වට් ඉෆ් පළවෙනි එපියෙ මොකද උනේ? - What If Episode 01 Breakdown

 


හරි ඊයෙ ආවනෙ What IF? පලවෙනිම එපිය. කතන්දර නෑ පට්ට. එහෙනම් යමු බ්‍රේක්ඩවුන් එකට.

හරි මුලින්ම කියන්න ඕනෙ මේකෙ Animation Style එක. මේකට හැමෝම කියන්නෙ මාවල් එකටම ආවේණික එකක් කියලනෙ. නෑ මේක තිබ්බ නෙට්ෆ්ලික්ස් ලගෙ Dragon Prince සීරිස් එකේ සහ Pacific Rim: The Black සීරිස් එකෙත් මේකට ටිකක් සමාන ස්ටයිල් එකක් තමා තිබ්බෙ (The Black එක අනිවාරෙන් බලන්න ඈ. ඒක නොබල ඉස්සරහට එන ෆිල්ම් එහෙම බලල වැඩක් නෑ. මොකද ඒක Uprising War එකෙන් පස්සෙ ටයිම්ලයින් එක්ක යන්නෙ). මේ ස්ටයිල් එකේ විශේෂත්වය තමා මේක පාවිච්චි කරන ප්‍රොජෙක්ට් වල එච්චර වයලන්ස් නෑ. Black එකේ තිබ්බ ටිකක්. ටිකක් ඈ.

(Pacific Rim : The Black)

මේකෙ තිබ්බ ලොකු අඩුපාඩුවක් වයලන්ස් අඩු එක. ඒ කියන්නෙ ලේ වැගිරීම් එහෙම... වයලන්ස් වැඩියි කියල එපිසෝඩ් දෙකක්ද කොහෙද හලලම තිබ්බ. Moon Knight එකට මොනා වෙයිද මන්ද. (ඉස්මයිල් ඉන් පේන්) හැබැයි මේක MCU එකේ පලවෙනි ඇනිමේශන් ප්‍රොජෙක්ට් එක. එච්චර රිස්ක් එකක් ගන්න කොහොමත් කැමති නෑනෙ. මොකද MCU එකේ ඔය PG-13 ගතියට වෙනම ෆෑන්බේස් එකක් ඉන්නව. හැබැයි ඉස්සරහට ඔව්ව වෙනස් වෙනව. මොකද Deadpool 3 එක R-rated කියල දැනටම Confirmed. ඒ නිසා ඇසට හුරුකරමු. 

මේකෙදි අපිට Narrator කෙනෙක් වගේ කෙනෙක් ඉන්නෙ. සමහරු වරද්දගෙන තිබ්බ මේ ගැලැක්ටස් කියල. නෑ මේ ඉන්නෙ Watcher කෙනෙක්. (GOTG 2 එකේ ස්ටෑන්ලි මහත්තයාගේ කැමියෝ එකේ හිටිය මුන්.) Watchers ල කියන්නෙ විශ්වයේ ඉන්න බලවත්ම ජීවීන් කොට්ඨාශයක්. මෙයාල කරන්නෙ විශ්වයේ වෙන දේවල් නිරීක්ෂණය කරන එක සහ මෙයාල විශ්වයේ වෙන දේවල්වලට වැඩිය Interfere වෙන්නෙ නෑ. Uatu කියන Watcher තමා අපිට මේකෙදිනම් අපිට පෙන්නන්නෙ. Watcher ලඩෙන් ජනප්‍රියම කෙනා තමා මේ Uatu කියන්නෙ. මෙයා අනිත් Watcher ලට සාපේක්ශව වැඩිපුර Interfere වෙන කෙනෙක්. අපේ රීඩ් රිචර්ඩ්ට (අර අතපය ඇදෙන පොර, ෆැන්ටාස්ටික් 4 එකේ ඉන්නෙ, මිස්ටර් ෆැන්ටාස්ටික් කියන්නෙ) එහෙම උදව් කරනව මෙයා කොමික්වල. මෙයාව මරන නිසා කොමික් වලට ඉවෙන්ට් එකක් පටන්ගන්නව. ඒක තමා Original Sin කියන්නෙ.

