සල්ලි... ඔව් මනුස්සයෙක්ට ජීවත් වෙන්න අත්‍යාවශ්‍යම දෙයක්... සල්ලි වලට ගන්න බැරි දේවල් තියෙනවා කියලා කිව්වට සල්ලි වලින් සතුටින් ඉන්න පුලුවන් මොලේ තියෙනවා නම්... හරි මේ කියන්න යන්නෙ අපේ කොමික් වල ඉන්න සල්ලිකාර සුපිරි වීරයො ගැන... සුපිරි වීරයො විතරක් නෙවෙයි සල්ලි තියෙන සුපිරි දුශ්ඨයොත් ඉන්නවා... මෙයාලා ගැන වෙනම ලිපියක් අරන් එන්නම්... කොමික්ස් ගත්තත් ගොඩාරියක් තියෙනවනේ සහ සමහර කාර්ටූන් චරිත පවා ඉන්නවා පට්ට සල්ලි තියෙන. ඒ සේරම මෙතෙන්ට ගත්තොත් අච්චාරුවක් වෙන නිසා අපේ ඇඟේ තියෙන මාවල් සහ ඩීසී කොමික්ස් වල ඉන්න සුපිරි වීරයො අතරින් බලමු හොඳම සල්ලි කාරයො කව්ද කියලා 😁🔥
ඇත්තටම ලංකාවෙ කොමික් කියවන අය අඩුයිනෙ... බොරුව දාන්ඩ ඕන්නෑ මාත් කොමික් කියන්නෙ මොනාද කියලවත් නොදැන අයන් මෑන් බැට්මෑන් එහෙම බැලුවෙ ඒ කාලේ... පස්සෙ පස්සෙ තමයි මේවා මේ කොමික් කියලා ජාතියකින් හදන්නෙ කියලා දැනගත්තේ... එතකොට ෆිල්ම්ස් බලලා අපි දන්න සල්ලි කාරයො විදියට දන්නෙ බැටා සහ අයන් මෑන්.. සාධාරණයිනෙ?? ඉතින් ඔහොම හිතාගෙන බ්ලැක් පැන්තර් එහෙම බලන්ඩ ගියා 😂🙏 අප්පට හික්කඩු යැවිලා හෝල් එකෙන් එලියට ආවෙ. ඒ ජෝක් එක තේරුනේ නැත්තං මේ ලිස්ට් එක බැලුවම තේරෙයි... හරි බලමු...
ආ මුලින් බඩ්ඩක් කියන්ඩෝනෙ... අන්තර්ජාලයෙ එක එක අගයන් තියෙනවා මේ කියන්න යන සුපිරි වීරයන්ගෙ වත්කම් ගැන... එක එක වෙබ්සයිට්ස් වල එක එක විදියට... මං ගූගල් එකේ සහ Money.com සහ Moneyinc.com කොම් වෙබ් අඩවි වල තියෙන විස්තර එකතු කරලා එක ලිස්ට් එකක් අරන් එන්නම්... සහ මේ හැමතැනම ඇමෙරිකන් ඩොලර් වලින් කතා කරන්නෙ, ඒ නිසා මිලියන බිලියන ට්‍රිලියන ගනන් වලින් කියන්නෙ ඇමෙරිකන් ඩොලර් ගැන ඈ... හරි අපි ඇක්වමෑන්ගෙ වත්කම් නොසලකා හරිනවා ඇත්තටම මෙතනදි... මිල කළ නොහැකිය කියලා සඳහන් වෙනවා මුහුදේ තියෙන සාගර සම්පත්වල වටිනාකම ගත්තම.. සමහර තැන් වල මේක ට්‍රිලියන 150ක් කියලා කියනවා... කොහොමහරි අපි ඇක්වමෑන් නැතුව ඉස්සරහට යමු...
06) Charles Xavier
![]() |
Charles Xavier |
චාර්ල්ස් සේවියර්, ප්‍රොෆෙසර් එක්ස් අනේ මේ ඉන්නෙ.. දන්නවනෙ X-Men ෆිල්ම්ස් වල ඉන්නෙ... මෙයාගෙ වත්කම් විදියට ඩොලර් බිලින 3.5ක් විදියට කියන්න පුලුවන්...
