ඒ නිසා මං තීරණය කලා ෆිල්ම්ස් 7ටම අදාල වෙන විදියේ ආටිකල් සීරීස් එකක් ගේන්න. සීරීස් එකක් කිව්වට මහ ගොඩක් ගේන්න වෙන එකක් නෑ. හැබැයි ආටිකල් 3ක් අනිවාර්යයෙන් ගේනවා (දැනටම ට්රිලොජියක් ප්ලෑන් කරන් ඉවරයි 😁). මේ ආටිකල් සීරීස් එකේ ප්‍රධාන අරමුණ තමා නෝ වේ හෝම් එකේ ආතල් එක වැඩි කරන එක. දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග කියනවානේ. ඒ නිසා නෝ වේ හෝම් බලන්න දැනගෙන යන්ඩ ඕනි. නැත්තම් එහෙම අරහෙන් මෙහන් එකා දෙන්නා එන්න ගන්නකොට කන්ෆියුස්ඩ් උන්ගා බුන්ගා වෙන්න ඉඩ තියෙනවා. හයිප් එකේ බැලුවා වගේ නෙමෙයි නොදන්න දේවල් තිබිලා ඒවට මල පැනලා ඒ ඇරියස් පේස්බුක් හෑලි වලිනුයි, IMDb වලිනුයි අල්ලන්න ගියාම 😒
හරි.. එහෙනම් ඔන්න වැඩේ පටන් ගන්න හදන්නේ ෆිල්ම්ස් තුනේම කැරැක්ටර්ස් ගැන විස්තරයක් දාලා. මේ ආටිකල් එකෙන් ගේන්නෙ ඒක. ඊලග ආටිකල් එක තාම රහසක් 😁 මේ ෆිල්ම්ස් 7 ඇතුලේ එකම චරිතය විවිද විදි වලට දැක්කා සහ එකක සපෝටින් කැරැක්ටර් එකක් විදියට හිටිය අය අනිකේ මේන් කැරැක්ටර් එකක් උනා. එහෙනම් ඔය සේරම ගැන කතා කරමු.
ස්පයිඩිලා තුන් දෙනා ගැනනම් හැමෝම දන්නවානේ. මේ ඉන්නේ දැනට අපි දැකපු ලයිව් ඇක්ශන් ස්පයිඩර්-මෑන් ලා 👇
ආටිකල් එකේ දිගටම මෙයාලා හිටිය ෆිල්ම්ස් ගැන මං කතා කරන්නේ මෙයාලගෙ නමින්
(උදාහරණයක් විදියට :- ටෝබිගෙ ට්‍රිලොජිය, ඇන්ඩෘගෙ ඩුලොජිය, ටොමාගේ ඩුලොජිය... වගේ)
ඒ වගේම මං මේ ආටිකල් සම්පූර්ණ ෆෝකස් කරලා තියෙන්නේ ලයිව් ඇක්ශන් පැත්ත. අවශ්‍යම තැන් වල විතරක් කොමික් පැත්ත පැහැදිලි කරන්නම්. එහෙනම් මුලින්ම බලපු අපේ ස්පයිඩිගේ, එහෙම නැත්තම් පීටර් පාකර්ගේ පරම පිවිතුරු ආදරවන්තියෝ ගැන.
MJ
MJ |
ටෝබිගේ ට්රිලොජියේ වගේම ටොමාගේ ඩුලොජියේ පීටර් කොලුවා පස්සෙන් වැටිලා ඉන්නේ MJ ගේ. හැබැයි මේ MJ ලා දෙන්නෙක්.
ටෝබිගේ ට්රිලොජියේ MJ කියන්නේ මේරි ජේන් වොට්සන්ට. මෙයානම් කෙලින්ම කොමික් වලින් ගත්ත කැරැක්ටර් එකක්. පර්සනලි මට පේන්නන්න බැරි කැරැක්ටර් එකක්. පුදුම වටේ යෑමක්නේ යන්නේ 😒 ඕකට මං පොඩි පෝස්ට් එකකුත් හැදුවා 👇
කොහොමහරි මේ MJ ට රගපාන්නේ කර්ස්ටින් ඩන්ස්ට්. කැරැක්ටර් එක කොච්චර වටේ ගියත් මේ තමයි ස්පයිඩර්වර්ස් එකේ අපි දැකපු ලස්සනම MJ. පීටර්ගේ May නැන්දා එක තැනක කියනවා පීටර් පොඩි කාලේ මුලින්ම MJ ව දැක්ක වෙලාවේ එයාගෙන් ඇහුවල කවුද ඒ සුරංගනාවි කියලා.
සිරාවටම MJ ඒ තරම් ලස්සනයි. මෙයාලගෙ රිලේශන්ශිප් ගැන එහෙම ඊලග ආටිකල් එකක කතා කරමු.
ඊලගට ටොමාගේ ඩුලොජියේ ඉන්න MJ ගේ නම මිචෙල් ජෝන්ස්. කැරැක්ටර් එක කරන්නේ සෙන්ඩායා.
මිචෙල් ජෝන්ස් (MJ) |
මෙන්න මෙයා නම් කොමික් වල නෑ මං දන්න විදියට. හැබැයි මෙහෙම ෆැක්ට් එකක් තියේ. මේ අවුරුද්දේ ආව Silk #1 කොමික් එකේ සෙන්ඩායා ගැන රෙෆරන්ස් එකක් තියෙනවා.
ඔය කොමික් පැනැල් එකේ තියෙන විදියට සින්ඩි මූන් (සිල්ක්) සෙන්ඩායාගේ නම මෙන්ශන් කරනවා. ඒ කියන්නේ මාර්වල් කොමික් යුනිවර්ස් එකේ සෙන්ඩායා නිලියක් විදියටම ඉන්නවා. මේක හෙන කන්ෆියුස් සීන් එකක්. කොහොම උනත් මේ ඉන්න MJ, ටෝබිගෙ ෆිල්ම්ස් වල අපි දැක්ක MJ ට පටලගන්න එපා.
