Harry Poter යුනිවර්ස් එකයි Percy Jackson යුනිවර්ස් එකයි එකට එකතු වුනොත් කොහොමද තියෙයිද???ඒ විතරක් නෙමෙ ඒ එකතුවට සුරංගනාවියොත් එකතු වුනොත්???
අද එහෙනම් ඒ ගැන කතා කරමු..
Netflix කියන්නෙ මේ වෙනකොට Streaming service අතරින් අංක එක කියන එක ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ දෙයක් නෙමේ. Amazon Prime,Disney + වගෙ තව Streaming service හොඳ තරඟයක් දෙන්න හිටියා වුනත් Netflix එක තමන්ගෙ ස්ථානය දැනටමත් තහවුරු කරගෙන ඉවරයි. Netflix ලා ළඟ කාලෙක ඉඳලා බොහොම ඉවසීමෙන් කරගෙන යන වැඩක් තියෙනවා.ඒ තමා නිකන්ම ෆිල්ම්ස්,ටිවි සීරීස් හදනවා වෙනුවට යුනිවර්ස් හදන්න ගන්න එක. මේ වෙද්දී The Witcher හරහා Witcher-verse එකක්,Shadow & Bone හරහා Grishaverse එකක්,Army of the Dead හරහා Zombieverse එකක් වගෙ විවිධාකාර Universe හදමින් යනවා. මේකට 2021 ජනවාරි වල තවත් එකක් එකතු වෙනවා ඒ තමා Winx Saga එක...
![]() |
Nickalodeon's Winx Club(2004) |
2004 දි Nickalodeon හරහා නිකුත් වෙන The Winx club කියන කාර්ටුන් එකෙ live Adoption එකක් විදිහට තමා Netflix එකෙන් Fate:The Winx Saga එලියට එන්නෙ. සීරීස් එක නිර්මාණය කරන්නෙ The Vampire Diaries එකේ හිටපු තිරරචකයෙක් සහ නිශ්පාදකයෙක් වුන Brian Young විසින්. Cartoon එකේ සහ මෙකේ තියෙන සමානකම් වෙනස්කම් ගැන නම් මම මෙතන කතාකරන්න බලාපොරොත්තුවක් නෑ. ඒ වෙනුවට අපි බලමු සීරීස් එකේ චරිත සහ මේ කතාවට අදාල වටපිටාව ගැන.
![]() |
Brian Young |
First World & Otherworld
සීරීස් එකෙ වටපිටාව ගැන කතා කරද්දී කතා කරන්න ඕනෙ මාතෘකා දෙකක් තමා මේ දෙක. First world කියලා කියන්නෙ අපේ මේ ලෝකෙට. සාමාන්‍ය මනුස්සයො ජීවත් වෙන ලෝකෙට. Otherworld කියලා කියන්නෙ අපේ ලෝකෙට සමාන Parallel ලෝකෙට.මෙහෙදි තමා අපේ මේ සීරීස් එකට අදාල හැම දේම සිද්ධ වෙන්නෙ.මේකත් හරියට infinite earths වගෙ සංකල්පයක් තමා.හැබැයි මේකෙදි අනන්ත ගනනක් ලෝක නෑ(තියෙනවද දන්නෑ.දැනට දන්නෙ තියෙන්නෙ මේ ලෝක දෙක විතරයි කියලා)ලෝක දෙකම එකම තැන තිබුනට මනුස්ස ලෝකෙ කාටවත් Otherworld එක දැනෙන්නෙ නෑ.මේ ලෝක දෙක අතර ගමන් කරන්න හැමෝටම බෑ.ඒකට විශේෂ බලයක් තියෙන්න ඕනෙ.ඒක ඔයාලට පලවැනි එපිසෝඩ් එකේ ම බලාගන්න පුලුවන්😉.
