No Way Home Teaser Trailer Breakdown
මුලින්ම අපිට දකින්න ලැබෙන්නෙ පීටර් MJ එක්ක යන කතාබහක්. මේක ස්පයිඩි ඉන්න ෆිල්ම් වලට අමුතු දෙයක් නෙවේ. ම්තකනෙ කලින් හිටිය ස්පයිඩිල දෙන්නම ලෞ කරේ කොහොද කියල. MJ මේ කියවන්නෙ Daily Bugle එකේ පත්තරයක්. දෙන්න පිටර්ට වෙච්ච අකරතැබ්බය ගැන තමා මේ කතා කරන්නෙ.
ඊට පස්සෙ අපිට J. Jonah Jameson ගෙයි ස්පයිඩිගෙ Legendary වලිය බලාගන්න පුළුවන්. දන්නවනෙ මිහිහ ගැන. මකුළු කොල්ලව පේන්න බැරි චරිතයක් මිනිහ. හැබැයි Ultimate Universe එකේදි පීටර් මැරුනම ජේම්සන් මේ වැඩේ නවත්තනව. කොටින්ම ඊට පස්සෙ Spider Mantle එක ගත්ත මයිල්ස්ගෙ Identity එක හොයාගත්තු Reporter කෙනෙකුටත් ඒක Publish කරන්න බෑ කියනව. (මයිල්ස්ගෙ කිව්වට මයිල්ස්ගෙ තාත්ත තමයි ස්පයිඩර් මෑන් කියල හිතන් Reporter හිතන් ඉන්නෙ. හැබැයි මෙයාට ඒක කියාගන්න වෙන්නෙ නෑ වෙනොම් මෙයාව මරණව. ඒක වෙනම කතාවක්. ඒක ගැන දැනගන්න ඕනිනම් කමෙන්ට් එකක් දාන්න මං රිප්ලයි එකක් දාල කියන්නම්) ඒකට හේතුව විදියට එයා කියන්නෙ කලින් හිටිය ස්පයිඩිව එයා අසමත් කරා කියල. ඒ තරමට පීටර්ගෙ මරණය එයාට ලොකු Impact එකක් වෙනව.
“All you are Going to do is ruin a man
Ruin his Family”
තව මෙතන පීටර් ගෙයි ස්පයිඩිගෙයි මූණු දෙකට එකට කරල පින්තූරයක් තියෙනව. මේක කොමික් වලත් නිතරම වගේ පාවිච්චි උන දෙයක්.
ඊට පස්සෙ පෙන්නනව පීටර්ව පොලීසියෙන් ප්‍රශ්ණ කරනව. කට්ටියට ඔතන එක දෙයක් ක්ලික් වෙන්න ඇති. මෙතන නිකන් Charlie Cox As Matt Murdock වගේ පේන්නේ... චාලි මේකෙ ඉන්නව කියල කලින්ම කිව්වනෙ. හැබැයි ඩෙයාඩෙවිල් නම් ඉන්න එකක් නෑ. මොකද චාලි බොහොම ටික කාලයයි ශූටින් වලට හිටියෙ. මං හිතන්නෙ කැමියෝ එකක් වේවි බොහෝදුරට. මෙත ඉන්නෙත් එයා නොවෙන්න පුළුවන්. මේ සීන් එකේදි ස්පයිඩිගෙ ලෝයර් විදියට චාලි සම්බන්ධ වෙයි බොහෝ දුරට... දැනටම චාලි She-Hulk සහ Echo සීරියස් වල ඉන්නව කියල කියනව ❤️
![]() |
(චාලිගෙ ඩෙයාඩෙවිල්ව ඔයාලා දන්නවනේ?) |
MJ ගෙ කාමරේ තියන ශොට් එකක් තියේනෙ ඊලගට. මේකෙ අපිට බලාගන්න පුළුවන් Homecoming එකේදි MJ ඇන්ද පීටර්ගෙ පින්තූරෙ. හරියටම MJ ගෙ ඔලුව උඩ බලන්න.