MJ වගේම ටොමාගේ පළවෙනි ස්පයිඩර්-මෑන් (Homecoming) ෆිල්ම් එකේ පීටර්, ලීස් කියලා ගෑණු ළමයෙක් පස්සේ යන්නේ.
ලීස් |
ඔන්න මෙයානම් කොමික්වල ඉන්නවා. හැබැයි ඒකත් වෙනස්. මෙහෙමයි.. කොමික් වල ඉන්නේ එලිසෙබත් ඇලන් ඔස්බෝර්න් කියලා කෙනෙක්.
එලිසෙබත් ඇලන් |
මෙයාට ඔස්බෝන් කෑල්ල එන්නේ හැරී ඔස්බෝර්න්ව මැරි කලාට පස්සේ. Spider-Man: Homecoming එකේ තිබ්බා වගේම මෙයා පීටර්ගේ ස්කෝලේ කෙනෙක්. මෙයාගේ නම එලිසෙබත් ඇලන් උනාට ඕක ප්‍රසිද්ධ වෙන්නේ ලීස් ඇලන් විදියට. ඒ නම තමා Homecoming එකට අරගෙන තියෙන්නේ. හැබැයි Homecoming එකේ ඉන්න ලයිව් ඇක්ශන් ලීස්ගේ ඔරිජින් එකනම් සම්පූර්ණ වෙනස් කරලා තියෙනවා. MCU එක ඇතුලේ ඕනි තරම් ඔහොම කොමික් වෙනස් කරලා තියෙනවා සහ එයාලා කොමික් වලට අගෞරවයක් නොවෙන විදියට හරි ලස්සනට ඒ වැඩේ කරනවා 🙏
ඇන්ඩෘගේ ඩුලොජියේ MJ කෙනෙක් හිටියේ නෑනේ. හැබැයි ඇත්තටම ඇන්ඩෘගේ ඩුලොජියේ MJ ගේ චරිතෙට Shailene Woodley ව අරගෙන තියෙනවා. හැබැයි පස්සේ ඒ සීන්ස් ඩිලීට් කරලා තියෙනවා.
ග්වෙන් ස්ටේසි
ග්වෙන් ස්ටේසි |
ලයිව් ඇක්ශන් ස්පයිඩර්වර්ස් එකේ මගේ පර්සනල් ෆේවරිට් ෆීමේල් කැරැක්ටර් එක තමා මේ. ඒ වගේම ඇන්ඩෘගේ ඩුලොජියේ පීටර්ගේ සහ ග්වෙන්ගේ රිලේශන්ශිප් එකනම් මාරම මාරයි. අන්න මචං ලව් 🙏 ඔය ගැන ඊලග ලිපි වලින් කතා කරමු.
එමාගේ ග්වෙන්ට කලින් අපි ටෝබිගෙ ට්රිලොජියෙත් ග්වෙන් කෙනෙක් දකිනවා. Jurassic World ෆ්‍රැන්චයිස් එකේ ක්ලේයාර්ගෙ චරිතෙ කරන Bryce Dallas Howard තමා මේ.
මෙයානම් සපෝටින් කැරැක්ටර් එකක්. හැබැයි ලයිව් ඇක්ශන් ස්පයිඩර්-මෑන් ෆිල්ම් එකක MJ සහ ග්වෙන් දෙන්නම හිටිය එකම අවස්තාව තමා මේ. අනිත් හැම තැනකම අපි දැක්කේ හෝ රෙෆරන්ස් උනේ ඔය දෙන්නගෙන් එක්කෙනයි.
ඊලගට බලමු පීටර්ගේ බෙස් ෆ්‍රෙඩා විදියට හිටිය කට්ටිය ගැන.
හැරී ඔස්බෝන්
හැරී ඔස්බෝන් |
ටෝබිගෙ ට්රිලොජියේ වගේම ඇන්ඩෘගෙ ඩුලොජියෙත් පීටර්ගේ යාලුවා විදියට ඉන්නේ හැරී ඔස්බෝන්. හැබැයි මේ දෙන්නා අතර රිලේශන්ශිප් එක හොදමට ෆෝකස් කරන්නේ ටෝබිගේ ට්රිලොජියේ. ඇන්ඩෘගේ ඩුලොජියේ The Amazing Spiderman 2 ෆිල්ම් එකේ තමා අපි මුලින්ම හැරීව දකින්නේ.
ඇන්ඩෘගේ ඩුලොජියේ හැරී ඔස්බෝන් |
මං ආසම ඇන්ඩෘගෙ ස්පයිඩිට උනාට මේකේ හැරී නම් විකාරයක් ඈ. සිරවටම මට සෙට්ම නැති කැරැක්ටර් එකක්. අනික ඇන්ඩෘගෙ ෆිල්ම් වල මේ දෙන්නා ආයේ හම්බවෙන්නේ අවුරුදු 8කට පස්සේ. ඉතිං එහෙමට යාලුකමක් තිබිලා නෑ ගොඩ කාලෙකින්. හැබැයි ටෝබිගේ ට්රිලොජියේ මුල ඉදන් අගටම හැරී ඉන්නවා සහ හැරීගේ කැරැක්ටර් එකට මාරම සාධාරණයක් කරනවා. ස්පෙශලි හැරීට රගපාන ජේම්ස් ෆ්රැන්කෝ ඒ චරිතෙට 1000%ක් ඇකියුරේට් මට පේන විදියටනම්.