Solaria
![]() |
Solaria |
අපේ ලෝකෙ මහද්වීප තියෙනවා වගෙ Otherworld එකෙ අපිට දකින්න ලැබෙන්නෙ Realms. Otherworld එකෙ සම්පූර්ණයෙන් reamls හතක් තියෙනවා.මේ හතෙන් ප්‍රධානම සහ අපෙ කතාවට වැදගත් වෙන්නෙ Solaria Realm එක. Solaria පාලනය කරන්නෙ Queen Luna විසින්. ඇය තමයි Queen of the Light. අපේ මේ සීරීස් එකෙ දකින්න තියෙන Alfea කියන මායා පාසල පිහිටලා තියෙන්නෙත් Solaria වල තමා. Alfea ගැන කතා කරනවනම් මේ පාසලෙන් කරන්න කොට්ඨාස දෙකකට උගන්වන එක. ඒ තමා Fairies සහ Specialists.
![]() |
Alfea College |
Specialists
![]() |
Specialists |
Specialist ලා කියන්නෙ රණශූරයන්ට.මේ අයට කිසිම මායා හැකියාවක් නෑ. මේ අයට තියෙන්නෙ හොඳ සටන් හැකියාවක්. Alfea වලින් කරන්නෙ මේ අයගෙ සටන් හැකියාව දියුණු කරන එක. මේ අයට සටන් කරන්න වෙන්නෙ Burned Ones ලට විරුද්ධව(ඒ කවුද කියලා පහල විස්තර කරලා තියෙන්නෙ). පිරිමි අය විතරක් නෙමෙ මෙතනදි specialists ලා කියලා කියන්නෙ.ගෑනු අයත් specialist කෙනෙක් වෙන්න පුලුවන්.සරලවම මේ අය ආරක්ශකයෝ.
Fairies
![]() |
Fairies |
Otherworld එකේ විශේෂම කොට්ඨාසය. මායා හැකියාවන් තියෙන පිරිස.ඒ තමයි මේ අය. මෙතනදි 'Fairy' කියලා කියන්නෙ සුරංගනාවියන්ටම විතරක් නෙමෙ. පිරිමි අයත් ඉන්නවා මායා හැකියාවන් තියෙන. ඒ අයවත් හඳුන්වන්නෙ 'Fairy' කියලම තමා. සුරඟන අයට තටු තියෙනවා කියලා අපි අහලා තියෙනවා. කෝ එහෙනම් මේ අයගෙ තටු??ඒකට උත්තරේ පලවෙනි එපිසෝඩ් එකේම තියෙනවා.පරිණාමයත් එක්ක මේ අයගෙ තටු හැලිලා ගිහින්. ඒ වෙනුවට මේ අයට වෙනස් හැකියාවක් ලැබිලා.හැම Fairy කෙනෙක්ම මොකක් හරි මූලධාතුවක්(Elements) පාලනය කරන්න හැකියාවත් එක්කමයි උපදින්නෙ. ඒ විදිහට පාලනය කරන්න පුලුවන් Elements හයක් තියෙනවා. ඒ අනුව අපිට පුලුවන් Fairies ප්‍රධාන වර්ග හයකට බෙදන්න.
