ලංකාවෙම කරන්ට් ලෙප්ට් වෙලා සිකුරාදා (03) දාන්ඩ හිටපු බ්රේක්ඩවුන් එකත් ලෙප්ට් වෙලම ගියා... ඔන්න අද දානෝ ශෙවානුයි මායි එකතු වෙලා ලංකාවෙ එකම වීල් ඔෆ් ටයිම් එපිසෝඩ් බ්රේක්ඩවුන් එක 🔥👌
වැදගත් - වීල් ඔෆ් ටයිම් පොත් සීරීස් එකේ පළවෙනි පොතේ සිංහල පරිවර්තනය දැන් එලියට ඇවිත් තියෙන්නෙ. ඔයාට ගෙදෙට්ටම මියුසස් පොත් ප්රකාශකයන්ගෙන් ගෙන්න ගන්න පුලුවන්... පහළ තියෙන එයාලගෙ ෆේස්බුක් පිටුවට හරි වට්සැප් නම්බර් එක වෙන 0741007064 ට මැසේජ් කරලා හරි නැත්තං එයාලගෙ වෙබ් සයිට් එකෙන් හරි ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්...
මියුසස් පොත් ප්රකාශකයන්ගේ වෙබ් අඩවිය - https://www.musesbooks.com
බ්රේක්ඩවුන් එකට යන්න කලින් විශේෂ දෙයක් මතක් කරන්න තියෙනවා ඒ ගොඩක් අය වැරදියට හිතනවා නයිනීව් තමයි මකරා කියලා ඒත් ඒක වැරදියි පොත් වලට අනුව නයිනීව් නෙමේ මකරා මැට්, රෑන්ඩ්, පෙරින් හෝ ඉග්වීන් ගෙන් කෙනෙක් තමයි මකරා ඒ 4 දෙනාගෙන් කවුද කියලා මම කියන්න යන්නේ නෑ ඒත් නයිනීව් මකරා නෙමේ අපි ඒ දැක්කේ එයාගේ බලය එයාට ගොඩක් ලොකු බලයක් තියෙනවා ඒ ගැන පැහැදිලි කිරීමක් කතාවේ ඉස්සරහට කරයි.
(නයිනීව් මැඩම්ගෙ පවර්ස්) |
නිකන් නයිනීව්ව මකරා කියලා ටීවී සීරීස් එකේ පෙන්නලා දුන්නොත් පොත් කියවලා තියෙන ෆෑන්ස්ලගෙන් ගුටි කන්න වෙන්නේ.ඒ හින්දා එහෙම දෙයක් වෙන්නේත් නෑ නයිනීව් මකරාත් නෙමේ. දැන් බ්රේක්ඩවුන් එකට යන්...
(ගීල්ඩන්) |
4වෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ ලෝගේන් ගිහින් පහර දෙනවා ගීල්ඩන් රාජධානියට ඔයාලා දකින්න ඇති... මේ ලෝගේන් ට කවුරු හරි කතා කළුම කළු දෙන්නෙක් ලොගේන්ට කතා කරනවා... මේ මෙයාගේ ඇගේ තියෙන අඳුර අපි ඒ දැක්කේ කොහමහරි මෙයාව මකරා විදියට පිලිගන්න ගොඩක් පිරිසක් එයා වෙනුවෙන් ඉන්නවා ඒත් මේ ලෝගේන් ඇත්තටම මකරා නෙමේ කියලා අයි සෙඩායිල නම් දන්නවා කොහොම වුනත් අපි දැක්කා මෙයා එතන හිටපු තවත් සෙබළෙක් වත් එයාගේ පැත්තට ගත්තා එයාට අනුගාමිකියන් එකතු කර ගැනීමක් මතෙන වූනේ...