ටෝබිගේ ට්රිලොජියේ හැරී ඔස්බෝන් |
නෙඩ් ලීඩ්ස්
ටොමාගේ ඩුලොජියේ පීටර්ගේ බෙස්ටා විදියට ඉන්නේ නෙඩ්. ජේකොබ් බැටලොන් තමා කැරැක්ටර් එක කරන්නේ. ඒකත් ආයේ සුපිරියටම සෙට් කැරැක්ටර් එකක්. සෙපෙශලි තමන්ගේ යාලුවා සුපර්හීරෝ කෙනෙක් කියලා දැනගත්තට පස්සේ නෙඩ්ගේ ඉම්ප්රේශන් එක එහෙම සිරා. අපි ඔහොම දෙයක් දැනගත්තත් හැසිරෙන්නේ ඔහොම. අනික තව දෙයක් තියෙනවා. ටෝබිගේ ට්රිලොජියේ ලොකුවට මෙන්ශන් වෙන සුපර්හීරෝ කෙනෙක්ට ඉන්නේ ස්පයිඩි විතරයි. ඉතිං සුපර්හීරෝ කෙනෙක් කියන එක ඒ යුනිවර්ස් එකේ අයට සාමන්‍ය දෙයක් නෙමෙයි. හැබැයි ටොමාගේ ස්පයිඩි ඉන්නේ MCU එක ඇතුලේ. ඇවෙන්ජර්ස්ලා කියන්නෙත් සුපර්හීරෝ ටීම් එකක්නේ. ඉතිං එහෙව් ලෝකෙක තමන්ගෙ යාලුවත් සුපර්හීරෝ කෙනෙක් කියලා දැනගත්තාම කොහොම හිතෙයිද? අන්න ඒ සිරා එක්ස්ප්‍රෙශන් එක තමා නෙඩ්ගෙන් අපි දකින්නේ.
නෙඩ් කියන්නෙත් කෙලින්ම කොමික් වලින් ගත්ත කැරැක්ටර් එකක්. කොමික් වල මෙයා ඩේලි බියුගල් (ජේ. ජෝනා ජේමිසන්ගේ ප්‍රෙස් එක) එකේ රිපෝටර් කෙනෙක්.
ඒ වගේම කොමික් වල මෙයා බදින්නේ බෙටී බ්රාන්ට්ව. මතකනේ ෆා ෆ්‍රොම් හෝම් එකේ දෙන්නා ආතල් එකක් දුන්නා 😂 බෙටී ගැන ආටිකල් එකේ අන්තිමේට තියේ.
ඊලගට කතා කරමු පීටර්ගේ අම්මා වගේ ඉන්න මේ (May) නැන්දා ගැන.
මේ පාකර් (Aunt May)
මේ පාකර් (Aunt May) |
ටෝබිගෙ සහ ඇන්ඩෘගෙ ෆිල්ම් වල අපි දැක්කේ වසයට ගිය මේ නැන්දලා දෙන්නෙක්. ස්පෙශලි ටෝබිගෙ ට්රිලොජියේ. හැබැයි ටොමාගේ ඩුලොජියේ ඉන්නේ තාමත් කෙල්ල වගේ ඉන්නේ මේ නැන්දා කෙනෙක්. අන්න නැන්දලා 😁 ෆිල්ම්ස් තුනේම වගේ මේ චරිතේ සමානයි. මෙයා පීටර් ගැන මාර විදියට හොයලා බලනවා. කලින් කිව්වා විදියට පීටර්ගේ අම්මා වගේමයි. මතකනේ ඇන්ඩෘගේ ඩුලොජියේ ඇන්ඩෘ කොච්චර රෑ වෙලා ගෙදර ආවත් මේ නැන්දා ඇහැරිලා ඉන්නවා පොර එනකම්.
ටොමාගේ Homecoming එකෙත් අර ෆෙරී එකේ සීන් එක යන වෙලාවේ පීටර් ෆෝන් එක ආන්සර් කරන්නේ නැති නිසා මේ නැන්දා පොලිස් ස්ටේශන් 5කට කෝල් කරලා තියෙනවා පීටර්ට කරදරයක් වෙලාද කියලා දැනගන්න. පීටර්ගේ යාලුවෝ 5 දෙනෙක්ටයි, නෙඩ්ගේ අම්මටයි කෝල් කරලා තියෙනවා. හිතාගන්න පුලුවන්නේ පීටර් ගැන කොච්චර හොයලා බලනවද කියලා
හැබැයි ඇන්ඩෘගෙ සහ ටෝබිගෙ ෆිල්ම් වල පීටර් තමයි ස්පයිඩර්-මෑන් කියලා මේ නැන්දා දන්නේ නෑ (ඇඩෘගෙ එකේනම් දැනගෙනත් දන්නේ නෑ වගේ ඉන්න ලයින් එකක් පෙනුනා). ඒ උනත් ටොමාගෙ ඩුලොජියේ නම් මේ නැන්දා වැඩේට ෆුල් සපෝට්. අගේන්.. අන්න නැන්දලා. හැබැයි ආරංචි වෙන විදියට නෝ වේ හෝම් එකනම් මේ නැන්දට අවුල් වගේ. හයිප් අස්සේ අඩන්න වෙන්නේ එහෙම උනොත්.
දැන් බලමු පීටර්ගේ තාත්තා වගේ ඉන්න අන්කල් බෙන් ගැන
බෙන් පාකර් (අන්කල් බෙන්)
බෙන් පාකර් (අන්කල් බෙන්) |
ටෝබිගෙ ට්රිලොජියේ වගේම ඇන්ඩෘගේ ඩුලොජියෙත් බෙන් අන්කල්ගේ කතාව සමානයි. මේ දෙන්නා තමා ස්පයිඩර්-මෑන් කියන චරිතෙට ලොකු හයියක් වෙන්නේ සහ හරි පාර පෙන්නන්නේ. මතකනේ ටෝබිගෙ ෆිල්ම්ස් වල බෙන් අන්කල් කියන ලෙජන්ඩරි දෙබස 👇
ඒ වගේම ඒ ෆිල්ම්ස් දෙකේම පීටර්ලා දෙන්නා මුලින්ම ගේමට බහින්නේ අන්කල් බෙන් මරපු කෙනා හොයාගන්න. ටෝබිගෙ ට්රිලොජියේ නම් ඔය සීන් එක තුන් වෙනි ෆිල්ම් එක වෙනකම් ඇදෙනවා. පර්සනලි ඒ ස්ටෝරි ලයින් එකට මං ආසයි. ඇන්ඩෘගෙ එකත් අන්කල් බෙන්ගෙන් ආව අන්තිම වොයිස් මේල් එකේ කියන දෙබස් ටිකත් හරි ලස්සනයි.