ඔන්න අපි ඊට පස්සෙ දකිනව පීටර්ට Mysterio ගෙ වැඩ නිසා ඇති උන Impact එක කොහොමද කියල. මිනිහ නිව්යෝක් බේරගත්ත. තානොස්ව පරදන්න සටන් කරා. විශ්වයත් බේරගත්ත. හැබැයි මිනිස්සු කොහෙවත් ඉදල ආපු එකෙක් කියපු එක අල්ලගෙන පීටර්ට බනිනව. ඒ මිනිස්සුන්ගෙ හැටි. මතකද Superman and Lois එකේදි ක්ලාක් කියනව “ඔයා ලෝකෙ කීපාරක් බේරගත්තත් එක පාරක් ඔයාගෙ වැරැද්දක් මිනිස්සු දැක්කොත් ඒක හරිගස්සගන්න සෑහෙන කාලයක් යනව” කියල. ඔන්න සාක්ෂි 😤 (ඕකෙන් ස්පයිඩියගෙ මෙන්ටලි එක හැදිලා පට්ටම ඩයල් එකක් වෙන හැටි සචින් ට්‍රේලර් බ්රේක් ඩවුන් එකේදි කියයි)
![]() |
[ඩෙවිල් (යක්ශයා) කියලා තියෙන්නෙ...] |
Anyway කොමික් වලදි Civil War එක වෙනකොට රජය කියනව Vigilantes ලට ලියාපදිංචි වෙන්න කියල. මේ නිසා පීටර් එයා කවුද කියල ලෝකෙටම කියනව. ඊට පස්සෙ ස්පයිඩිගෙ විලන්ල පීටර් ආදරය කරන අය පස්සෙන් යන්න ගන්නව. මෙතනදි Kingpin එවන Mercenary කෙනෙක් අතින් Aunt May ට වෙඩි වදිනව. මේ නිසා පීටර් Kingpin ව හොයාගෙන ගිහිල්ල ලේ පනිනකම් ගහනව. පීටර් එයාගෙ ලයින් එක පැන්න අවස්ථාවක් ඕක.
ඊට පස්සෙ පෙන්නනව පීටර්ගෙ ශොට් එකක් මෙතන බිත්තියෙ තියනව කළු පාට පූසෙක්. කොමික් වලදි Black Cat කියල චරිතයක් ඉන්නව. මෙයා මාවල් එකට ඉන්න කැට්වුමන් වගේ. Sam Raimi ගෙ ෆිල්ම් ටික Continue උනානම් මෙයාව අපිට Spiderman 4 න් Live-Action දකින්න තිබ්බ. මෙයාට Cast කරන්න ඉදල තියෙන්නෙ Anne Hathway 😪
මෙයාට ස්පයිඩි එක්ක පොඩි සහ ලොකු මෙව්ව එකක් තියේ. (ලොකු කිව්වෙ සෙස් සීන් එකක් )👉👌 පල්ලෙහා පින්තූරෙ බලන්න.😂😂
මේ හැලොවී කාලෙ වෙන්න ඕනෙ. එතකොට ෆිල්ම් එක යන්නෙ නත්තල් කාලෙ. ඒ කියන්නෙ මේක Far from Home එකෙන් මාස 6 කට පස්සෙ වගේ කාලෙක යයි.
