ඇවෙන්ජර්ස්ලා මේ ලෝකේ හිටියේ නැති උනොත්? - What IF..? Episode 3 Breakdown





මේ සතියනම් මැරු හැබැයි. No Way Home ට්‍රේලරේ ආව, ඊයෙ Batman අලුත් Footage එකක් රිලීස් උනාලු (ඒකනම් අපිට බලන්න උනේ නෑ), තව Stargirl, What IF? සීරිස් වල අලුත් එපිසෝඩ් රිලීස් උනා. අද Titans අලුත් එපිය එනව (ඒකනම් මම බලන්න්නෙ නෑ හැබැයි).

 එහෙනම්  වැඩි කතා නැතුව බ්‍රේක්ඩවුන් එකට බහිමු.

මුලින්ම කියන්න ඕනෙ මේ එපිය පුරාම  Monday, Tuesday කියල දවස් වල නම් දානව. මං හිතන්නෙ මේකට අයිඩියා එක අරන් තියෙන්නෙ Se7en ෆිල්ම් එකෙන්. ඒක්ත් දවස් හතක කතාවක්නෙ යන්නෙ.

Se7en (1995)


ලොකු ජංජාලයක් කවුරුහරි ඇවෙන්ජර්ස්ලව මරන්න පටන් අරන්. මුලින්ම මරන්නෙ ටෝනිව. මේක Iron Man 2 එකේ තිබ්බ සිදුවීමක් තමා වෙනස් කරල අරන් තියෙන්නෙ. වෙනසකට තියෙන්නෙ මේකෙදි ටෝනි මැරෙන එක.



මතකද Captain America: The First Avenger එකේදි ස්ටිව් සීරම් එක අරන් Super Soldier වෙද්දි හොවාර්ඩ් කණ්ණාඩි දෙක පාත් කරපු විදිය.



මෙතන ටෝනිත් ඔය විදියටම ඒ වැඩේ කරනව. ඒ වගේම ෆිල්ම් එකේ මේ සිද්ධිය තිබ්බ විදියටම සීරිස් එකේදිත් ගොඩක් දේවල් Accurate කරන්න උත්සාහ කරල තියෙනව. Because Everything is connected in the MCU.

කෝමහරි ටෝනිව මරන වැඩේට අහුවෙන්නෙ නටාශව. ඊට පස්සෙ නටාශ වැඩ කෑල්ලක් දාල පැනගන්නව.

 


ඊට පස්සෙ අපිට පෙන්නන්නෙ තෝර් මිටිය අරගන්න එන කොටස. ගොඩක් කට්ටිය හිතාගෙන හිටිය විදියටම මෙතනදි ක්ලින්ට් අතින් තෝර් මැරෙනව. හැබැයි ඒක උනේ කොහොමද කියල ක්ලින්ට් වත් දන්නෙ නෑ. අන්තිමට නොදන්න හේතුවක් නිසා ක්ලින්ට්වත් හිර කූඩුවෙ ඇතුලෙම මැරෙනව. ගොඩක් කට්ටිය අහල තිබ්බ තෝර් තනි ඊතලේකින් මැරුනෙ කෝමද කියල. මෙතන ඉන්නෙ බලයක් නැති තෝර් කෙනෙක්. (Thor (2011) ආපහු බලන්න)

 


ඔන්න ඊට පස්සෙ තෝර්ගෙ සහෝදරය ලෝකි ඇස්ගාඩියන් හමුදාවක් එක්ක මිඩ්ගාඩ් වලට එනව තෝර්ගෙ මරණෙ පලිය අරගන්න. මේ එනේනෙත් තෝර් පතබෑවුන තැනටමයි (Bumblebee 2018 ෆිල්ම් එකේ මේ වගේ තැනක් තිබ්බ).

Thor (2011)


මෙතන අපිට Destroyer ඉන්නව බලාගන්න පුළුවනි.