සුපුරුදු විදියට කලින් ෆිල්ම්ස් වල තිබ්බ මේන් කැරැක්ටර් එකක් වෙන අන්කල් බෙන්ව ටොමාගේ ඩුලොජියේන් හලලා තියේ. හැබැයි මේකෙත් අන්කල් බෙන්ව රෙෆරන්ස් වෙන තැනක් තියේ. Far From Home එකේ පීටර් ට්‍රිප් එක යන්න අරන් යන්නේ අන්කල් බෙන්ගේ සූට්කේස් එකක්.
BFP - බෙන් ෆ්රෑන්ක්ලින් පාකර් |
ඊට අමතරව කලින් ෆිල්ම්ස් වල වගේ අන්කල් බෙන් මැරුණ විදිය ගැන හෝ එයාගේ චරිතේ මොන වගේද කියලා කිසිම පැහැදිලි කිරීමක් ටොමාගෙ ෆිල්ම්ස් වල නෑ.
අන්කල් බෙන් ගැන තව පොඩි කොමික් ෆැක්ට් එකක් කියන්නම්. Amazing Spider-Man: Happy Birthday කොමික් එකේදී ඩොක්ටර් ස්ට්‍රේන්ජ් උපන්දින තෑග්ගක් විදියට පීටර්ට අන්කල් බෙන්ගේ ආත්මය එක්ක කතා කරන්න චාන්ස් එකක් අරන් දෙනවා. මෙන්න මෙතනදී තමා අපි ඔය නෝ වේ හෝම් එකේ දැක්ක ස්පෙල් එක වරදින සීන් එක කොමික් වල තියෙන්නේ.
ඉතිං හැම ලයිව් ඇක්ශන් ස්පයිඩර් මෑන් ෆිල්ම් එකකම පොඩි කාලේ ඉදන් පීටර් ලග හිටියේ අන්කල් බෙන් එක්ක මේ නැන්දා. හැබැයි ඇන්ඩෘගේ ඩුලොජියේ අපි දකිනවා පීටර්ගේ අම්මයි, තාත්තයි මේ කතාවට සෑහෙන්න සම්බන්ධ වෙනවා. කොහොමහරි The Amazing Spiderman 2 එකේ පීටර්ගේ තත්තා ආයේත් පීටර් ලගට එන සීන් එකක් තිබිලා තියෙනවා. හැබැයි මේ සීන් එක ෆයිනල් කට් එකට දාලා නෑ. එක අතකට ඒක නොදාපු එක හොදා. තුන්වෙනි ෆිල්ම් එකක් එන්නේ නැතුව මේක දැම්මානම් සෑහෙන්න අවුලක් වෙනවා කතාවට. කොහොමහරි ඔන්න මේ තියෙන්නේ ඒ සීන් එක. පට්ටම ඉමෝශනල් සීන් එකක්. මේකත් බලලම ලිපියේ ඉතුරු ටික කියවන්න 👇
The Amazing Spider-Man 2 Deleted Scene Alternate Ending
දැන් කතා කරමු ස්පයිඩිට කැමති හැබැයි පීටර්ව පේන්න බැරි ෆ්ලෑශ් තොම්ප්සන් ගැන
ෆ්ලෑශ් තොම්සන්
ෆ්ලෑශ් තොම්සන් |
ඔන්න මේ කැරැක්ටර් එකනම් ලයිව් ඇක්ශන් ස්පයිඩර් මෑන් ෆිල්ම් ඔක්කොගෙම වගේ ඉන්නවා. ටෝබිගෙ වගේම ඇන්ඩෘගේ ස්පයිඩිටත් එයාලගෙ පවර්ස් ලැබුනම ඒකෙන් ඉස්සෙල්ලම වැඩ දාන්නේ ෆ්ලෑශ්ට. හැබැයි ටොමාගේ එකේනම් එහෙම නෑ. ඒ වගේඅ ෆිල්ම්ස් තුනේම මුන් තුන් දෙනාම එකම චරිත ලක්ෂණ තියෙන මහ නාහෙට අහන්නේ නැති උන් තුන්දෙනෙක්. ඇන්ඩෘගෙ සහ ටොමාගේ ෆිල්ම්ස් වල ඉන්න ෆ්ලෑශ්ට මුලදී පීටර්ව පේන්න බැරි උනාට මේ දෙන්නම ස්පයිඩිගෙ ෆෑන්ස්ලා. ටොමාගේ ඩුලොජියේ ෆ්ලෑශ්නම් ඒ ගැන කෙලින්ම කියනවානේ.
ඒ වගේම ඇන්ඩෘගේ The Amazing Spiderman එකෙත් එක තැනක ෆ්ලෑශ් ස්පයිඩිගේ ටී ශර්ට් එකක් ඇදන් ඉන්නවා.
හැබැයි පොර කියන්නේ කෙල්ලො ස්පයිඩිට ආස නිසා ඒක ඇදන් ඉන්නවා කියලා. කොහොමත් මිනිස්සු හෙන ආසයි තමන් කැමතිම දේවල් කරලා ඒවා පේන්න බෑ වගේ වගේ ෆීලින් එකක් ලෝකෙට දෙන්න. ඒ වගේම ටෝබිගේ ට්රිලොජියේ ෆ්ලෑශ්ගේ කැරැක්ටර් එක කරන්නේ ජෝ මැන්ගෙනිල්ලෝ. ඔව් ඔව්.. ස්නයිඩර්වර්ස් එකේ ඩෙත්ස්ට්‍රෝක්.
දැන් එහෙනම් කතා කරනු ස්පයිඩිගේ ෆේමස් විලන්ලා ගැන
නෝමන් ඔස්බෝන් (ග්‍රීන් ගොබ්ලින්)
නෝමන් ඔස්බෝන් (ග්‍රීන් ගොබ්ලින්) |
ටෝබිගේ ට්රිලොජියේ වගේම ඇන්ඩෘගේ ඩුලොජියේත් ලොකුවටම මෙන්ශන් වෙන කෙනා තමා මේ. නෝමන් ඔස්බෝන් කියන්නේ ඔස්කෝප් (Oscorp) ඉන්ඩ්‍රස්ට්‍රි එකේ පුරෝගාමියා. මේ වෙනකොට හොලිවුඩ් වල ඉන්න දක්ශතම රංගන ශිල්පියෙක් වෙන විලියම් ඩැෆෝ තමා මේකේ නෝමන් ඔස්බෝන්ට රගපාන්නේ.
