ෆ්ලෑශ් සමග යලි උපදින DC සිනමා විශ්වය - Flash & Rebirth Of DCEU

The Flash 2022 Official Logo

DCEU එක කොහොම Reboot වෙයිද ? මල්ටිවර්ස් එක ඒකට කොහොම බලපායිද ? Arrowverse එකෙනුත් බලපෑමක් තියෙනවද ? DC ලට Live Action Multiverse දෙකක් තියෙනවද ? Flash Movie එකෙ විශේෂත්වෙ මොකක්ද ? මේ ඔක්කොටම Comic සම්බන්ධ වෙන්නෙ කොහොමද ? මේව කොච්චර Accurate ද ? ඉතින් මේව ගැන තමා අද ලිපියෙන් කතා කරන්න හිතුවෙ 😉 එහෙනම් වැඩි සීන් නැතුව කෙලින්ම කතාවට බහිමු.

DCEU කියන්නෙ දිනෙන් දින අගාධයට යන Cinematic Universe එකක් 😪 මේක ඉතින් DC Fan කෙනෙක් වුනත් පිලිගන්න දෙයක්.වෝර්නර් සගෝලා නිසා ඩිසි ෆෑන්ස්ලට හරි හමන් Cinematic Universe එකක් බලාගන්න බැරි වෙලා තියෙනවා.කලු සුපර්මෑන්ලයි Gender Bent Plastic Man ලයි අස්සෙ මල්ටිවර්ස් එකක් ගෙනල්ලා මුන් මේ නටන පිස්සුව උන්ටවත් තේරෙන්නෙ නැතුව ඇති 😪.ඉතින් මේ විකාර අස්සෙ DCEU එක ගොඩ ගන්න පුලුවන් එකම එක ෆිල්ම් එකකට විතරයි.ඒ Flash ෆිල්ම් එක.

ෆ්ලෑශ් එහෙමත් නැත්තන් බැරී ඇලන්ට DCEU එකෙ අනිත් හීරෝස්ලට කරන්න බැරි දෙයක් කරන්න පුලුවන්.ඒ සම්පූර්ණ යුනිවර්ස් එකම වෙනස් කරලා Reboot එකක් කරලා ආයෙ අලුතෙන් පටන් ගන්න එක.ඉතින් 2022 එන මේ ෆ්ලෑශ් ෆිල්ම් එකෙන් හැම ඩීසි ෆෑන් කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නෙ ඒක තමා.ඒ මේ කෙලවෙලා අච්චාරු වෙලා තියෙන ඩිසි සිනමැටික් යුනිවර්ස් එක ආයෙ සම්පූර්ණයෙන් Reboot කරයි කියල.ඉතින් ෆ්ලෑශ් ට මේක කරන්න පුලුවන් ටයිම් ට්‍රැවල් කරල අතීතෙට ගිහින් අතීතෙ වෙනස් කරලා.මේ Concept එක එන්ඩ්ගේම් ටයිම් ට්‍රැවල් වලට වඩා වෙනස්.එන්ඩ්ගේම් එකෙන් වර්තමානෙට බලපෑමක් ඇති වුනේ නෑ.ඒත් ෆ්ලෑශ් කරන වැඩෙන් සම්පූර්ණ ඩිසි විශ්වයටම ලොකු බලපෑමක් වෙනවා.

Flashpoint

Film එකේ ඩිරෙක්ටර් මහත්තයා  Andy Muschietti ස' එයාගෙ Instergram Account එකෙ ෆිල්ම් එකෙ Heroes ලගෙ ඇදුමෙ Logo එකෙ Photo දාලා මේ දවස්වල පෑන්ස්ලව අවුස්සනවා.ඉතින් මෙහෙම දැම්ම මුල්ම එක තමා Keaton ගෙ Batman ගෙ ලෝගෝ එක.



