඩී. හැබැයි මේකේ ප්‍රැක්ටිකලි ප්‍රශ්න තියෙනෙවා අනාගතය ගැන හිතනකොට. එකක් තමා මේකේ මිනුම් ගන්න අමාරුයි. සන්ඩයල් එකේ එහෙම නෑ. බැලූ බැල්මට මිනුමක් ගන්න පුලුවන්. ඔය හැමදේකින්ම අපිට පෙන්නන්නේ මේ ෆවුන්ඩේශන් එක හදන එක කොච්චර අමාරු දෙයක්ද කියලා. කලින් ලිපි සේරගෙම කිව්වා වගේ මේකෙදි ට්‍රිලියන ගානක් මිනිස්සු ගැන, මිලියන ගානක් ග්‍රහ ලෝක ගැන හිතන්න වෙනවා. ඉතිං ඒ කන්සෙපෙට් එකේ තියෙන බැරෑරුම්කම පෙන්නන්න තමා අපිට මේ සීන් සීරීස් එක ඇතුලේ පෙන්නන්නේ. පර්සනලි මං මේ කතාවේ ආසම තැන් තමා ඕවා.
ඔන්න ඊලගට සීරීස් එකේ අලුත්ම කැරැක්ටර් එක බලාගන්න පුලුවන්. Strike Back ෆෑන්ස්ලා නම් හොදටම දන්න කෙනෙක් මේ. Strike Back Retribution එකේ සැමුවෙල් වයට්ගේ කැරැක්ටර් එක කරපු ඩැනියෙල් මැක්ෆර්සන් තමා මේ.
![]() |
හියුගෝ |
මේ සීරීස් එකේ මෙයාගේ කැරැක්ටර් එකේ නම හියුගෝ. මෙයා තෙස්පියන් කෙනෙක්. මතකනේ. දෙවෙනි එපියේ අන්තිමට එම්පයර් ඇටෑක් කරපු ප්ලැන්ට් දෙකෙන් එකක හිටියේ තෙස්පියන්ලා. මෙයා ඇවිල්ලා අපේ සැල්වෝගේ බෝයිෆ්‍රෙන්ඩ්. ස්ට්‍රයික් බැක් එකේ කැරැක්ටර් එක වගේම මේකෙත් ටිකක් නාහෙට අහන්නේ නැති කැරැක්ටර් එක්ක තමා 😂
කොහොමහරි ඔන්න ඊලගට ඇනක්රීන් ශිප් වගයක් ටර්මිනස් වලට එනවා.
නිකන් ශිප් නෙමෙයි. ගන්ශිප්.. ඒ කියන්නේ යුධයානා. යුධයානා එන්නේ ජිල් බෝල ගහන්න නෙමෙයිනේ. එම්පයර් මෙයාලගෙ ප්ලැන්ට් එකට ගහපු එකේ තරහ මෙයාලට තියෙන්න ඕනි. මොකද ඒ ඇටෑක් එක නිසා වැරදි කරපු මිනිස්සුන්ට වඩා වන්දි ගෙවන්න ඇත්තේ අහිංසක මිනිස්සු. ඕක ගැන මං කලින් බ්‍රේක්ඩවුන් එකේ කතා කලා. ඒකට පලිය ගන්නද දන්නෙ නෑ මෙයාලා මේ ඇවිල්ලා ඉන්නේ. අනික තමා ටර්මිනස් කියන්නේ ඇනක්රීන්ලට වගේම තෙස්පියන්ලටත් තහනම් කලාපයක්. මේකට ඇතුල් වෙනවා කියන්නෙම ආයෙත් එම්පයර්ගෙන් කන්න වෙන සීන් එකක් සරලව කිව්වොත්. ඒ වගේ ලොකු රිස්ක් එකක් අරන් තමා මෙයාලා ටර්මිනස් වලට ඇතුල් වෙන්නේ. ඊලග දේ තමා හැරීගේ ප්‍රඩක්ශන් වල මේ ගැනත් සදහනක් වෙලා නෑ. ඒ වගේම තමා ෆවුන්ඩේශන් එකේ කට්ටිය ටර්මිනස් වලට ඇවිල්ලා දැන් අවුරුදු 30ක් විතර වෙනවා. ඒ අවුරුදු 30ටම මෙහෙම පිටින් කට්ටියක් ඇවිල්ලත් නෑ.