විලියම් ඩැෆෝ (නෝමන් ඔස්බෝන්) |
ඔස්කෝප් ඉන්ඩ්‍රස්ට්‍රි එක වටේ තමා ටෝබිගේ වගේම ඇන්ඩෘගෙ ෆිල්ම්ස් ටිකෙත් කතාව යන්නේ.
ටෝබිගෙ පළවෙනි ෆිල්ම් එකේ විලන් ග්‍රීන් ගොබ්ලින් (නෝමන් ඔස්බෝර්න්). ඒ වගේම දෙවෙනි ෆිල්ම් එකේ විලන් වෙන ඩොක්ටර් ඔටෝ ඔක්ටේවියස්ගේ පරීක්ශන වලට මුදල් දෙන්නේ ඔස්කෝප් ඉන්ඩ්‍රස්ට්‍රි එකෙන්. තුන් වෙනි ෆිල්ම් එකෙ හැරී, ග්‍රීන් ගොබ්ලින් වෙනවා. ඔය සේරම ඔස්කෝප් ඉන්ඩ්‍රස්ට්‍රි එකට සම්බන්ධ දේවල්.
ඇන්ඩෘගේ ඩුලොජියේ නම් සම්පූර්ණ ස්ටෝරි එකේනම් සෙන්ටර් පොයින්ට් එක ඔස්කෝප් ඉන්ඩ්‍රස්ට්‍රි එක. හැබැයි මේකේ නෝමන් ඔස්බෝන්ව ලොකුවට ෆෝක්ස් කරන්නේ නෑ. දෙවෙනි ෆිල්ම් එකේ තමා අපි නෝමන්ව දකින්නේ.
ඒ වගේම දෙවෙනි එකේ තමා ග්‍රීන් ගොබ්ලින්ව (හැරී) දකින්නෙත්. හැබැයි ඇන්ඩෘගෙ ස්පයිඩිගේ විලන්ලා සේරගෙම වගේ ඔරිජින් එකනම් ඔස්කෝප් එකේ. ලිසර්ඩ්, ඉලෙක්ට්රෝ, ග්‍රීන් ගොබ්ලින් වගේම The Amazing Spiderman 2 එකේ අවසානෙට දකින ඩොක්ටර් ඔටෝගේ Tentacles (මැකැනිකල් අත් වගේ ඒවා), Vulture ගේ මැකැනිකල් පියාපත් වගේම රයිනෝ එහෙමත් ඔස්කෝප් එකේ ටෙක්නොලජි.
හැබැයි ටොමාගේ ෆිල්ම්ස් වලනම් අපිට ඔස්කෝප් ඉන්ඩ්‍රස්ට්‍රි එක දකින්න ලැබෙන්නේ නෑ. නෝ වේ හෝම් එකෙන් පස්සේ මල්ටිවර්ස් එක හැදෙන නිසා ඒකේ ඔස්කෝප් එක තියෙද කියන්න බෑ. මොකද ග්‍රීන් ගොබ්ලින් එහෙමත් ඉන්නවානේ. කොමික් වලට අනුව ඔස්කෝප් එක කියන්නේ මල්ටිබිලියනර් කම්පැනි එකක් සහ වැඩිම ආදාමයක් උපයන ෆික්ශනල් කම්පැනීස් අතර 23 වෙනි තැන තියෙන කම්පැනි එක. MCU දැනට ඔය ලෙවල් එකේ තියෙන්නේ ස්ටාක් ඉන්ඩ්‍රස්ට්‍රි එකනේ. බලමු කොහොම වෙයිද කියලා ඉස්සරහට.
ඩොක්ටර් ඔටෝ ඔක්ටේවියස් (ඩොක්ටර් ඔක්ටපස්)
ඩොක්ටර් ඔටෝ ඔක්ටේවියස් (ඩොක්ටර් ඔක්ටපස්) |
ටෝබිගෙ ට්රිලොජියේ දෙවෙනි ෆිල්ම් එකේ විලන් තමා මේ. ඒ වගේම ඩොක්ටර් ඔටෝව දැනට මෙන්ශන් උනෙත් ඒ ෆිල්ම් එකේ විතරයි. ඇන්ඩෘගේ The Amazing Spiderman 2 එකේ ඩොක්ටර් ඔටෝගේ Tentacles දැක්කට ඒ ෆිල්ම් වල ඒවා අයිති ඔස්කෝප් ඉන්ඩ්‍රස්ට්‍රි එකට.
ටොමාගෙ කලින් ෆිල්ම් දෙකේ ඩොක්ටර් ඔටෝ නැති උනාට නෝ වේ හෝම් එකේනම් බොසා ඉන්නවා. ඒ වගේම ටෝබිගේ Spiderman 2 එකේ හිටිය ඇල්ෆ්‍රඩ් මොලීනම තමා නෝ වේ හෝම් එකෙත් ඩොක්ටර් ඔටෝගේ කැරැක්ටර් එක කරන්නේ. ඉට්ස් මලිටිවර්ස් බේබි 🤩
එඩී බ්‍රොක් (වෙනොම්)
එඩී බ්‍රොක් (වෙනොම්) |
අපි දන්න වෙනොම් ටොම් හාඩි උනාට මුලින්ම ලයිව් ඇක්ශන් වෙනොම් කෙනෙක්ව අපි දකින්නේ ටෝබිගේ Spiderman 3 එකෙන්. ඒ කාලේ හැටියට ඒ වෙනොම් පට්ට. කැරැක්ටර් එක කරන්නේ ටොපර් ග්‍රේස්.