05) Blue Beetle, Mister Fantastic & Warren Worthington III
පස්වෙනි තැන ඇත්තටම 03න් දෙනෙක් ඉන්නවා. මෙයාලගෙ වත්කම් තියෙන්නෙ තුන් දෙනාටම ඩොලර් බිලියන 05 බැගින්...
![]() |
Blue Beetle |
මුලින්ම Blue Beetle ( Ted Korg ) ගැන කියන්නම්. මෙයා තමයි මං 10 වෙනි තැනට ගන්න කෙනා... DC කොමික්ස් වල එන චරිතරක්.
ඊළඟට අපේ Mister Fantastic අර ෆැන්ටාස්ටික් ෆෝ එකේ ඇදෙන හාදයා... මෙයා සල්ලිකාරයෙක් විතරක් නෙවෙයි මාවල් විශ්වයේ බුද්ධිමත්ම පුද්ගලයා 🔥🙏
![]() |
Warren Worthington III |
ඊළඟට ඉන්නෙ X-Men ෆිල්ම්ස් වල එහෙම අපි දැක්ක ඒන්ජල්, Warren Worthington III.. කලින් කීවා වගේ මේ තුන් දෙනාම ඩොලර් බිලියන 5 බැගින් වත්කම් වලට හිමිකම් කියනවා...
04) Arrow & Ozymandias
හතර වෙනි ස්ථානයෙ දෙන්නෙක් ඉන්නවා... අපේ Arrow සහ Ozymandias...
![]() |
Ozymandias |
Ozymandias ගැන කියන්නෙ වොච්මෙන් ෆිල්ම් එකෙයි සීරීස් එකෙයි ඉන්නෙ සුදු ඩෑල් එක. රජ කෙනෙක්ගෙ වගේ කිට් එකක් ගහන් ඉන්නෙ... ෆොටෝ එකක් දාන්නම් කමෙන්ට් සෙක්ශන් එකේ නම අහපු අලුත් අයට... මෙයත් DC කැරැක්ටර් එකක්... මෙයා ඇන්ටි හීරෝ කෙනෙක්. වෙනොම් එහෙම වගේ... මෙයාගෙ වත්කම ඩොලර් බිලියන 07 කියලා සඳහන් වෙන්නෙ...
![]() |
Green Arrow |
ග්‍රීන් ඇරෝ, ඔලිවර් ක්වීන්ව නම් හැමෝම දන්නවනෙ. මෙයාගෙත් වත්කම ඩොලර් බිලියන 07ක්... ඇරෝ බලපු අය දැකලා තියෙනවනෙ බැටාගෙ වගේම මන්දිරයක් තියෙන්නෙ ඔලිවර්ටත් කියලා සහ බැට්මෑන් ඩාක් නයිට් එකේ බැටා යන්නෙ අර මුලු රුසියන් නාට්‍ය කන්ඩායමම අරන් ට්‍රිප් එකක්.. ආ ඒ වගේ ඔලිවත් යන්නෙ සාරව අරන් ට්‍රිප් එකක්... තේරෙනවනෙ දෙන්නගෙ සමානකම් ❤🔥 අපි ඇරෝ ගැන කරපු වීඩියෝ එකේ මීටත් වඩා දේවල් කියනවා... ඒක බලන්න 👇
03) Batman
![]() |
Batman |
ඔන්න ඉන්නවා බැට්මෑන් නැත්තං ගෝතම් නගරයේ ප්‍රකෝටිපතියා බෲස් වේන්. බෲස් වේන් තමයි 03 වෙනි ස්ථානයේ ඉන්නෙ. බෲස්ගෙ වත්කම් විදියට ඩොලර් බිලියන 9.2ක වගේ ප්‍රමාණයක් සඳහන් වෙනවා... බෲස්ගෙ සල්ලි ගැන උදාහරණ දෙකක් දෙන්නම් මං ආසම එක සහ සුපිරිම එක. ජස්ටිස් ලීග් එකේමයි උදාහරණ දෙකම... මං ආසම එක ෆිල්ම් එකේ අන්තිමට ක්ලාර්ක් ඒ කියන්නෙ අපේ සුපියා අහන්නෙ බැටාගෙන්
ඔයා කොහොමද ගෙදර බැංකුවෙන් ආපහු ගත්තෙ?