(ගාර්ඩියන්ස් ඔෆ් ද ගැලැක්සි 2 එකේ සීන් එකේ වොචර්ස්ලා)

(Uatu සහ රීඩ් රිචර්ඩ්ස්)

(අපේ වොචර්)

හරි මේකෙ අපි දැක්කෙ ස්ටීව් වෙනුවට පෙගීට සීරම් එක හම්බුන ටයිම්ලයින් එකක්. යුනිවර්ස් එකක් කියන්නත් පුළුවන්. (මොකද MCU එකේදි Multiverse = Multi Timelines.Loki එකේදි ලොකියයි ලොකියයි ටයිම්ලයින් එකට කෙලියනෙ. (සිල්වි උනාට එයා ලොකි කෙනෙක් හරිතේ) එතකොට අර Sacred Timeline එකට මෙපිස්ටො (යකා - The Devil) ගහල හැදුන Branches ටික තමා මේ. ඒ කියන්නෙ මේ ඉන්නෙ අපේ Original කැපාගෙ Variant කෙනෙක්.


ඒ වගේම අපිට බලාගන්න පුළුවන් උනා හොවාඩ් ස්ටාක් (ටෝනි ස්ටාර්ක්(අයන් මෑන්)ගෙ තාත්තා) හදන Mech Suit එක. මේක Ironmonger සූට් එකට සමානයි. හැබැයි මේ ඉන්නෙ අයන් මෑන් නෙවේ Hydra-Stomper.

(හයිඩ්‍රා ස්ටෝම්පර්)

(වට් ඉෆ් එකේ සහ ෆිල්ම්ස් වල හොවාර්ඩ් ස්ටාර්ක්)

පොඩි Twist එකක් තිබ්බ එපියෙ. ස්ටීව් අර කෝච්චිය නවත්තන සීන් එකේදි හිම වලට යට උනානෙ. මූ Winter soldier වෙයි කියලමයි මට හිතුනෙ. හැබයි ඒක වෙනස් උනා එපියෙ අන්තිමට.

සුපුරුදු පරිදි මාවල් එකෙන් මේ පාරත් ෆෑන්ලට ජාත්‍යන්තර ආතල් එකක් දුන්න. ට්‍රේලර් එකේ අර පෙගී කඩුවක් අරන් ඉන්නකොට. මේක ඩොකා දීපු එකක් කිව්ව, Enchanted එකක් කිව්ව, එකෙක් Ebony Blade එකත් කිව්වද කොහෙද. කෝමහරි මේ පාරත් කැත ගොක් එකක් කොරා. ( Trollhunters  ෆෑන්ලට ඔය ආතල් එක සෙට් උනා Wizards ට්‍රේලර් එකෙන්. දන්නෝ දනිති. ) No way Home එකේ ට්‍රේලර් එක එනකම්ම ශුවර් කරන්න්න එපා ඔය රූමර්ස් එකක් වත් නැත්තම් ඉතින් අහෝ දුකකි ඉරකි තිතකි.

(කඩුව සහ රෙඩ් ස්කල් ගේන්න හදපු රාක්ශයා)

 මේ රාක්ශයා කවුද ?

සමහරු කියනව Shuma-Gorath කියල. හැබැයි Doctor Strange 2 එකේ පොර ඉන්නවා කියනවනෙ. එතකොට ඩොකාට ඇ*** ලෙප්ට් වෙන්න කෙඉන්න යන එකෙක්ව ඔහොම නවත්තගන්න පුළුවන්ද කියන එකනම් ප්‍රශ්නයක්. ඒ වගේම පොරට මාන අතර යන්න අමුතුවෙන් උදව් ඕනෙත් නෑ මං හිතන්නෙ. ඒ වගේම A.C. Bradley කියල තිබ්බ මේ රාක්ශයව හදන්න GOTG2 එකේ Abilisk ව ඉන්ස්පයර් කරගත්ත කියල. එතකොට මේ සීරිස් එකට හදපු එකෙක් වෙන්නත් පුළුවන්. මූ නිකන් සුයිසයිඩ් ස්කොඩ් එකේ විලන් ස්ටාරෝත් වගේ නෙහ්???