ටෝබිගේ ස්පයිඩර් 3 එකේ වෙනොම් |
කොහොමත් අලුතෙන් ආව වෙනොම් 2 (Venom: Let There be Carnage) එකනම් වැඩක් නෑ. අන්තිම ක්‍රෙඩිට් සීන් එකේ විතරයි ආතල් එකක් තියෙන්නේ. හැබැයි ඒ ක්‍රෙඩිට් සීන් එකට අනුව ටොමාගේ වෙනොම් විදියට ඉස්සරහට අපිට ටොම් හාඩිව බලාගන්න පුලුවන් වෙයි. අගේන්. ඉට්ස් මලිටිවර්ස් බේබි 🤩
ඩොක්ටර් කර්ටිස් කෝනර්ස් (ලිසර්ඩ්)
ඩොක්ටර් කර්ටිස් කෝනර්ස් |
ගොඩක් අයට ඩොක්ටර් කර්ටිස්ව මතක ඇත්තේ ඇඩෘගෙ ඩුලොජියෙන්. හැබැයි ඉස්සෙල්ලාම අපි ලයිව් ඇක්ශන් ඩොක්ටර් කර්ටිස් කෝනර්ස්ව දැක්කේ ටෝබිගේ ට්රිලොජියෙන්. ටෝබිගේ යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර්ස් කෙනෙක් විදියට ඉන්නේ සහ මෙයාගෙත් දකුණු අත නෑ. ටෝබිගේ Spiderman 3 ෆිල්ම් එකේ පීටර්ට, වෙනොම්ගේ සිම්බියොට් ගැන විස්තර කියන්නේ ඩොක්ටර් කර්ටිස්.
ඇන්ඩෘගේ The Amazing Spiderman එකේ මේන් විලන් තමා ඩොක්ටර් කර්ටිස්, එහෙම නැත්තම් ලිසර්ඩ්. ඒ වගේම පීටර්ගේ තාත්තා එක්ක එක්ස්පෙරිමන්ට් වලට සම්බන්ධ වුන කෙනා. සරලව කිව්වොත් ඇන්ඩෘගේ ඩුලොජියේ කතාවේ ලොකු පාට් එකක් කරනවා මෙයා.
ටොමාගේ කලින් ෆිල්ම්ස් දෙකේ ලිසර්ඩ් (ඩොක්ටර් කර්ටිස්) හිටියේ නැති උනාට ඔන්න නෝ වේ හෝම් එකේ බොසා ඉන්නවා. අගේන්//.. ඉට්ස් මල්ටිවර්ස් බේබි 🤩
ෆ්ලින්ට් මාකෝ (සෑන්ඩ්මෑන්)
හැබැයි අපි දැනගන්නවා ඒක අත්වැරැදීමකින් උන දෙයක් කියලා. ඇත්තටම මේ මනුස්සයා විලන් කෙනෙක් නෙමෙයි. විලන් කෙනෙක්ව කරවපු කෙනෙක්. මං ඒකයි උඩදිම කිව්වේ සෑන්ඩ්මෑන්ගේ ස්ටෝරි ලයින් එකට මං පට්ට ආසයි කියලා.
තව දෙයක්. කොමික් වලදී සෑන්ඩ් මෑන්ගේ ඇත්ත නම වෙන්නේ විලියම් බාකර්. හැබැයි මෙයා පස්සේ නම වෙනස් කරගන්නවා ෆ්ලින්ට් මාකෝ විදියට. අන්න ඒ නම තමා ටෝබිගේ ට්රිලොජියට අරන් තියෙන්නේ.
සෑන්ඩ්මෑන් ගැන ඇන්ඩෘගෙ සහ ටොමාගේ ඩුලොජියේනම් සදහනක් තිබ්බේ නෑ. හැබැයි ඔන්න නෝ වේ හෝම් එකේ ඩොක්ටර් ඔටෝ, ලිසර්ඩ් වගේම සෑන්ඩ්මෑන් එහෙමත් ඉන්නවා. අගේන්/// ඉට්ස් මලිටිවර්ස් බේබි.
මැක්ස් ඩිලන් (ඉලෙක්ටෝ)
මෙයාව අපි දකින්නේ ඇන්ඩෘගේ The Amazing Spiderman 2 එකේ මේන් විලන් විදියට. ජෙමී ෆොක්ස් තමා ඉලෙක්ට්රෝගේ කැරැක්ටර් එක කරන්නේ.
මේ කැරැක්ටර් එකනම් කෙලින්ම කොමික් වලින් ගත්ත එකක්. ටෝබිගෙ ෆිල්ම් වල සහ ටොමගේ කලින් ෆිල්ම් දෙකේම ඉලෙක්ට්රෝ ගැන සදහනක් නෑ. හැබැයි ඔන්න නෝ වේ හෝම් එකේනම් ඉලෙක්ට්රෝ ඉන්නවා සහ ජෙමී ෆොක්ස්ම තමා ඒ කැරැක්ටර් එක කරන්නේ. අගේන්//// ඉට්ස් මල්ටිවර්ස් බේබි 🤩
ඔතනින් පස්සේ අපි ටොමාගේ ෆිල්ම්ස් දෙකෙන් ඒඩ්‍රියන් ටූම්ස් (The Vulture) විදියට මයිකල් කීටන් සහ ක්වින්ටන් බෙක් (මිස්ටීරියෝ) විදියට ජේක් ජිලන්හෝල්ව දකිනවා.
මේ දෙන්නම මේ නම් වලින්ම මේ විදියටම කොමික් වලත් ඉන්නවා. හැබැයි මේ දෙන්නම ටෝබිගේ සහ ඇන්ඩෘගෙ ෆිල්ම්ස් වල නෑ. ඉන්ටර්නෙට් එකේ තියෙන ආරංචි වලට අනුව ටෝබිගේ Spiderman 3 එකේ විලන්ට ගන්න ඉදලා තියෙන්නේ මිස්ටීරියෝ කැරැක්ටර් එක. හැබැයි ඒක පස්සේ වෙනස් වෙලා ඒ වෙනුවට තමා වෙනොම් සහ සෑන්ඩ් මෑන් දාලා තියෙන්නේ.