කියලා... බෲස් කියනවා,
මං බැංකුව සල්ලි වලට ගත්තා කියලා
සුපිරිම එක කියන්නද? අර කාර් එකේ ඉන්නකොට අපේ ෆ්ලෑශ්, බැරී අහන්නෙ
ඔයාගෙ සුපර් පවර්ස් මොනාද?
කියලා, බෲස් කියනවා එතකොට,
මං පෝසත්
කියලා...
02) Iron Man
![]() |
Tony Stark |
අපේ අයන් මෑන් ඒ කියන්නෙ ටෝනි ස්ටාර්ක් තමයි දෙවෙනි තැන ඉන්නෙ... සරළ කතාව කොමික් ලෝකෙ බැටයි අයන් මෑනුයි දෙන්නා තමයි කම්පෙයා කරන්න ගන්නෙ. ෆෑන්ස්ලගෙ වලි එහෙම යන්නෙ... හේතු ගොඩක් තියෙනවා... දෙන්නම සාමන්‍ය මිනිස්සු, සල්ලි කාර පවුල් වලින් පැවතගෙන එන්නෙ, දෙන්නම සෙල්ලක්කාර තරුණයො, එකිනෙකට දෙවෙනි නොවන අධි තාක්ෂණයක් දෙන්නම භාවිතා කරනවා... ඔය හේතු වගේම දෙන්නගෙම වත්කම් යන්නෙත් එක ළඟ එක ළඟ... ටෝනිගෙ වත්කම ඩොලර් බිලියන 12ක වගේ ප්‍රමාණයක් කියලා කියන්නෙ... මේ වත්කම් විතරයි ඈ.. මේ වගේම ටෝනිලට බෲස්ලට අයිති කම්පැනීස් වල වෙනම ආදායම් තියෙනවා හික් ගෑවිලා යන 😂🙏 ඒවා ගැන වෙනම ලිපියක් ගේන්නම් වෙලාවක.
01) T'Challa - Black Panther
![]() |
T'Challa |
ඇත්තම කතාව අපි සල්ලි දැකලා නෑ බං... උඹම ඇස් දෙකට දැක්ක ලොකුම සල්ලි ප්‍රමාණය කොච්චරක්ද කියලා හිතහන්කො... උඩ ඒවා නම් කොමික් වල කියලා හිත හදාගන්න පුලුවන්නෙ.. ඒත් ඇත්ත ලෝකෙ සල්ලි?? ඇත්ත ලෝකෙත් අපි සල්ලි දැකලා නෑ කියන්ඩ හික් ගෑවෙන උදාහරණයක් ලංකාවෙන්ම දෙන්නද? අන්තර්ජාලයේ දැක්ක කතාවක් මේක ඈ... මචං අපේ රටේ ඇමති මණ්ඩලේ නඩත්තු කරන්න යනවලු අවුරුද්දට රුපියල් කෝටි 2600ක්... මත්තල ගුවන් තොටුපළ හදන්ඩ ගිහින් තියෙන්නෙත් රුපියල් කෝටි 2500යිලු... සහ ලංකාවෙ ලොකුම දේශපාලකයෙක්ගෙ වත්කම ඇමෙරිකන් ඩොලර් ඩොලර් බිලියන 18ක්... බැටාටයි අයන් මෑන්ටයිත් වඩා වැඩී 😂🙏 බොරු නං ගූගල් කරලා බලහන්..
රත්තරනේ හිතන්ඩවත් එපා ඕවා ගැන... හිතන්ඩ ගියොත් පිස්සො වෙලා නවතින්නෙ... හිතපන් මේවා... උඹට 8 - 5 රස්සාවක් කරලා ඔය උඩ කිව්ව ඇත්ත ලෝකෙ සල්ලි ගනන් හම්බ කරලා සුදාම්මි එක්ක සැප දාන්ඩ පුලුවන්ද කියලා... එහෙම සැප දාන්ඩ තියා හිතන්ඩවත් පුලුවන් වෙයිද කියලා එහෙම.. ගිහින් එන්නම්... ආදරෙයි හැමෝටම..!
Niym post ekk❤️
ReplyDelete