ඒ වගේම ලෝකි කියනව තමන් ඇස්ගාඩ් වල Crown Prince කියල. මොකද මේ වෙද්දි තෝර් මැරිල ඉන්න නිසා.  හැබැයි අපේ ෆියුරි කොල්ල ගිවිසුමක් ගහනව ලොකියත් එක්ක මේ වැඩේ නවත්තගන්න.



ඔය අස්සෙ නටාශ යනව බෙටී රොස් ව හොයාගෙන. මෙතන බෙටීට නටාශව හම්බවෙද්දි බේටිගාව තියෙන පොත දිහා බලන්න. ඒකෙ උඩ කොළ පාටයි යට ටික දම්පාටයි.



දන්නවනෙ හල්ක්ගෙ තියෙන්නෙත් ඔය පාටමයි. නටාශ බෙටීගෙන් උදව් ඉල්ලනව ටෝනිට උන දේ ගැන විස්තර හොයන්න. බීටෙ ඔෆිස් එකේදි අපිට දකින්න පුළුවන් තොප්පියක Stanley”s කියල ගහල තියෙනව. මං හිතන්නෙ මේක හල්ක් චරිතෙ නිර්මාතෘ ස්ටෑන්ලීට දීපු රෙෆරන්ස් එකක් වෙන්න ඕනෙ.

 


මෙතනදි නටාශට මුණ ගැහෙනව බෲස් බැනර්ව. කොමික් වල හල්ක්ට අපායයි මිනිස් ලෝකයයි අතර Travel කරන්න පුළුවන් පොඩි කේස් එකක් තියේ. සමහරවිට මේ කබඩ් එකක් අස්සෙ එන එකෙන් ඒක Reference කරා එන්න පුළුවන්.



හැබැයි මෙතන ඉන්නෙ නෝටන් නෙවේ Mark Ruffalo. දන්නවනෙ නෝටන් ඕනෙවට වඩා Incredible Hulk (2008) ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එකට අත දාන්න ගිහින් චරිතෙ නැති කරගත්ත කියල. කොහොමත් නෝටන් කියන්නෙ හොලිවුඩ් වල එකට වැඩකරන්න අමාරුම නළුවෙක්.

 

Edward Norton as HULK aka Bruce Banner

ඊට පස්සෙ ෆිල්ම් එකේ උන විදියටම මෙතනට ජෙනරල් රොස් එනව.


හැබැයි මෙතන රොස් එක්ක බ්ලොන්ස්කි හිටියෙ නෑ. (මතකනෙ
Abomination උන ඩෑල් එක).

බ්ලොන්ස්කි (The Incredible Hulk 2008)


පස්සෙ මෙතන හල්ක්ට යකා වැහිල Army එකේ උන්ව සම්බෝල කරන්න ගන්නව. ඒ අස්සෙම එකපාරටම පොරව පුපුරල යනව. (Antman තානොස්ගෙ පු** අස්සෙන් රිංගල ලොකු උනොත් මොනා වෙයිද කියල කට්ටියට පැහැදිලි වෙනව ඇති).

 



මේ සිද්ධියෙන් පස්සෙ නටාශ කොල්සන්ගෙ ප්‍රොෆයිල් එක පාවිච්චි කරල Avengers Initiative එකට සම්බන්ධ උන අයගෙ විස්තර හොයන්න ගන්නව. මේ ලිස්ට් එකේ ජැනට් වෑන් ඩයින් පවා ඉන්නව අපිට බලාගන්න පුළුවන්.



ලොකුම ආතල් එක තියෙන්නෙ කොල්සන්ගෙ පාස්වර්ඩ් එකේ.



කොහොමත් මිනිහ කැපාගෙ හෙන රසිකයෙක්. (Ultimate Spiderman යනවනෙ මේ දවස්වල සිරසෙ. ඕකෙ තියෙනව කැපා ශීල්ඩ් එකත් එක්ක පීතර කොලුව කෙලින පිස්සුවක්. හෙනම ආතල් එපිසෝඩ් එක.) කෝමහරි ඉතින් අන්තිමට නටාශවත් මරල දානව.