ඒ වගේම ටෝබිගේ Spiderman 4 එකකුත් එන්න තිබ්බ සහ ඒ ගැන ඔෆීශියල් එනවුසමන්ට් එකක් පවා කලා. ඒ වගේම ඒ ෆිල්ම් එකේ Black Cat (ෆෙලීශියා හාඩි) ගේ චරිතයට Anne Hathaway තමා අරගන්න ඉදලා තියෙන්නේ.
Black Cat (ෆෙලීශියා හාඩි) |
කොමික් වල මෙයා ස්පයිඩිගේ සපෝට් එකට වගේම විලන් කෙනෙක් විදියටත් ඉදලා තියෙනවා. ඔව් ඔව්.. කැට් වුමන්ගෙම මාර්වල් වර්ශන් එක. මොකද බ්ලැක් කැට් කියන්නේත් කැට් වුමන් වගේම සුපිරි හෙරක්. හැබැයි ඒ ෆිල්ම් එකේ කෙරුනේ නෑනේ. ඕකෙන් පස්සේ තමා ක්‍රිස්ටෝපර් නොලන්ගේ The Dark Knight Rises ෆිල්ම් එකේ කැට් වුමන්ගේ චරිතය Anne Hathaway බාරගන්නේ.
Anne Hathaway කැට් වුමන් විදියට The Dark Kinght Rises ෆිල්ම් එකේ |
ටොමාගේ Far From Home එකේ අපි දැක්ක මිස්ටීරියෝගේ ඔරිජින් එක නෙමෙයි කොමික් වල තියෙන්නේ. කොමික් වල මෙයා හොලිවුඩ් වල හිටිය ස්පෙශල් ඉෆෙක්ට්ස් (ඇස්බැන්දුම් ශිල්පියෙක් වගේ) ආටිස්ට් කෙනෙක් සහ ස්ටන්ට්මෑන් කෙනෙක්. හැබැයි ඒ රස්සාව හරි නොගියට පස්සේ තමා මෙයා තමන්ගේ ටැලැන්ට් එක යූස් කරලා අපරාධ කරන්න පටන් ගන්නේ.
මාර්වල් කොමික් වල මිස්ටීරියෝ |
කොමික් වල ස්පයිඩිගේ ප්‍රධාන විලන්ලා සෙට් එකට කියන්නේ සිනිස්ටර් සික්ස් කියලා. ඩොක්ටර් ඔක්ටපස් තමා මේ ටීම් එක හදන්නේ. කොමික් වල අනුව මේකේ ඉන්න කට්ටිය මෙහෙමයි 👇
ඩොක්ටර් ඔක්ටපස්
වල්චර්
ඉලෙක්ට්රෝ
මිස්ටීරියෝ
සෑන්ඩ්මෑන්
ක්රේන්වන් ද හන්ටර්
දැනටම ඔරිජනල් සින්සටර් සික්ස් එකේ 5 දෙනෙක් අපි ලයිව් ඇක්ශන් දැකලා ඉවරයි. ඒ වගේම ඒ 5 දෙනාගෙනුත් 3 දෙනෙක්ම නෝ වේ හෝම් එකේ ට්‍රේලර් එකේ ඉන්නවා (ඩොක්ටර් ඔක්ටපස්, ඉලෙක්ට්රෝ, සෑන්ඩ්මෑන්).
No Way Home එකේ ට්‍රේලර් වල දැක්ක විලන්ස්ලා |
කොමික් සින්සටර් සික්ස් එකේ ලිසර්ඩ් සහ ග්‍රීන් ගොබ්ලින් නැති උනත් නෝ වේ හෝම් ට්‍රේලර් එකේ අපි දැක්ක විදියට ලිසර්ඩ් සහ ග්‍රීන් ගොබ්ලින් එක්ක විලන්ලා 5ක් ඉන්නවා. ස්පයිඩිලා තුන් දෙනාම ඉන්නවානම් විලන්ලා 5ක් ඉන්නවා කියන එක නිකන් මදි මදි වගේ නෙහ්. ඔව්.. කම්ෆර්ම් නැති උනත් අනිවාර්යයෙන් තව විලන් කෙනෙක් ඉන්න ඕනි. ඕකට තියරීස් ගොඩක් තියෙනවා. ඒවා ෆෑන් තියරීස් නිසා කතා නොකර ඉමු. හැබැයි අනිවාර්යයෙන් තව විලන් කෙනෙක් ඉන්න ඕනි කියන එකයි මගේ මතේ.
ඔන්න දැන් කියන්න යන්නේ ස්පයිඩිව විකුනගෙන කන ජේ. ජෝනා ජේමිසන් ගැන.
ජෙ. ජෝනා ජේමිසන්
ඉස්සෙල්ලාම අපි ලයිව් ඇක්ශන් ජේ. ජෝනා ජේමිසන්ව දකින්නේ ටෝබිගේ ට්‍රිලොජිය හරහා. ජේ.කේ සිමන්ස් තමා කැරැක්ටර් එක කරන්නේ. බොසා කැරැක්ටර් එක ඇගටම අරන් කරනවා. ස්පයිඩිව විකුනන් කන ඩේලි බියුගල් ප්‍රෙස් එකේ ලොක්කා තමා ජෝනා. මතකද Spiderman 2 එකේ ස්පයිඩිගේ සූට් එක දාන් ආතල් එකක් එහෙම දෙනවා.
ඇන්ඩෘගේ ඩුලොජියේනම් අපිට ජෝනාව දකින්න ලැබෙන්නේ නෑ. හැබැයි පොඩි රෙෆරන්ස් එකක් තියේ The Amazing Spiderman 2 එකේ. පීටර් මේල් එකක් දානවා ස්පයිඩිගේ ෆොටෝ එකක් ජෝනට. ඒකට රිප්ලයි එකක් දානවා ජෝනා බොස්. ඒක විතරමයි අපි දකින්නේ ජෝනාගේ රෙෆරන්ස් එකකට.