ෆවුන්ඩේශන් එකේ සෙට් එක මේ ගැන කියලා එම්පයර්ට මැසේජ් එකක් යවන්න හදනවා. ඒත් ඒක සාර්ථක වෙන්නේ නෑ. ආයේ ඔයාලට ඇහෙන්න ඇති Handshake Protocol කියලා එකක්. ඕක නෙට්වර්කින් වල තියෙන කන්සෙපෙට් එකක්. සරලව කිව්වත් කනෙක්ශන් එකෙක් පටන් ගන්නේ හෑන්ඩ්ශේක් ප්‍රෝටකෝල් එකත් එක්ක. ගොඩක් වෙලාවට කෙනෙක්ව හම්බවුනාම අතට අත දීලනේ කතා කරන්න පටන් ගන්නේ. ඒ වගේ තමා මේක. හැබැයි පොඩි අවුලක් මෙතන තියෙනවා. මතකනේ මෙයාලගෙ ජම්ප් ශිප්. සතර මාන යූස් කරලා අවකාශයේ එක තැනක ඉදන් තව තැනකට ප්රිසිකලි යන්න මෙයාලට පුලුවන්. එහෙව් ටෙක්නොලජි එකක් තියෙන අයට මැසේජ් එකක් යවාගන්න හරිහමන් ටෙක්නොලජි එකක් නෑ කියන එකනම් අවුලක්. මොකද මෙයාලා ටර්මිනස් වලට ඇවිල්ලම අවුරුදු 30ක් වෙනවනේ.
ඔන්න ඊලග මේ එපිසෝඩ් එකේ පළවෙනි වතාවට අපිට ප්‍රයිම් රේඩියන්ට් එක බලාගන්න පුලුවන්. සැල්වෝගේ අම්මා ලග තමා ඒක තියෙන්නේ.
ඒ වගේම එයා කියනවා මේ වෙනලොට ප්‍රයිම් රේඩියන්ට් එක පාවිච්චි කරන්න පුලුවන් දෙන්නම (හැරී සහ ගේල්) නෑ කියලා. හැබැයි ප්‍රයිම් රේඩියන්ට් එකට සැල්වෝ ප්‍රතිචාර දක්වන විදිය දිහා බැලුවාම නම් හිතෙනවා මෙයාට මේක තේරුම් ගන්න පුලුවන්දෝ කියලා.
සැල්වෝ කියන්නේ ජීනියස් කෙනෙක් නෙමෙයි. හැබැයි ස්පෙශල් කෙනෙක්. වොලට් එකේ එනර්ජි ශීල්ඩ් එකෙන් පවා සැල්වෝට හානියක් වෙන්නේ නෑනේ. බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා.
ඊලගට සැල්වෝ අර පරණ ශිප් එකට යනවා.. පොඩි ළමයෙක් පස්සේ පන්නන්න ගිහින් තමා මෙයා මේ ශිප් එකකට යන්නේ දෙපාරම. පළවෙනි පාර එතන හිටියේ මේබල් (බිශොප්) විතරයි. හැබැයි ඊලග පාරනම් හෙන සෙට් එකක් ඉන්නවා. මේ ඉන්නේ ඇනක්රීන්ලා වෙන්න ඕනි. අර ආව ගන්ශිප් අයිති ඇනක්රීන්ලට තමයි. හැබැයි ශිප් ලෑන්ඩ් කරන්නේ නැතුව මෙයාලා ගොඩබැස්සේ කොහොමද කියන එක අවුලක්. ඒක නිසා මේ වෙන කට්ටියක් වෙන්නත් පුලුවන්.
ඇනක්රීන්ලා කියන්නේ දක්ශ දඩයක්කාරයෝනේ. මතකනේ මෙයාලා දඩයමේ යනකොට කියන සිංදුව ගැන කලින් එපිසෝඩ් දෙකේම ලොකුවට කතා වුනා. එතකොට මේ ශිප් එක මොකක්ද? මේක තමා ෆවුන්ඩේශන් එකේ කට්ටිය මුලින්ම ටර්මිනස් වලට ආව ශිප් එක.