ඊට පස්සෙ පීටර් කොලුව යනව ඩොකාගෙන් උදව්වක් ඉල්ලගන්න. Sactum Sancturm (ඩොකාගෙ ගෙදර) එක හිමෙන් වැහිල තියෙන්නෙ. දන්නවනෙ Infinity War එකේදි ලොකු අයිය කෙනෙක් වහලෙ කැඩුව කියල 😂
![]() |
(ලොකු අයියා වහලෙ කඩන් පත බෑවුන තැන) |
ඊට පස්සෙ අපේ මෝඩ ඩොකා මේ යකාට උදව් කරන්න කැමති වෙනව. හැබැයි වොන්ග් නම් මේකට කැමැති වෙන්නෙ නෑ. පොර කියනව ඔය මූලික (BASIC) වැඩේ කරන්න එපා කියල. එහෙම කියල එයා යනව Shang-Chi ශූටින් වලට 😂😂 (ආතල් එකක් දීලා තියෙන්නෙ ඈ, ගෝන්නු වගේ එහෙම කොහොමද සූටින් වලට යන්නෙ කියලා හාන්ඩ එපා තැන // ගිහින්)
ඊට පස්සෙ ස්ට්‍රේන්ජ් පීටර් කියන්නෙ ස්පයිඩර් මෑන් කියල ලෝකෙටම අමතක වෙන්න Spell එකක් දානව. පීටර්ගෙ කෙස් ගහක් අරන් වෙන්න ඕනෙ මේ වැඩේ කරන්නෙ. එතකොට පීටර්ගෙ Wish එකෙන් තමා Spell එක වැඩ කරන්නෙ. (මිනිහ Eye of Agamotto එකත් හදල වගේ). හැබැයි මේ යකා අනතුරු ඇගවීම කරන්නෙ Spell එක කරන්න ඔන්න මෙන්න කියල. ඕං එතකොට පීටර්ගෙ ඇගේ ඉන්න ගොනා එලියට පනිනව. ඒ නිසා පොර කොම්පියුස් වෙලා Spell එක පිස්සු නටන්න ගන්නව.
(ගෑණු දෙනෙකුයි පොඩි කොල්ලෙකුයි මල්ටිවර්ස් එකට දෙන ආත්ල් එක ගැන ඩොක්ටර්ට මොකද හිතෙන්නෙ 😂)
ආයෙම කොමික් පැත්තට ගියොත් කොමික් වලදි Aunt May ව බේරගන්න පීටර් ඩොකාගෙන් උදව් ඉල්ලනව. ඊට පස්සෙ ඩොකා පීටර්ව ටයිම්ලයින් කීපෙකට යවනව එයාට උදව් කරන්න පුළුවන් කෙනෙක්ව හොයාගන්න කියල. (One more Day මට මතක හැටියට කොමික් එකේ නම).
![]() |
Spiderman One More Day Comic |
කෝමහරි එක ටයිම්ලයින් එකකවත් එයාට උදව් කරන්න කෙනෙක් හම්බවෙන්නෙ නැ. මේ නිසා පීටර් වෙන කෙනෙල්ගෙන් උදව් ඉල්ලනව. ඒ වෙන කවුරුත් නෙවෙයි මෙෆිස්ටෝ (Oh Shit Here We Go Again. මේ යකා කොහෙහරි ඉදන් එනවනෙ.) කොහොමහරි මෙෆිස්ටෝ පීටර්ට උදව් කරන්න්න පොරොන්දු වෙනව. හැබැයි එක කොන්දේසියක් උඩ. ඒ තමයි පීටර්ට කවදාවත් MJ ව බදින්න බෑ කියන එක. ඒ කියන්නෙ එයාගෙ මැරේජ් එක සැක්රෆයිස් කරන්න වෙනවා...
හරි ඊට පස්සෙ පෙන්නනව ඩොකා පීටර් එක්ක Mirror Dimension එකේ යනව. මේ යන ගමන් Multiverse එක ගැනත් කියනව. ලොකු ස’ ල දෙන්නම ඉන්නව කියල හිතමු අපි. (නෑ අපේ උන් දෙන්න නෙවේ 😂)
මේ පහල තියෙන්නෙ සචින් බ්‍රේක්ඩවුන් වීඩීයෝ එකේ කිව්ව කොමික් පැරඩයිස් එකේ දැම්ම එක
ඔන්න ඊට පස්සෙ අපි දකිනව Electro ගෙ පලවෙනි MCU Appearance එක. දන්නවනෙ චරිතෙ කරන්නෙ කවුද කියල. හැබැයි පොරට Comic Accurate ලුක් එකක් තමා දෙනව කියන්නෙ. මිනිහ මේ යුනිවර්ස් එකට එන තැන වෙන්න ඕනෙ මේ.