ටොමාගේ ෆිල්ම් වලත් මුලදි හිටියේ නැති උනාට Far From Home එකේ අන්තිමේටම දෙනවා සොට් එක ලස්සනට.
සුපුරුදු විදියට ස්පයිඩිය කෙලවීම තමා එතනත් ජෝනා කරන්නේ. විෂේශත්වය වෙන්නේ ඒකෙත් ජෝනාගේ කැරැක්ටර් එක කරන්නේ ජේ.කේ සිමන්ස්. ඒ වගේම නෝ වේ හෝම් ට්‍රේලර් එකෙත් අපි පොරව දකිනවා. මට හිතෙන විදියට මල්ටිවර්ස් එක පුරාව ස්පයිඩිලාගේ පෙනුම වෙනස් උනාටා ජොනාගේ පෙනුම එකක් වගේ 😂 කොහොමහරි ඉතිං නෝ වේ හෝම් එකෙත් බොසාගේ ලොකු ආතල් එකක් බලාගන්න පුලුවන් වෙයි.
එහෙනම් ආටිකල් එක ඉවර කරන්න කලින් තව එක්කෙනෙක් ගැන කතා කරමු
බෙටී බ්‍රාන්ට්
බෙටී බ්‍රාන්ට් |
බෙට් කෙල්ලව කාටද මතක නැත්තේ. ටෝබිගේ ට්රිලොජියේ J. ජෝනා ජේමිසන් බොස්ගේ ඇසිස්ටන් විදියට තමා බෙටී ඉන්නේ. මරුම කැරැක්ටර් එකක්. ටෝබිගේ Spiderman 3 එකේ තියෙනවා හෙන ආතල් එකක්. අර ජෝනට ප්‍රෙශර් පෙත්ත ගන්න කියලා ආතල් එක්ක දෙන්නේ. ට්රිලොජියේ තිබ්බ ආතල්ම සීන් එක මටනම්.
ඒ වගේම අපෙ ටොමාගෙ ෆිල්ම් දෙකෙත් බෙටී ඉන්නවා. පීටර්ගේ ස්කෝලේ නිව්ස් කියන්න වගේම Far From Home එකේ අපේ නෙඩ් කොල්ලගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්නෙත් බෙටී. ඒකත් හෙනම ආතල් ඈ. අර එක ලග සීට් දෙකේ ඉදන් මැසේජ් කරන එක එහෙම 😂
හැබැයි ඇන්ඩෘගේ ඩුලොජියෙනම් බෙටීව දකින්න ලැබෙන්නේ නෑ.
ඔන්න එහෙනම් ෆිල්ම්ස් 7ම අපි දැක්ක එකිනෙකට සමාන කැරැක්ටර්ස් ගැන කතා කලා. තව දේවල් දෙකක් තියෙනවා මේ ෆිල්ම් සේරගෙන දකින්න අහන්න පුලුවන්. පළවෙනි දේ තමා ස්පයිඩිව ඇතුලු මේ කැරැක්ටර්ස් බොහොමයක් නිර්මාණය කල ස්ටැන් ලී මහත්තයෙ කැමියෝස් (ඒ ගැන ඊලග ලිපි වලින් කතා කරමු). ස්ටීව් ඩිට්කො සහ ස්ටැන් ලී එකතු වෙලා තමා අපි මේ කතා කරපු කැරැක්ටර්ස් බාගෙට බාගයක්ම නිර්මාණය කරලා තියෙන්නේ.
ස්ටැන් ලී සහ ස්ටීව් ඩිට්කො |
අනිත් දේ තමා ස්පයිඩර් මෑන් තීම් සෝන්ග් එක. 1967 ආව ස්පයිඩර් මෑන් කාර්ටූන් සීරීස් එකේ තීම් සෝන්ග් එක තමා ඔය. ස්පයිඩිගේ මෙන්න මේ ලෙජෙන්ඩරි මීම් එක මතකද 👇
ඔන්න ඕක තියෙන්නෙත් එර් කාර්ටූන් සීරීස් එකේ. කොහොමහරි ටෝබිගේ ට්රිලොජියේ නම් ඔය සිංදුව සෑහෙන්න යූස් වෙනවා. අර වයලින් ගහන ලේඩි තමා මුලින්ම ඕක කියන්නේ. ඒ වගේම ට්‍රිලොජිය පුරාවටම ඕක තියේ.
ඇන්ඩෘගේ ඩුලොජියේ පීටර්ගේ ෆෝන් එකේ රිගින් ටෝන් එකට තමා ඔය තීම් එක තියෙන්නේ. ඒ ඇරෙන්න ඕක රෙෆරන්ස් වෙන්නේ නෑ ඇන්ඩෘගෙ ෆිල්ම් දෙකේ.
හැමෝම දන්න විදියට ටොමාගේ ෆිල්ම් දේකනම් මියුසික් ස්කෝර් එකට ඕක යූස් කරලා තියෙනවා. නෝ වේ හෝම් ට්‍රේලර් එකේ එහෙම තිබ්බා මතකනේ. ඔරිජනල් සිංදුවේ අලුත් වර්ශන් එක තමා ඒ.
පුලුවන් හැමෝම නෝ වේ හෝම් බලන්න කලින් කලින් ෆිල්ම්ස් ටික බලන්න. එතකොට නෝ වේ හෝම් බලන දවසට ආතල් ඩබල්. මට මිස් උන, ෆිල්ම්ස් ඔක්කොගෙම දැක්ක තව කැරැක්ටර්ස් ඉන්නවානම් කමෙන්ට් එකක් දාන් යන්න.
එහෙනම් ඊලග ආටිකල් එක තව දවස් දෙක තුනකින් අරන් එන්නම්. ඒකෙන් ෆිල්ම්ස් තුනේම තව ෆැක්ට්ස් ගැන කතා කරමු. ගිහින් එන්නම් එහෙනම්... ජය ❤️
හෝව් හෝව්... යන්න කලින් මේ සිංදුවත් අහලා යන්න 👇
nice
ReplyDelete