මේක දැම්ම ගමන් හැමෝම වගෙ එක එක තියරි කියන්න ගත්තා.මේ ලෝගෝ එකෙ කාගෙ හරි ලේ බින්දුව වගයක් තියෙනවා.ඒත් ඒකනිසා නෙමේ ගොඩක් අය පැනික් වුනෙ.මේ ලේ බින්දු ටිකයි Batlogo එකෙ පාටයි ඩිසි ෆෑන්ස්ලට වෙන දෙයක් මතක් කලා.ඒ Watchmen එකෙ Comedian ගෙ Smiley Face Pin එක ( ඒ මොකක්ද කියල දන්නැද්ද ? එහෙනම් දැන්ම Zack Snyder ගෙ Watchmen Ultimate Cut එක බලන්න.ඒක මිස් වෙලානම් දැනට ආපු හොදම Comic Based Movie එකක් මිස් වෙලා තියෙන්නෙ 😉 )


ඉතින් මේ බැට්ලෝගෝ එකත් ඒ Smiley Face එක වගෙ.ඒත් මේක විතරක් මදි ඩිසි ෆෑන්ස්ලව හයිප් කරන්න.ඒනම් මොකටද මුන් හයිප් වුනේ 🧐 හේතුව මේකයි.මේ Photo එකෙන් ඩිරෙක්ටර් ලොකු ප්ලෑන් එකක් රිවීල් කලා කියල තමා ගොඩක් අය කියන්නෙ.එතකොට මොකක්ද මේ ප්ලැන් එක ? එහෙම කියන්නෙ මොනව පදනම් කරගෙනද ? වෙන මොනවත් නෙමෙ ෆිල්ම් එකට බේස් වෙන කොමික් පදනම් කරන් තමා මෙහෙම කියන්නෙ 😍⚡

Batman / Flash : The Button

Batman / Flash : The Button කොමික් එකෙ තමා මේ සීනෙක වෙන්නෙ බැරිය අතීතෙට ගිහින් කාලෙ වෙනස් කරල පිස්සුවක් කෙලිනවනෙ.පස්සෙ ඒකනිසා New 52 Reboot එක වෙනව.ඔය වගේම Reboot එකක් වෙනව REBIRTH එකෙ.

Rebirth


මේකෙ වෙන්නෙ ඩිසි යුනිවර්ස් එකෙන් අවුරුදු 10 ක් එක පුද්ගලයෙක් හොරකම් කරනවා.ඉතින් මේක නිසා සමහර අලුත් කැරැක්ටරස් එනවා සමහර පරණ කැරැක්ටරස් හැමෝගෙම මතකෙන් අයින් වෙනව.මේ වගෙ මතකෙන් අමතක වෙච්ච ඩයල් එකක් තමා වොලි වෙස්ට් ( කිඩ් පෑස් ) කියන්නෙ.පොර ස්පිඩ්ෆෝර්ස් එක අස්සෙ හිර වෙලා ඉන්නෙ DC Universe Rebirth #1 එක පටන් ගන්නෙ මේ කතාවෙන්.වොලීව කාටවත් මතක නැතිනිසා පොරට ස්පීඩ්ෆෝර්ස් එකෙන් එලියට එන්න බෑ.Issue එකෙ අන්තිම හරියෙ වගෙ බැරීට වොලීව මතක් වෙලා ස්පීඩ්ෆෝර්ස් එකෙන් එලියට ඇදල ගන්නව


DC Rebirth #1


ඉතින් වොලී බැරීට මෙ නැති වෙච්ච අවුරුදු 10 ගැන කියනව.ඉතින් බැරිය මේක ගැන හොයන්න ගන්නවා.මේ Investigation එකට බැරියා ඩිසි විශ්වයෙ හොදම Detective වෙච්ච බෲස්වත් එකතු කරගන්නවා.ඔය සීන් අස්සෙ බෲස්ට බැට්කේව් එකෙ තිබිල Smiling Face Button එකක් හම්බෙනව.ඉතින් මේක වෙන කාගෙවත් නෙමෙ Watchmen Universe එකෙ Comedian ගෙ Button එක ( Watchmen Film එක බලපු අයනම් දන්නව ඇති ) ඒවගේම අර අවුරුදු 10 ක් උස්සල තියෙන්නෙ Doctor Manhattan කියලත් Reveal වෙනවා ( මේක ගැන සම්පූර්ණ විස්තරයක් මගෙ DC Rebirth Article එකෙ දාලා තියෙන්නෙ 😁 )