Fire Fairies
![]() |
Water Fairies
Mind Fairies
Earth Fairies
Light Fairies
Air Fairies
මේ තමයි ඒ වර්ග හය.දැක්කම පේනවා ඇති නෙ Elements මොනාද කියලා. Fairiesලට එයාලගෙ මැජික් පාවිච්චි කරන්න ස්වාභාවධර්මයෙ මොකක් හරි දේකට ෆෝකස් කරලා එයාගෙ හැඟීම් ඒකට දායක කරගන්න ඕනෙ. මේකට කියන්නෙ 'channeling' කියලා. Alfea වලින් කරන්නෙ මේ අයගෙ මේ හැකියාව වැඩිදියුණු කරන එක සහ අනිත් Elements channel කරන්න උගන්වන එක. හරියට දියුණු වුන Fairy කෙනෙක්ට විශාල බලයක් තියෙනවා වගේම ගොඩාක් දේවල් කරන්නත් පුලුවන්. මේ අයට තියන හැකියාවන් වෙන වෙනම විස්තර කරන්න යන්නෙ නෑ මම. ඒක නොතේරෙන්න පුලුවන් නිසා.සීරීස් එක බලන් යද්දි ඔයාලට ඒක ගැන අවබෝධයක් ගන්න පුලුවන්.(මේක Fun Fact එකක්. ගොඩක් අය දන්නවා ඇති නෙ Tinker Bell ව. සූටිම සූටි කොල කෑල්ලක් ඇඳන් ඉන්න ලස්සන සුරංගනාවි.ආන් එයත් Air fairy කෙනෙක්.😉)
![]() |
Tinker Bell |
Burned Ones
![]() |
Burned One |
මේ අයත් හරියට එක්තරා විදිහක zombie ස්වරූපයක් වගේ.මුළු ශරීරයම පිච්චිලා වගෙ තමා තියෙන්නෙ. Burned Ones ලා කියන්නෙ මීට අවුරුදු දාහකට විතර කලින් ඇති වෙච්ච පිරිසක්.මේ කෙනෙක් සාමාන්‍ය Otherworld එකෙ කාටහරි පහර දුන්නොත් තමන්ගෙ නිය වලින්,ඒ කෙනා ත් Infect වෙලා ටික වෙලාවකින් Burned One කෙනෙක් බවට පත් වෙනවා.පහර ලබලා burned one කෙනෙක් නොවෙන්න නම් කරන්න තියෙන එකම දෙයයි. හරියටම පහර දුන්නු burned one ව හොයලා මරලා දාන්න ඕනෙ. මරන්නත් ලේසි නෑ මේ කෙනෙක්ව. ඒකට උගෙ ඇඟ ඇතුලෙ තියෙන core එකම විනාස කරලා දාන්න ඕනෙ.මෙ අය ගොඩක්ම පහර දෙන්නෙ බලවත් fairy ලට.Alfea කියන්නෙ සුරඟනන් ගොඩක් එකට එකතු වෙන තැනක්.මේ වගෙ තැනකට Burned One ලා කොහොමත් ඇටෑක් කරන්න පුලුවන්.ඒ හින්දා Alfea එක වටේට මැජික් boundary ක් දාලා තමා තියෙන්නෙ.ඒක හරහා Burned one ලට Alfea වලට ඇතුළු වෙන්න බෑ.(අඩ ලේ තියෙන කට්ටියක් ඉන්න කෑම්ප් එකක් මතක් වුනාද?🌚)
![]() |
Magical Boundary |
දැන් වටපිටාව ගැන ඇති.දැන් යමු මේකෙ මොකද්ද වෙන්නෙ බලන්න..
අපේ කතා නායිකාව Bloom Peters කියන්නෙ Changling කෙනෙක්.ඈ ඒ මොකෙද්ද..මෙහෙමයි Changling කෙනෙක් කියන්නෙ Otherworld එකෙ ඉපදුන සුරඟන බබෙක්ව කවුරුහරි කෙනෙක් First world එකට අරන් ඇවිත් මනුස්ස බබෙක් එක්ක මාරු කරලා මනුස්සයෙක් විදිහට හැදෙන කෙනෙක්ට.එතකොට එයා තමන් සුරඟනක් ය කියලවත් තමන්ට විශේෂ හැකියාවන් තියනවා කියලවත් දන්නෙ නෑනෙ.මේ නිසා මේ වගෙ අය ගොඩක් භයානකයි.මේ අයට තමන්ගෙ පවර්ස් පාලනය කරගන්නවත් බෑ. Bloom කියන්නෙ fire fairy කෙනෙක්. ඉතින් තත්ත්වෙ තවත් බරපතලයි. ගින්දර එක්කනෙ සෙල්ලම. කොහොම හරි Bloom තමන්ගෙ ගේ ගිනිතියලා හොඳ ජවුසමක් නැටුවට පස්සෙ Alfea වල ප්‍රධානාචාර්ය තුමිය Ms.Dowling Alfea වලට Bloom ව අරගෙන එනවා. එහෙදි එයාට තමන්ගෙ පවර්ස් පාලනය කරන්න උගන්වනවා කියලා.මෙහෙදි Bloom ට නවතින්න ලැබෙන Winx suite එකේදී රූම් මේට් ලා හතර දෙනෙක් හම්බෙනවා. ඒ Water fairy කෙනෙක්,Light fairy කෙනෙක්,Earth Fairy කෙනෙක් සහ Mind fairy කෙනෙක් විදිහට.ඉතින් මේ අයත් එක්ක Bloom තමන් කවුද?තමන්ගෙ ඇත්ත දෙමාපියො කවුද? වගෙ දේවල් වලට උත්තර හොයන්න පටන් ගන්නවා. මොකද Bloom ට මේ හැමදෙයක්ම අලුත් දේවල්. මේ ඔක්කොම අස්සේ අවුරුදු දාසයකට කලින් Otherworld එකෙන් අතුගාලම දාපු Burned ones ලා ආයෙ ඇවිත්..!