 


Avengers ල හැමෝම වගේ මැරෙන නිසා ෆියුරි මෙන්ටලි සෑහෙන්න වැටෙනව. මේක හොදටම පේනව කොල්සන් එක්ක යන කතාබහේදි. ඔය කතාබහේදි තමා ෆියුරිට තේරුම් යන්නෙ “It’s All about Hope” කියල නටාශ අදහස් කරේ මොකද්ද කියල. එතකොට ඇවෙන්ජර්ස්ලව මරල තියෙන්නෙ හෑන්ක් පිම්. අප්පගෙ ප්ලොට් ට්විස්ට් ඒවනම්.

 

හෑන්ක් පිම්

එතකොට හෝප් මැරුනෙ කොහොමද ?

ඕකට එක එක අය එක එක තර්ක කියනව. මට හිතෙන්නෙ මේකයි.

මතකනෙ Captaon America: Winter Soldier (2014) එකේදි නටාශ කියනව වින්ටර් සෝල්ජර් එයා ආරක්ශා කරපු Scientist කෙනෙක්ද කොහෙද මරපු කතාවක්. මං හිතන්නෙ මේ යුනියෙදි ඒ හෝප් වෙන්නැති කියල. මොකද හෝප්ට මේ කාලෙදි සූට් එකක් තිබ්බෙ නෑනෙ.

හැබැයි මෙතන පොඩි අවුලක් තියෙනව. හෑන්ක් මොකටද ඇවෙන්ජර්ස් ලව මරන්නෙ. කොච්චර තරහක් තිබ්බත් ඇවෙන්ජර්ස් ලව මරන්න තරම් ඒ වගේ මොළයක් තියන මිනිහෙක් මෝඩ වෙන්නෙ නෑ. කොමික් වලදි හෑන්ක් Yellow Jacket සූට් එක අදිද්දි Pim particle නිසා එයාගෙ Personality එක වෙනස් වෙනව. ඉතින් මේකෙත් Yellow Jacket සූට් එක තිබ්බ නිසා එහෙම උනා වෙන්නත් පුළුවන්. (කොස්ටියුම් එකනම් Accurated as Shit. හෙල්මට් එක විතරයි වෙනස්.)

 

Comic vs. What IF?

මං එපියෙ කැමතිම තැන තමයි ලොකිය ෆියුරිගෙ Illusions ගොඩක් හදල හිනා වෙන තැන. ඔය කැත අංගවිකල හිනාව දන්නෙ නෑ කියන්නෙ ඔයා පට්ට ප්ලොට් ට්විස්ට් එකක් තිබ්බ ෆිලුමක් මිස් කරල.

 


අන්තිමට එපිය ඉවර වෙන්නෙ ෆියුරි අයිස් යට ඉන්න කැපාව හොයාගෙන එතනට කැප්ටන් මාවල් එන තැනින්. (හරියට Captain Marvel ෆිල්ම් එකේ Post credit එක වගේ.). අන්තිමට එපිය ඉවර කරන්න දාන්නෙත් Captain Marvel Theme එක.

 


මට දැනට ආපු එපි ඔක්කොගෙම වගේ මීටර් උන එක දෙයක් තියෙනව. හැම එපියම ඉවර වෙන්නෙ ලොකු Cliff Hanger එකකින්. සීරිස් එකේ අන්තිමට ලොකු වෙඩිමක් සෙට් වෙයි වගේ.

එහෙනම් ඕන් බ්‍රේක්ඩවුන් එක ඉවරයි. Eternals ලිපියෙත් බාගයක් වගේ තියෙන්නෙ ලියන්න. ඒකත් ඉක්මනටම දෙන්නම්.

එතකම් Au revoir!!!


What IF..? S01E02 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/08/what-if-episode-02-breakdown.html


What IF..? S01E04 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/09/what-if-episode-4-breakdown.html

2 Comments

Post a Comment
Previous Post Next Post