ඉතින් බැට්මෑන් ට හම්බෙන Comedian ගෙ Button එක Flash Director ස' දාලා තිබ්බ Batman Logo එකට ගොඩක් සමානයි.Black & Yellow Background එකෙ තියෙන ලේ පැල්ලම Comedian ගෙ Button එකට ගොඩක් සමානයි.ඉතින් Flash ෆිල්ම් එකෙන් Movie Universe එක Reboot වෙනව කියල කියල තියෙන්නෙ.ඉතින් සමහරවිට මේ Reboot එක Rebirth එකෙ විදිහට කරයි.සමහරවිට අපිට Watchmen × JL Crossover එකකුත් බලාගන්න ලැබෙයි 🤤 


Doctor Manhattan VS DC Heroes

නැත්තන් ඕක ඩිරෙක්ටර් ස ෆෑන්ස්ලව අවුස්සන්න ආතල් එකට දාපු එකක්ද දන්නෙත් නැ 😬 කොහොමහරි බැටාගෙ ලෝගො එකෙ ලේ පැල්ලම් තියෙනව ඒ කියන්නෙ පොර ගොඩක් Violent වෙලා වගෙ 😉 Batman Film එකෙ මතක ඇති පොර ආතක් පාතක් නැතුව විලන්ල්ව මැරුව ( මේක බලපු නැති එවුන් තමා BvS එකෙ ඇෆ්ලෙක් ගෙ බැට්මෑන් මිනීමරනව කියල නාහෙන් ඇඩුවෙ 😂 ) 

ඉතින් ඩිරෙක්ටර් සට අනුව මේ ෆිල්ම් එකෙ ගොඩක් DC Characters ඉන්නවා.ඒ අයගෙන් මේ ලගදි ගොඩක් ම ප්‍රසිද්ධ වුනේ අපේ සාශා අක්කා 🤤 එයා තමා Supergirl ට රගපාන්නෙ.ඉතින් මේ සුපර්ගර්ල් කාරා ඒ කියන්නෙ සුපීගෙ Cousin නෙමෙ කියල තමා ගොඩක් අය කියන්නෙ.මොකද එයාගෙ ඇදුම Hair Style එක එහෙම Injustice එකෙ සුපර්මෑන් ගෙ දුව වෙච්ච Lara Lane Kent වගෙ.ඉතින් මේක Injustice Comic Writer කෙනෙක් වෙච්ච Tom Taylor පවා කියල තිබ්බ.ඉතින් ඒ චරිතෙ ගැන පොඩි විස්තරයක් තමා පහලින් දාලා තියෙන්නෙ 👇