ඒ අස්සෙ පෙන්නනව ඩොකාගෙයි, පීටර්ගෙයි Argument එකක්. මෙහෙමයි අපි Doctor Strange ෆිල්ම් එකේ ඉදන් මේ ට්‍රේලර් එක වෙනකම් දකින්නෙ නාහෙට හන්නෙ නැති ඩොකෙක්නෙ. ඉතින් මල්ටිවර්ස් ඔෆ් මෑඩ්නස් වගේ ලොකු අවුල් ජාලයක් විසදන්න මේ ඉන්න එකාට බෑ. ඉතින් මිනිහට හොද Character Build Up එකක් තියෙන්න ඕනෙ. ඒක කරාවි මේකෙන්. Responsibility එකක් තියෙන එකෙක් එපැයි ඊලගට.
ඔන්න අපිට ඊට පස්සෙ Sandman, Green Gobliගෙ පම්ප්කින් (වට්ටක්කා අනෙහ්) බෝම්බ් එකක් සහ Doctor Octopus ගෙ සීන් ටිකක් බලාගන්න පුළුවන්. (Lizard කෑගහනව වගේ එකක් ඇහුනා ඒක සුවර් නෑ) ඔක්ටපස්ගෙ නම් CGI කරපු ලුක් එකක් තියෙන්නෙ. මොලීනා වයසයි නෙ. හැබැයි ඒක හැදුව කියල පේන ගතියක් දැනුන මට. කමක් නෑ ඉතින් තාම මේවගෙ වැඩ ඉවරත් නෑනෙ. මාස ගානක් තියෙනව ෆිල්ම් එක එන්න ඉතින් මේක හදල ගනී ශේප් එකේ. මුහුද හත් ගව්වක් තියල අමුඩෙ ගහන්නෙ නැතුව ඉමු. සාමන්යෙන් MCU ෆිල්ම් එක්ක CGI වල කොලිටිය අඩුවෙන්නෙ හරිම අඩුවෙන්. මිනිහා “Hello Peter” කියන්නෙ ටෝබිට වෙන්න ඕනෙ. (OMG Looks like Sinister Six is Coming). මේ ෆිල්ම් එකේ ඉන්නෙ Spider-Man 2 එකේ ගගට වැටුනු ඔක්ටපස් කියල මොලීනා කියල තිබ්බා. මට කියන්න තියෙන්නෙ Trollhunters එකේ මොලිනා ඩබ් කරපු බ්ලින්කිගෙ Iconic Dialog එක තමා (Holy Gwarkamorka😂)
![]() |
(Image - Marvel Fans India Twitter) |
මේ ට්‍රේලර් එකේ දකින්න ලැබුනා අලුත් ස්පයිඩිගෙ සූට් එකක්. මේක Magic වලට හරියන්න හදපු එකක් කියල තමා කියන්නෙ. Bennedict Cumberbatch මේක එයාගෙ FB එකේ දාල තිබ්බ මට මතක හැටි හරිනම්.
![]() |
(මේ සූට් එක වෙන්න ඕනි මතක විදියට) |
මේකට රිලීස් උන සෙල්ලම්බඩුවල අපිට Scorpion ව බලාගන්න පුළුවන් උනා. සමහරවිට Vulture, Scorpion දෙන්න ඉදීවි මේකෙ කැමියෝ එක්කට හරි.
තව කතාවක් ගියා ඔය රැල්ලට රූමර්ස් ආපු කාලෙ රූමර් එකක් ගියා මේකෙදි ගොබ්ලින් ඩොකාව හම්බවෙන්න එනව කියල. මෙතනදි ඩොකා අහනවලු මේ යුන්වර්ස් එකේ හිර උන විලන්ලට මතක අන්තිම දේ මොකද්ද කියල. එතනදි ගොබ්ලින් කියන්නෙ “The Spiderman” කියල.
දැනට LOKI, What if? සීරියස් වල පෙන්නපු හැටියට MCU එකේදි Multiverse = MultiTimelines නෙ. එතකොට ටෝබිගෙයි, ඇන්ඩෲගෙයි විලන්ල මේකට එන්නෙ කොහොමද ?