 

(ස්ටාරෝ)

එපිසෝඩ් එක බලපු අයට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමයි පෙගී කොහොමද Time Travel කරේ කියන එක. ඒක වෙන්නෙ මෙහෙමයි. පෙගී අර Portal එක අස්සට වැටුනට පස්සෙ ඒක වැහෙනව. ඒ නිසා පෙගී ඒක ඇතුලෙ තප්පර කීපෙකට හිරවෙනව. ඊට පස්සෙ ආපහු ශීල්ඩ් එකෙන් Portal එකක් අරින්නෙ අවුරුදු හැත්තෑවකට පස්සෙ. ඒ ඇරින වෙලාවෙ තමා පෙගී ආපහු එන්නෙ. (ෆිල්ම් සෙට් එකේ ඔතන ලෝකි එන්නෙ, මතකනේ???)

 

(ඇවෙන්ජර්ස් පළවෙනි ෆිල්ම් එකේ ලෝකි - 2012)

හැබැයි මං දැක්කෙ නෑ කවුරුත් මේකෙ One Million Dollar Question එක අහල තිබ්බ.අපි දන්නවනෙ පෙගී තමා MCU එකේ ශීල්ඩ් එක හදන්නෙ කියල. එතකොට මේකෙදි කවුද ශීල්ඩ් එක හැදුවෙ? ගොඩක් දුරට මේ ස්ටීව් වෙන්න පුළුවන් . නැත්තම් හොවාඩ් ස්ටාක්.

මේකෙ වැදගත්ම දේ ගැන Spoiler Discussion Thread වල කතා කරේ නෑ. මේ එපිය ඇතුලෙදි Feminism සහ System එකේ තියෙන Corruption එක ගැන කතාකරල තිබ්බ.

මතකනෙ මේකෙ හිටපු කර්නල් කාරය එහෙම පෙගීට කියන්නෙ එයා සීරම් එක ගත්ත එක ව්‍යාපෘතිය අපතේ යෑමක් කියල. මොකද එයා ගෑණියෙක් නිසා. ඒ වගේම මිනිහ පෙගීව දිගින් දිගටම හෑල්ලු කරනවත් අපි දැක්ක. (දැන් කාලෙ සෑහෙන්න අඩු උනාට ඔය 1900 මුල් කාලේ අම්බානට දේවල් පුරුෂ මූලිකයි) හැබැයි පෙගී කරන වැඩ වලින් ආපු කීර්තිය මිනිහ තමන් කරා වගේ අරගන්නව. ඕක තමා සිස්ටම් එකේ හැටි. ඔය මගුල කියන්න ගිහින් තමා ඇඩ්මින්ල දෙන්න රැඩිකල් පින්නයො කියල බැනුම් අහගන්නෙ. Wonder Woman (2017) ෆිල්ම් එකෙත් ඕක තිබ්බ.

 ඔන්න බ්‍රේක්ඩවුන් එක ඉවරයි. අද Titans Season 03 ස්ට්‍රීම් වෙන්න පටන් ගන්නව. ඒකටත් බ්‍රේක්ඩවුන් වැටෙයි සයිට් එකේ එකේ. සෙට් වෙලා ඉන්න.


What IF..? S01E02 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/08/what-if-episode-02-breakdown.html

2 Comments

  1. ආතල් එපිය හැබැයි... කැප්ටන් ඇමෙරිකා පළවෙනි ෆිල්ම් එක බලලා කාටහරි බලන්න පුලුවන් නම් එපිය, පට්ට විදියට ෆීල් කරන්න පුලුවන්...

    ReplyDelete
  2. එපිය මරු....👌👌👌

    ReplyDelete
Post a Comment
Previous Post Next Post