Lara Lane Kent

Lara Lane Kent කියන්නෙ Injustice එකෙදි හම්බෙන චරිතයක් ( Injustice එකෙන් තමා Zack ගෙ Knightmare Superman ත් බේස් වෙන්නෙ ) ඉතින් මේකෙ වෙන්නෙ Fear Toxin + Kryptonite වලට Expose වෙන සුපර්මෑන් ලොයිස්වයි එයාගෙ බඩේ ඉන්න දරුවවයි මරනවා ඒ ඩූම්ස්ඩෙ කියල හිතාගෙන.පස්සෙ සුපර්මෑන් ට මලපැනල ඇවිල්ල ජෝකර් ව මරනවා.ඉතින් මේ Event එක අවුරුදු ගානක විනාශයකට මුල පුරනවා.සුපර්මෑන් ට ඕන වෙනවා ලෝකෙම එයාගෙ යටතට අරන් පාලනය කරන්න ගොඩක් JL Members ලා මේකට විරුද්ධ වෙන්නැ.ඒත් බැට්මෑන් මේකට විරුද්ධ වෙනවා 😏 ඉතින් මෙතනදි පෘථිවියේ හීරෝස්ලා දෙකට බෙදෙනවා.මේ යුද්දය අවුරුදු 5 ක් තිස්සෙ යනවා.ඔය අවුරුදු ගාන ඇතුලත Batman v Superman Battles සෙට් එකක්ම යනවා.මේ එකකදි බැට්මෑන් මොකක් හරි මැජික් එකක් පාවිච්චි කරල සුපර්මෑන් ට Alternative Reality එකක් පෙන්නනවා.ඉතින් මේකේ සුපර්මෑන් ලොයිස්ව මරන්න කලින් එයාගෙ Fear Gas Effect එක Fade වෙනව ඉතින් මේකෙන් ලොයිසුයි එයාගෙ ලමයයි බේරෙනවා.මේ ලමය තමා ලාරා ලාන කෙන්ට්.ඉතින් මෙයත් සුපර්මෑන් ගිය පාරෙම ගිහින් පෘථිවියේ හීරෝ කෙනෙක් වෙනවා 😉 අලුත් ෆ්ලැශ් එකෙ Behind The Scenes වල හිටපු සාශා මේ Lara Lane Kent කියල තමා හැමෝම කියන්නෙ.Injustice Comic Writer Tom King පවා මේක කියල තිබ්බ.ඒත් ෆිල්ම් එකෙ මේක වෙනස් වෙන්න පුලුවන්...


Sasha Calle And Lara Lane Kent

පේනවිදිහට බැරියා ටයිම්ලයින් එකකට නෙමෙ වෙනම Universe එකකට වගෙ යන්නෙ.ඉතින් මේ යුනිවර්ස් එකෙ තමා කීටන්ගෙ බැට්මෑන් වගේම මේ සුපර්ගර්ලුත් ඉන්නෙ.ඒ වගේම තව Character එකක් ඉන්නව කියල මේ ලගකදි රිලීස් වෙච්ච Promo Video එකක තිබ්බා.ඒ කැරැක්ටරෙ Spoiler Alert කියල වහල තිබ්බෙ.ඉතින් ගොඩක් අය කිව්වෙ මේ ඉන්නෙ Batman Beyond කියල.තව සමහරු කිව්ව මේ ඉන්නෙ Wonder Woman කියල.මොකද BTS පොටෝ එකක වොන්ඩිගෙ පොටෝ එකක් බස් එකක ගහල තියෙනව දකින්න පුලුවන්.ඉතින් මේ වොන්ඩි කියල තමා ගොඩක් අය කියන්නෙ.මට හිතෙන්නෙත් මේ වොන්ඩි කියල.ඒත් මේ ගෑල්ගෙ වොන්ඩි නෙමෙ.මේ Lynda Carter ගෙ වොන්ඩි කියල තමා මට හිතෙන්නෙ.ගෑල්ට කලින් වොන්ඩිගෙ චරිතෙ කරපු කෙනෙක් තමා ලින්ඩා.WW84 එකෙ Post Credit සීන් එකෙත් ලින්ඩා ඉන්නව.ඒත් ඒ වොන්ඩර්වුමන් විදිහට නෙමෙ.ඉතින් සමහරවිට මේ අනිත් යුනිවර්ස් එකෙ Lynda ගෙ වොන්ඩර්වුමන් ඉන්නව වෙන්න පුලුවන්.මේකට වෙනම හේතුවක් තියෙනවා.