මට හිතෙනෙ ඩොකා අර Spell එකක් දාන්නෙ පීටර් ස්පයිඩි කියල කවුරුත් දන්නෙ නැති Timeline එකක් හදන්න. ඒත් පීටර් අන්තිම මොහොතෙ කන්ෆියුස් වෙන නිසා ඒඑක අවුල් ගිහින් Alternative Timeline වල ඉන්න චරිත මේ ටයිම්ලයින් එක ඇදිල එනව.
කොමික් වල Happy Birthday Storyline එකේදි එක පාරක් ඩොමාමුට යවන්න ඩොකා Cast කරන Spell එකක් පීටර් මැද්දට පැනල ඒකෙන් Timeline වගයක් Open වෙනව. මෙතනදි පීටර්ට එයාගෙ Future Version එකක් බලාගන්න පුළුවන් වෙනව. ෆිල්ම් එකේදිත් මෙහෙම වෙන්න ඉඩ තියෙනව. ගොඩක් දුරට එහෙම උනොත් Future Version එක විදියට ටෝබිගෙන් OldMan Spidey ව MCU එකට ගේන්න පුළුවන්. (ටෝබි තමා මේකට හරියන්නෙ මොකද Sam Raimi ගෙ ට්රිලෝජියෙ ග්ඩක්ම Focus කරේ පීටර් වීරයෙක් විදියට තමන්ගෙ Human Identity එක වෙන පීටර් පාකර් එක්ක තිබ්බ Struggle එක. ඒ වගේ කෙනෙක් තමයි මේ වෙලාවෙ ටොම්ට Mentor විදියට ඉන්න ඕනෙ)
![]() |
OldMan Spidy Fan Art |
![]() |
OldMan Spidy in Comics |
මේක මගේ තියරියක් ඈ. ඒ නිසා වරදින්න පුළුවනි. හැබැයි එකම වර්ශන් එකේ තුන් දෙනෙක් ගේන එක වැඩක් නෑ මං නම් කියන්නෙ. ඒ වෙනුවට ටෝබිගෙනුයි, ඇන්ඩෲගෙනුයි ස්පයිඩිගෙ වෙන වෙන වර්ශන් ගෙනාවොත් හොදයි. අනිත් වැඩේ නම් තේරුමක් නෑ කියලයි මටනම් හිතෙන්නෙ.
ඔන්න බ්‍රේක්ඩවුන් එක ඉවරයි. එච්චර හොද එකක් නම් නෙවේ. පන්තියකුත් කට ලග තියන් අධිවේගෙන් මේ ලියන්නෙ.😒
Eternals ගැන එකක් ලියාගෙන යනව ඒකත් ලබන සතියෙ වගේ වැටෙන්න පුළුවනි.😁
එහෙනම් ඉතින් Au revoir..!
පහළ ලින්ක් එකෙන් අපේ Spider-Verse Sri Lanka By Review Who Cares 🕸️ ෆේස්බුක් ගෲප් එකටත් ජොයින් වෙන්න ළමායී... ගමු ඒකෙත් සුම්පිරිම ආම්තල් එකක් අපි... ඇවිත් පෝස්ට් දාන්න...
https://www.facebook.com/groups/810456142999848
(සචින්ගෙ ට්‍රේලර් බ්‍රේක්ඩවුන් වීඩියෝ එක පහල තියෙනවා ඒකෙ මේකෙ නැති විස්තර ගොඩක් තියෙනවා, ඒකත් බලන්ඩෝ...)
Ara Venom ge scan eka one
ReplyDeleteමුන 🙄
Deleteනියමයි
ReplyDeleteDr octopus තරුන නිසා ටොබී හිටියොත් වයසක කැරැක්ටර් එකක් වෙයිද???
ReplyDeleteNiymi ❤
ReplyDeletespider man අලුත් ෆිල්ම් එක daredevil ටීවී සිරියස් එකට සම්බන්දයි කියන්නේ ඇත්තක්ද ?
ReplyDeletereview eka maru!!!wanda multiverse eke mona natumak natnawada danna ne neda guys!!! dn kattiyama eka bottuwe 😂
ReplyDelete