එක අතාඇරලා දාලා වගේ තියෙන්නේ දැන්. ඔන්න දැන් තමා එපිසෝඩ් එකේ වැදගත්ම පොයින්ට් එක..
එපිසෝඩ් එකේ නම තමා Mathematicians Ghost. ඔය ගෝස්ට් (හොල්මන්) කියන වචනේ මේ එපිසෝඩ් එක පුරාවටම මාර විදියට කතා වෙනවා. ගේල්ගේ කටහඩින් තමා මේ දෙබස් ඇහෙන්නේ. එයා කියන්නේ අපි ජීවත් වෙන්නනම් මේ හොල්මන් ගැන දැනගන්න ඕනි කියලා. ඕකේ සරල තේරුම මෙහෙමයි. අපි ජීවත් වෙන්නනම් අපේ ජීවිතේ එක්ක හොල්මන් කරන මිනිස්සු ගැන අවබෝධයෙන් ඉන්න ඕනි කියලා. ඊලගට එපිය අන්තිමේට පැටර්න්ස් (රටාවන්) ගැන කතා වෙනවා ඇහුනද. ගේල් කියන්නේ මේ පැටර්න්ස් ගැන අවදානය යොමු කලොත් ඉස්සරහට වෙන ගොඩක් දේවල් ගැන දැනගන්න පුලුවන් කියලා. මොකද හිතන්නේ? ඒ කියපු එක ඇත්තද? අපේ ජීවිතේ පවා මේ වගේ පැටර්න් එකකට වෙන දේවල් ටික ගැන අවදානය දුන්නොත් අපිට ගොඩයන්න පුලුවන්ද? සරල උදාහරණයක් දෙන්නම්. ඔයාගේ ජීවිත කාලේ මැතිවරණ කීයකට ඔයාගේ චන්දෙ දාලා තියෙනවද? ඒ දාපු දාපු සැරයක් ගානේ පට්ටපල් බොරු කීයකට ඔයා රැවටුනාද? ඒ එකකින්වත් ඔයාට හෝ රටට හොදක් වෙලා තියෙනවද? හැබැයි හෙට චන්දයක් තිබ්බොත් ආයෙත් උදේම ඇහැරිලා නාලා කරලා ගෙදර තියෙන ලස්සනම ඇදුම ඇදගෙන වැඩම රැල්ල ගහන පැත්තට චන්දෙ දාලා පාට කරපු ඇගිල්ලා ස්ටේට්ස් එකකුත් දාලා හරි උජාරුවෙන් ගෙදර එනවා නේද? ඇයි ඒ??? අවුරුදු ගානක් පුරාවට ඒ රැවටෙන පැටර්න් එකවත් තේරුම් ගන්න බැරි උනා නේද? ඇයි ඒ??? ඉන්න ගමන් හිතලා බලන්න..
එහෙනම් හතරවෙනි එපිසෝඩ් එකේ බ්‍රේක්ඩවුන් එකෙන් ලබන සතියේ බ්‍රහස්පතින්දා හමුවෙමු. හෙට එනවා හතරවෙනි එපිසෝඩ් එක. අරන් බලන්න... අපි ගියා.. ජය ❤️
Foundation නවල් සීරීස් එක සහ සීරීස් එක හැදුන විදිය ගැන දාපු පළවෙනි ආටිකල් එක 👇
https://www.reviewwhocares.com/2021/09/appletv-foundation-overview-origin.html
Foundation පළවෙනි එපිසෝඩ් දෙකේ බ්‍රේක්ඩවුන් එක 👇
https://www.reviewwhocares.com/2021/09/foundation-s01e01e02-breakdown.html
Foundation S01E04 බ්‍රේක්ඩවුන් එක 👇
https://www.reviewwhocares.com/2021/10/foundation-s01e04-breakdown.html
me wenakamma confuse una bunga wela thamaa hitiye.habai supiriyatama explain karala thibba aa.dan awulak na.thamkx aa
ReplyDeleteSrvt meke timeline ek issella bldi confuse una.passe deveni parata balala kolekat liyala tmi terumgatte😅
ReplyDeleteනොහිතපු ගොඩක් පැති ගැන breakdown එකෙන් දැන ගත්තා. Thank you bro!
ReplyDelete