Lynda Carter's Wonder Woman


මට හිතෙන විදිහට ෆ්ලෑශ් මේ යන්නෙ Kingdom Come Earth එකට.Comic ගැන දන්න කෙනෙක්නම් මේ Kingdom Come කොමික් එක ගැන දන්නව ඇති.කොමික් වල මාස්ටර්පිස් එකක් විදිහට තමා මේක සලකන්නෙ ( මේක ගොඩක්ම ප්‍රසිද්ධ වුනෙ Alex Ross ගෙ Arts නිසා 🔥 ) මේ කතාවෙ වෙන්නෙ වයසට ගිය JL එක පෘථිවිය ආරක්ශා කරන එක Next Generation Heroes ලට පවරල Retire වෙනව.ඉතින් මේ අලුත් කස්ටිය පරණ අය වගෙ නෙමෙ ගොඩක් Reckless මේක නිසා සුපර්මෑන් තීරණය කරනව උන්ව Retire කරල ආයෙ පරණ සෙට් එකවම ගේමට දාන්න 😎 ඉතින් මේකෙ ඉන්න Wonder Woman / Batman ල එහෙම ගොඩක් වයසක අය.බැටා එහෙම Special Exoskeleton එකක් පාවිච්චි කරල තමා වැඩ කරන්නෙ.


Kingdom Come


ඉතින් මේ Kingdom Come Universe එකට බැරිය යනව කියල තමා මටනම් හිතෙන්නෙ.මොකද මේකෙ ඉන්න බැට්මෑන් වයසයි.මේ යුනිවර්ස් එකෙ වොන්ඩර්වුමන් විදිහට ලින්ඩා කාටර් ඉන්න ලොකු ඉඩක් තියෙනව.ඒ වගේම සුපර්මෑන්, මේකෙ සුපර්මෑන් නැති වුනාට සුපර්මෑන් ගෙ දුව ඉන්නව.ඉතින් මම කලිනුත් කිව්වනෙ Lara ඉන්නෙ Injustice Universe එකෙ කියල.ඒකෙදි ලාරාගෙ තාත්තා විදිහට ඉන්න සුපර්මෑන් ගෙ Logo එක Kingdom Come Superman ගෙ ලෝගෝ එක වගේමයි ( කලු Background එකෙ S අකුර ) ඉතින් මේකත් එක හේතුවක් බැරිය මේ ට්‍රැවල් කරන්නෙ Kingdom Come Universe එකට කියල හිතෙන්න.ලාරාගෙ තාත්තා  Kingdom Come Superman වෙන්න ලොකු ඉඩක් තියෙනව.ඒ වගේම මේ Role එක Live Action ආවා Crisis On Infinite Earths CW Arrowverse Crossover එකෙන්.මේ චරිතෙ කලේ Superman Returns එකෙ සුපර්මෑන් ට පණපොවපු Brandon Routh.ඉතින් සමහරවිට පොර ආයෙ ඒ චරිතෙ කරන්න Return වෙයි 🤤 Flashback Scene එකකින් හරි Kingdom Come Superman ව බලාගන්න හම්බුනොත් නම් මරු 🔥😍


Brandon Routh As Kingdom Come Superman In Crisis On Infinite Earths

DC Fandom එකට දාන්න තිබ්බ වීඩියො එකක් මේ මෑතකදි ලීක් වෙලා තිබ්බා ( DC ලගෙ ලීක් වෙන්නෙ නැති මගුලක් නැ වගෙ 😪 )


ඉතින් මේකේ Concept Art වගයක් දාලා තිබ්බ.ඒව ගැන විස්තර ටිකක් පහලින් දාලා තියෙනව


ZSJL එකෙ වගෙ නෙමෙ මේකෙ බැරීට එයාගෙ Comic Accurate Lightning Color එක වෙච්ච Yellow Color එක දීලා තියෙනවා.



ස්නෑඩර් කට් එකෙ ඇදුමට වඩා මේ ෆිල්ම් එකෙ ඇදුම වෙනස්.New 52 Design එකට තමා හදල තියෙන්නෙ.ඉතින් මේක හදන්නෙ බෲස් කියල තමා කියන්නෙ ( කීටන්ගෙ බෲස්ද ඇෆ්ලෙක් ගෙ බෲස්ද කියන්න දන්නැ ) තව BTS Pic වල බැරි එයාගෙ Ring එක දාගෙන ඉන්නව දකින්න පුලුවන්.මේ මුද්ද අස්සෙ තමා බැරියගෙ ඇදුම තියෙන්නෙ.දන්න විදිහට Molecule හකුලල තමා මෙහෙම මුද්ද අස්සට ඇදුම දාගන්නෙ.