ඔන්න සුපුරුදු විදියට අර සුපිරි intro එක පටන් ගත්තා ඒක ගැන කතා කරලා තියෙනවා මුල් Episode 3 ලිපියේ ඉතින් අපි ඊට පස්සේ කෙලින්ම එන්නේ Episode 3 ඉවර වුන තැනටමයි මව්.රේන්ට Red Ajah ලාව (රෙඩ් ආජලා ගැන තියෙනවා මේකෙ යටම දාලා ලිපියේ) හම්බවෙච්ච තැන ඉතින්... අපි ඊට පස්සේ දැක්කා මේ අය කූඩාරම් ගහලා නැවතිලා ඉන්නේ අයි සෙඩායි ලා වර්ග කිහිපයක්ම.
මෙතනින් පස්සේ මේ චරිත කතා බහ කරන දේවල් ගැන හොදට අහන්න බලන්න.. මොකද ඒ ටිකේ වැදගත් දේවල් ටිකක් කතා කරා ඒ මොනාද කියලා දැන් කතා කරමු.
මෙතන නයිනීව් එකක් අර රෙඩ් ආජා කතා කරලා ගියාට පස්සේ නයිනීව් ලෑන්ට කිව්වා මේ අය සර්පයෙක් වගේ කියලා මෙහෙමයි මේක කට්ටිය Harry Potter බලලා තියෙනවා නේ ඒකෙත් ඔය Slytherin (මැල්පෝයි කොලුවගෙ හවුස් එක අනෙහ්, ස්ලිදරින්) තියෙන්නේ ඊට ටිකක් සමානයි මේ Red Ajah ලත් ඒත් Red Ajah ලා කතාවේ හතුරෝ නම් නෙමේ. අපි තව දන්නවා නේ ලෑන් කියන්නේ මොව්රේන්ගේ වෝඩර්. ඒ වගේම අපිට Green Ajah කෙනෙක්ට ඉන්න වෝඩර් කෙනෙක්වත් අපිට හම්බුනා.
(රෙඩ් ආජලා) |
ඉතින් ඊට පස්සේ අපි දැක්කා ඔන්න ලෝගේන්ගේ සේනාව නැත්නම් ලෝගේන් තමයි මකරා කියලා විශ්වාස කරන අය පහර දෙනවා අයි සෙඩායිලා ඉන්න තැනට (ආයෙත් මතක් කරන්නම් ලෝගේන් කියන්නේ ඇත්ත මකරා නෙමේ එයා false dragon[බොරු මකරෙක්] කෙනෙක් විතරයි ඒ කියන්නේ එයා මකරා නෙමේ, [තමන් මකරා කියලා කියාගන්න තැන තැන පොයි කෙල කෙල යන ඩෑල් එක්ක විතරයි])
අපි මෙතනදී අයි සෙඩායිලා කීප දෙනෙක් ගේම වන් පවර් එක (One Power) එක දැක්කා ඒ සීන් ටික නම් තනිකර සුපිරියක්.මේ අයි සෙඩායිලා උත්සාහ කරන්නේ මේ ලෝගේන්ගේ තියෙන අඳුර අයින් කරන්න ලේසිම විදියට කිව්වොත්.
(ඝැම්මක්) |
මේ දේවල් වෙන අතරේම අපි දැක්කා මැට් රෑන්ඩ් හා අනිත් කෙනා ඒ අය එක්ක තව පොඩි ගමකට ඇවිත්. ඒත් මෙතන මට කතා කරන්න ඕනේ අපි ඊට ටිකකට පස්සේ දැක්කා මැට් අර ඒ ගමේ ඒ අයට ඉන්න දුන්න ගෙදර අය ඔක්කොමව මැට් මරලා.