Fate:The winx Saga සීරීස් එකෙ තියෙන්නෙ එපිසෝඩ් හයයි. හරියට බලන කෙනෙක්ට අඩුම දවසක් වගෙ යන්නෙ මේක බලලා ඉවර කරන්න. Teen drama කැටගරියට ආස අයට ගොඩක් හොඳ සීරීස් එකක් මේක. Fantasy ටයිප් කතා බලන කෙනෙක්ටත් මිස් කරගන්නම හොඳ නැති සීරීස් එකක් මේක. ඒ වුනාට හිතන්න එපා මේක නිකන් සුරංගනාවියො ඉන්න සීනිබෝල කතාවක් කියලා😂මේකේ සීසන් ෆිනාලෙ එකෙ වෙනවා එක්තරා දෙයක්.ඒක මම කිසිම විදිහකින් බලාපොරොත්තු වුන දෙයක් නෙමෙ.ගැස්සිලා ගියා ඒ වුන දේට.ඒකම ඇති මේක සීනිබෝල කතාවක් නෙමෙ කියන්න.අනික මේකෙ විලන් රෝල් එක කරන්නෙ කවුද කියලා සෑහෙන්න ප්‍රශ්නයක් එනවා.අපිට සීරීස් එකෙ අන්තිමේ ඒ කවුද කියලා පෙන්නුවට ඇත්තටම එයා නෙමෙ කියලයි මට හිතෙන්නෙ. විශේෂම දේ තමා Netflix ලා මේ වෙද්දි Announce කරලා ඉවරයි එපිසෝඩ් අටකින් යුක්ත Fate:The Winx Saga Season 2 එනවා කියන එක. හොඳ ප්‍රතිචාර ලැබුනෙ නැත්නම් Netflix එකෙන් කීයටවත් දෙවෙනි සීසන් එකකට යන්නෑ කොහොමත්.අපි දන්නවනෙ Netflix එක Show කැන්සල් කරන්න රුසියොනෙ😐. සාමාන්‍යයෙන් අපි ඕනම ටිවි සීරීස් එක පලවෙනි එපියට කියන්නෙ 'Pilot Episode' එක කියලා.මොකද ඒක තමා සීරීස් එකට අවශ්‍ය ප්‍රධාන චරිත හඳුන්වා දීම,පසුබිම සැකසීම,ප්‍රේක්ෂකයා අල්ල ගැනීම වගෙ දේවල් කරන්නේ. සමහර වෙලාවල් වලට Pilot episode එක show runners ලගෙ ටෙස්ට් එකක්. මේක හොඳ සීරීස් එකක් විදිහට ජනතාව අතරට යයිද කියන එක හොයගන්න පාවිච්චි කරන. මට හිතෙන්නෙ Fate:The Winx Saga Season 1 කියන්නෙත් Pilot Episode එකක්.දැනුයි කතාව ආරම්භ වුනේ...හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට.
තවත් ලිපියකින් හමුවෙමු..සුබ දවසක්!

Nice work ❤🔥
ReplyDeleteSuperb
ReplyDeleteHeavily detailed bro♥️
ReplyDelete