තව අහසින් බබාලා වැටෙනව පෑස් මෙයාලව අල්ලන්න යන Art එකක් පෙන්නනවා.මේකනම් කොහොම වෙනවද කියල හිතා ගන්න බැ.පොර බබාලන්තෙටවත් ට්‍රැවල් කරලද මන්දා 😂

කීටන්ගෙ බැට්මෑන් බැට්මොබිල් එකෙ බැරීවයි තව කෙනෙක්වයි දාගෙන යන එකක් පෙන්නනවා.දෙන්නම Back Seat එකෙ ඉන්නෙ.ඉතින් මේ අනිත් ඩයල් එක රොබින් කෙනෙක් වෙන්න බැ.මොකද රොබින් සාමාන්‍යයෙන් Back Seat එකෙ නෙමෙ ට්‍රැවල් කරන්නෙ.

තව ආර්ට් එකක් පෙන්නනවා බැට්මෑන් දිය ඇල්ලක් වගෙ තැනක හිටන් ඉන්නව ඊට එහාපැත්තෙ පුටුවක් තියෙනව.මේ දිය ඇල්ල නම් බේල්ගෙ බැට්මෑන් ගෙ බැට්කේව් එකෙ Entrance එක වගේමයි.එහාපැත්තෙ පුටුව Flashpoint Comic / Animation එක බලපු අයනම් දන්නවත් ඇති.බැරියගෙ පවර්ස් නැති වුනාම පොරට පවර්ස් හම්බෙච්ච Scenario එක Recreate කරල පවර්ස් ගන්නව වගෙ වැඩක් තමා මෙතන වෙනව ඇත්තෙ.මෙතන කීටන්ගෙ බැට්මොබිල් එක බලන්නත් පුලුවන් 

බැට්මෑන් , ෆ්ලෑශ් & Surprise Character එකට සුපර්ගර්ල් ව හම්බෙන ආර්ට් එකකුත් තියෙනව.තව සුපර්ගර්ල් බැරී එක්ක වේන් මැනර් එක උඩ කතා කරන එකකුත් තියෙනව.

සුපර්ගර්ල් ව ( පේනවිදිහට ) එක තැනක හිර කරල තියෙනව පෙන්නනවා.එයා මෙතන වකුටුවෙලා ගොඩක් වීක් වෙල වගෙ තමා ඉන්නෙ.ඉතින් මේ හිර කරල තියෙන තැන ක්‍රිප්ටෝනයිට් වලින් සුපර්ගර්ල් ව weak කරල කියල හිතන්න පුලුවන්.


Rumors යන විදිහට ග්‍රෑන්ට් ගෙ ෆ්ලෑශ්ගෙ ( CW ෆ්ලෑශ් ) කැමියො එකක් මේ ෆිල්ම් එකෙ තියෙයි.මේක තියෙන්න ඕනෙ.මොකද Crisis On Infinite Earths එකෙදි ග්‍රෑන්ට් ගෙ පෑස්ට එස්රාගෙ පෑස්ව හම්බෙනව.මේක වෙන්නෙ ඇන්ටි මොනිටර් මල්ටිවර්ස් එකම විනාශ කරයින් පස්සෙ ( මතක විදිහට ) ඉතින් එතකොට හිතන්න පුලුවන් එස්රගෙ බැරී ඒ මල්ටිවර්ස් එකට අයිති කෙනෙක් නෙමෙ කියල.මොකද මල්ටිවර්ස් එකම විනාශ වෙලා තියෙද්දි අරූ කොහෙට කියල ට්‍රැවල් කරන්නද.ඉතින් මුන් දෙන්න මෙහෙම හම්බුනෙ ස්පිඩ්ෆෝර්ස් එක නිසා කියල තමා මටනම් හිතෙන්නෙ.අනික ඔය බැරී යුනිවර්ස් අතර ට්‍රැවල් කර කර ඉද්දි ස්පීඩ්ෆෝර්ස් කෙස් එකකින් ග්‍රෑන්ට් ව හම්බුන සීන් එකක් වෙන්න ඕනෙ.ඔය සීන් එක යද්දි Ratio එක වෙනස් වෙනව දකින්න ඇති.ඉතින් TV Series වලයි ෆිල්ම් වලයි Ratio වෙනස් මම දන්න දන්නෙ විදිහට නම්.