මේක එයා ඕන කමින් කරන දෙයක් නෙමේ මෙයාවත් අර ලෝගේන් වගේ අදුර පාලනයක් කරන එකක් තමයි තියෙන්නේ මේ මැට්ගේ ඇඟ ඇතුලේ දැන්, මේ ඔක්කොම වෙන්න ගත්තේ අර ශේඩාර් ලෝගාත් වල තිබ්බ පිහිය මැට් ගත්තට පස්සේ ඉග්වීන් පෙරින් දෙන්නාට නම් කතාවේ නම් වැඩි දෙයක් මේ එපිසෝඩ් එකේ අවධානය යොමු කරේ නෑ.
දැන් ආයේ ලෝගේන්, මව්රේන් හා නයිනීව් ඉන්න පැත්තට යම් මෙතන මේ අය ලෝගේනගෙ අඳුර ඉවත් කරන්න යද්දී අර ග්රීන් ආජාට ප්රහාරයක් වදිනවා ඉතින් එයා එකනම මැරුණා ඊට පස්සේ එයාගේ වෝර්ඩර් අර මම බ්රේක්ඩවුන් එකේ මුල කිව්වේ ආන් ඒ පොර ඇවිත් වැඩේ විනාස කරනවා ලෝගේන්ව මරන්න ගිහිල්ලා. ඒකෙන් හැමෝටම ප්රහාර එල්ල වෙලා දරුණුවට තුවාල වෙනවා. මේක නයිනීව් දැක්කා එයාගේ බලය වැඩ කරන්න ගන්නේ මෙතනදී ලෑන්ට ගොඩක් දරුණුවටම තුවාල වෙලා තියෙනවා මේක දැකලා තමයි මෙයාට වැඩියෙන්ම තරහ යන්නේ. ඉතින් මේක මෙයාගේ බලය අපි දැක්කා මෙයා මකරා නම් නෙමේ ඒත් මෙයාට ලොකු බලයක් තියෙනවා. මෙයාව මකරා කරනවා නම් ටීවී සීරීස් එක හදපු අය ගුටි කනවා ඇති වෙන්න පොත් වල ෆෑන්ස්ලගෙන් ඒ හින්දා ඒ වගේ මෝඩ දෙයක් වෙන්නේ නෑ. රෑන්ඩ්, මැට්, පෙරින් හෝ ඉග්වීන් ගෙන් කෙනෙක් තමයි මකරා වෙන්නේ අන්තිමට.කොහොම හරි නයිනීව්ගේ බලයෙන් අර ලෑන් මව්රේන් හා හැමෝම නැවතත් සුව වෙනවා.
(නයිනීව්ගෙ පවර් එක) |
අන්තිමට ලෝගේන් ළග තිබ්බ අදුර අයින් වෙනවා ඉස්සරහට ගොඩක් දුරට ටීවී සීරීස් එකේ ලෝගේන් හොද චරිතයක් විදියට මේ අයගේ වැඩ වලට උදව් වෙයි ඒ වගේම ලෝගේන්ටත් මේ කතාවේ තව ලොකු අනාගතයක් තියෙනවා....
ඉතින් බ්රේක්ඩවුන් එක ඉවරයි. 05 වෙනි එපිසෝඩ් එකේ බ්රේක්ඩවුන් එකෙන් හම්බෙමු ළමායී... යට ලිපි දෙකත් අනිවාර්යෙන් කියවන්න... නැත්තන් කතාව තේරෙන්නෙ නෑ ඔයාට...
අපේ විල් ඔෆ් ටයිම් ෆේස්බුක් ගෲප් එක 👇
https://www.facebook.com/groups/453362446121748
(මේකෙ ඔයාට සීරීස් එක ගැන ඕනෙම ගැටලුවක් අහම්න. මං [සචින්] හරි ශෙවාන් හරි උත්තර දෙනවා...)
මේක බ්රේක්ඩවුන් එකක්යැයි. එපියේ වෙච්ච දේවල් ඔහේ කියාගෙන ගිහිල්ලනේ. ඒ ටික ඕන පොඩි ළමයෙක්ට තේරෙනවා.
ReplyDeletepothe hatiyata kavud makara kiyannako
ReplyDelete