ඉතින් COIE එකෙදි මේ සීන් එක අපි දැක්කෙ Grant ගෙ බැරීගෙ View Of Point එකෙන්.ඉතින් මේ සීනෙකම අපිට Ezra ගෙ ෆ්ලෑශ් ගෙ View Of Point එකෙනුත් දකින්න හම්බෙයි The Flash Film එකෙන් 😉 ඉතින් මේ ෆ්ලෑශ් ඉන්නෙ Arrowverse Multiverse එකෙනෙමෙ මට හිතෙන විදිහට.මොකද ඇරෝවර්ස් මල්ටිවර්ස් එකෙ Prime Earth එක ඇරෝවර්ස් උන් ඉන්න එක DCEU එක නෙමෙ.ඉතින් මට හිතෙන විදිහට මේක මල්ටිවර්ස් දෙකක් වෙනවා.ඔලී මල්ටිවර්ස් එක ආයෙ හදන වෙලේම බැරියත් මොකක් හරි පිස්සුවක් කෙලල මල්ටිවර්ස් එක රිබූට් කරල සමහරවිට ඔක්කොම merge වෙනවද දන්නෙත් නැ.නැත්තන් සමහරවිට Pre Crisis Multiverse එකෙ DCEU එක තිබිල බැරියගෙයි ඔලීගෙය් රීබුට් වලින් වෙනම මල්ටිවර්ස් එකක් විදිහට වෙනස් වෙනවද දන්නැ.Flashpoint එකෙත් බැරී ආයෙ ටයිම්ලයින් හදද්දි Pandora Vertigo Universe එක Prime Earth එකත් එක්ක Merge කරනවා.ඉතින් මේ වගෙ සීනෙකක් වෙනවද දන්නෙත් නැ.

Pandora Merging Vertigo & Wildstorm Main DC Continuity 

කොහොම හරි අන්තිමට Flash පිස්සුවක් කෙලලා DCEU Reboot කරයි.සමහරවිට අපිට පැටින්සන්ගෙ බැට්මෑන්ව Prime Batman විදිහට බලාගන්න හම්බෙයි. Batman Location එකකටයි Flash Location එකකටයි එකම ලොකේශන් එක පාවිච්චි කරල තියෙනව BTS Pic වලින් බලාගන්න පුලුවන්.ඉතින් මේ ගෝතම් කියල කියන්නෙ.හැබැයි මෙතනම Supergirl & Keaton Batman ඉන්නව බලාගන්න පුලුවන්.ඉතින් මේ වෙන දේ හරියට පැහැදිලි නැ 😐 මේකනම් ඉතින් ෆිල්ම් එක එනකම්ම ඉන්න වෙනව හොයා ගන්න.අන්තිමට කියන්න තියෙන්නෙ මේක තමා DCEU එකට ගොඩ යන්න තියෙන අන්තිම චාන්ස් එක මේකෙන් හරි යුනිවර්ස් එකක් හදල ගත්තෙ නැත්තන් Live Action DC Film අතාරින්න තමා වෙන්නෙ 🙂 


එහෙනම් මේ වගෙ ආටිකල් එකකින් ආයෙ හම්බෙමු 😉💖


 #CapedCrusader

4 Comments

  1. පට්ටම ලිපියක්
    සුපිරි 🔥😍
    ඔහොම යන්

    ReplyDelete
  2. Marlon DeashapriyaJuly 13, 2021 at 9:51 AM

    Good one mate��

    ReplyDelete
  3. Cupiri , ben10 universe eka ගැන review එකක් කරන්න

    ReplyDelete
Post a Comment
Previous Post Next Post